5000 නෝට්ටු 30ක් සමග තුනක් මාට්ටු ව්‍යාජ රුපියල් 5000 නොට්ටු 30ක් සමග සැකකරුවන් තිදෙදෙනකු අකුරැස්ස පොලිසිය විසින් අද සවස අත් අඩංගුවට ගෙන ඇතැයි දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි. 28 June 2023
විදුලි ගාස්තු සංශෝධන අවසන් තීරණය 30 වැනිදා විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාව පිළිබඳව අවසන් තීරණය මේ මස 30 වැනිදා (සිකුරාදා) ගන්නා බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා අද (28) පැවසීය. 28 June 2023
බුද්ධ දේශනාව ලොවට ගෙන යන්න කාර්යාලයක් බුදුන් වහන්වසේ දේශනා කළ උතුම් වූ බුද්ධ දර්ශනය ලොවටම ගෙන යාමේ වැඩ පිළිවෙල ක්‍රමවත්ව සහ විධිමත් වූ ක්‍රියාවලියකට අනුව කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ පරිශ්‍රයේදී බෞද්ධ සබඳතා පිළිබඳ කාර්යාංශයක් ස්ථාපිත කළේය. 28 June 2023
අමතර පන්ති නිසා රජරට දරුවන් අතරමං වෙලා අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ගණිතය හා විද්‍යා විෂයයන්වලින් එහි ප්‍රතිඵල අනුව උතුරු මැද පළාතට හිමිව ඇත්තේ නවවෙනි ස්ථානයට පත්ව ඇති බව උතුරු මැද පලාත් ගණිතය විෂය බාර අධ්‍යක්ෂිකා ජිනාදරි තේනුවර මහත්මිය සඳහන් කළාය, 28 June 2023
දියණියගේ පෙම්වතා නගරය මැද දන ගස්සලා ත්‍රිරෝද රථ රියදුරකු ගේ දියණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගියැයි කියන පවසමින් පාසල් සිසුවකුට කිතුල් පොල්ලක් පෙන්වා මරණ තර්ජනය කර ඌරපොල බුදු මැදුර අසල සෑහෙන වෙලාවක් දණගස්වා තබන ලදැයි කියමින් සිසුවාගේ මව පැමිණිල්ලක් කළ බව අත්තනගල්ල පොලීසිය පවසයි. 28 June 2023
ජූනි මස තේමිල සියයට 40කින් පහළට ශ්‍රී ලංකාවේ තේ මිල ජූනි මස මැද භාගයේදී සියයට 40 කින් පමණ පහත වැටී ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී ඇත. 28 June 2023
ගිලන් රථයක් ලොරියේ හැපී ගිලන් වේ බණ්ඩාරවෙල බදුල්ල මාර්ගයේ දෝව ප්‍රදේශයේ දී ගිලන් රථයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් ගිලන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. 28 June 2023
බදු දැලෙන් රිංගූ මත්පැන් නිෂ්පාදන හල්වලට රතු නියෝග බදු අය කර ගැනීමේදී මතුවන නෛතික ගැටලු කඩිනමින් විසඳීම සඳහා විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම ඇතුළු විශේෂ යෝජනා මාලාවක් නුදුරේදීම ජනාධිපතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 28 June 2023
අනියම් බිරියගේ අත වෙන්වෙන්න කපාදමලා අනියම් බිරිදගේ අත වෙන්වෙන්න කපාදැමූ බව කියන පුද්ගලයකු අද (28) අත්අඩංගුවට ගත්බව දොඩංගොඩ පොලිසිය පවසයි . 28 June 2023
පාතාලයන්ට හොර පාස්පෝට් හැදූ ප්‍රා.ලේකම් නිලධාරීහු මාට්ටු මෙරට විවිධ අපරාධ සිදුකර විදේශගතවීමට මාන බලන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ සංවිධානාත්මක අපරාධ කරුවන්ට ව්‍යාජ තොරතුරු ඇතුළත් ගුවන් ගමන් බලපත්‍ර සකසා දුන් බව කියන වව්නියාව සහ අනුරාධපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිලධාරියෙක් සහ නිලධාරිනියක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 28 June 2023
