‘අස්වැසුම’ අභියාචනා ලක්ෂය පනී ‘අස්වැසුම’ සුබසාධන යෝජනා ක්රමයේ ප්රතිලාභ ලාභීන් සම්බන්ධයෙන් අභියාචනා ලක්ෂයක් පමණ අද (27) දිනය වන විට ලැබී ඇති බවත් ඒ අතර විරෝධතා 6,000 ක පමණ ද ඇති බවත් සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පැවසීය. 27 June 2023
සුදු මැස්සා මට්ටු කරන්න ’’චණ්ඩියෙක්’’ දිවයින පුරා පොල් වගාවට දැවැන්