ණය යෝජනාවට කැබිනට් අනුමැතිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 28 June 2023
සහනාධාරයට නම දාගෙන සල්ලි පොලියට දෙන පිරිසකුත් ඉන්නවා සහනාධාරයට නම දාගෙන මාස හයකට අවුරුද්දකට පසු ඒ මුදල් පොලියට දෙන පිරිසකුත් ඉන්න බව ජනාධිපති වෘත්තීය සමිති අධ්යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. සමෘද්ධි සහනාධාර ක්රමයේ විවිධ ප්‍රශ්න තිබූ බව හැමදෙනාම දන්නා බව කී රත්නප්‍රිය මහතා ලක්ෂ දාහතක පිරිසක් සමෘද්ධි සහනාධාරය ලැබු අතර ඒ අතර සමෘද්ධි සහනාධාරය නොලැබිය යුතු පිරිසක් සිටින බවද සඳහන් කළේය. 28 June 2023
පේරාදෙණිය රෝහලේ දී ඇසිඩ් ප්‍රහාරයක් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශයෙ සිටි පුද්ගලයකු තවත් පුද්ගලයකු ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීම නිසා පස් දෙනකු තුවාල ලබා ඇතැයි පේරාදෙණිය පොලිසිය කියයි. 28 June 2023
විද්‍යුත් විදුලි බිල්පත 1 වැනිදා සිට කඩදාසි විදුලි බිල්පත වෙනුවට විද්‍යුත් බිල්පතක් හෙවත් ඊ බිල්පතක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලබන ජූලි මස 1 වැනිදා සිට ආරම්භ කරන බව විදුලිබල මණ්ඩලය පවසයි. 28 June 2023
ගයා අල්විස් දිවි ගමනට සමු දෙයි සම්මානනීය ලේඛක ගීපද රචකයකු සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයකු මෙන්ම ජාතික රූපවාහිනියේ ජ්‍යෙෂ්ඨ නිෂ්පාදකවරයකු වූ ගයා අල්විස් මහතා අද දහවල් හදිසියේ අභාවප්‍රාප්ත විය. 28 June 2023
කැලණිවැලි යළි හරි කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමන කටයුතු යථාතත්ත්වයට පත් ව ඇති බව අතිරේක දුම්රිය සාමාන්‍යධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා ලංකාදීපයට පැවසීය. ඒ අනුව අද පස්වරු 2.00 ට කැළණිවැලි දුම්රිය යථා පරිදි ධාවනයට පියවර ගත් බව ඒ මහතා ප්‍රකාශ කළේය. 28 June 2023
මැතිසබා මහලේකම්වරියගෙන් මන්ත්‍රීවරුන්ට ලිපියක් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ යෝජනාව විවාදයට ගැනීම සඳහා පාර්ලිමේන්තුව අනිද්දා (1) රැස් වන බව පාර්ලිමේන්තු මහලේකම් මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ (28) ලිපියකින් දැනුම් දුන්නාය. 28 June 2023
රත්තරන් මිලේ සුළු වෙනස්කම් ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල මේ දිනවල එකම පරාසයක පවතින බවත් මිල සුළු ඉහළ සහ පහළ යෑම් දිනෙන් දින දැකිය හැකි බවත් දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 28 June 2023
අයි.පී. අනතුරින් මරුට මාකුඹුර අධිවේගී පිවිසුමට ආසන්නයේදී ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් හෝමාගම පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු අද උදෑසන මියගිය බව පොලිසිය කියයි. 28 June 2023
ගත වූ පැය 24රේ දැරියන් හතක් අපයෝජනයට ගත වූ පැය 24ක කාලයේ බාලවයස්කාර දැරියන් 7 දෙනකු ලිංගික අතරවරයට හා අපයොජනයට ලක් ව ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 28 June 2023
වැන්ගර් කුලි හේවයන් නිසා වැඩි වූ බොරතෙල් යළි පහළට රුසියාවේ වැග්නර් කුලී හේවායන් පසුගිය 24 වැනිදා සිදු කළ කැරැල්ලත් සමඟ සුළු වශයෙන් ඉහළ ගිය බොරතෙල් මිල නැවතත් පහළ ගියේය. 28 June 2023
දුම්රිය දෙකක් නවතා සිසුහු මහ මඟට දමලා මාතලේ සහ මහනුවර අතර ධාවනය කිරීමට නියමිත දුම්රිය දෙකක් හදිසියේ අවලංගු කිරීමෙන් පාසල් සිසුන්,රජයේ සේවකයන් ඇතුළු එදිනෙදා ප්‍රවාහන පහසුකම් ලබාගන්නා විශාල පිරිසක් දැඩි අපහසුතායට පත් වූහ. 28 June 2023
ලංකා සතොසට කෝටි 1500ක පාඩුවක් ලංකා සතොස ආයතනය 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් කෝටි 1500 ක පාඩුවක් ලබා තිබූ බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප් කමිටුව) තොරතුරු අනාවරණය විය. 28 June 2023
ලක් දියණිකයට කැනඩා රජයේ ලොකු පුටුවක් ශ්‍රී ලංකා සම්භවයක් සහිත කාන්තාවක් වන තුෂාරා විලියම්ස් මහත්මියට කැනඩා රජයේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ධුරය හිමිව තිබේ. 28 June 2023
භූතයා ගිලින අස්වැන්නට විසැඳුමක් සොයයි ගොයම් කැපීම සඳහා බහුලව යොදා ගන්නා භූතයා සහ සුනාමි නැමැති සංයුක්ත කොළ මඬින යන්ත්‍රවලින් වී අස්වැන්නට නාස්තියක් වෙතියි ද එම නාස්තිය අවම කර ගැනීම සඳහා වැඩ පිළිවෙලක් සකසන ලෙස ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කර තිබේ. 28 June 2023
යෝධ ග්රහකයක් අද පෘථිවිය අසලින් යනවා තාරකා විද්‍යාඥයන් ‘2013 ඩබ්ලිව්.වී.44’ යන නමින් නම් කළ මීටර් 160 ක් පළල යෝධ ග්රහකය අද (28) පෘථිවිය අසලින් යෑමට නියමිතය. මෙම ග්රහකය පෘථිවියේ හැපීමේ කිසිදු ඉඩක් නැති බව තාරකා විද්‍යාඥයෝ තහවුරු කර තිබේ. 28 June 2023
ගුවන් යානා පදවන්න එතෙරින් ගන්න යයි ශ්‍රී ලන්කන් සහ ෆිට්ස් එයාර් ගුවන් සේවාවන් හි පවතින නියමුවන්ගේ හිඟයට පිළියමක් වශයෙන් විදේශීය ගුවන් නියමුවන් බදවා ගැනීම සඳහා අවසරය පතා ඇතැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ප්‍රධාන විධායක නිලධාරී පී.ඒ. ජයකාන්ත මහතා පවසයි. 28 June 2023
පූජාවට ඇවිත් මාල කඩාලා කිලිනොච්චිය මිනච්චි අම්මාන් කෝවිලේ පූජාවකට සහභාගි වූ 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ල කා ඇතැයි කිළිනොච්චි පොලිසිය පවසයි . 28 June 2023
දරුවන් දෙදෙනකු මිය ගිහින් නාවලපිටියේ දි සහ වාකරේ ප්‍රදේශයේ දි දරුවන් දෙදෙනකු සිදු වූ අනතුරු දෙකකින් මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 28 June 2023
කිලිනොච්චියේ වෙඩි තැබීමක් කිලිනොච්චිය උදයනගර් ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් ගත් පිරිසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 28 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026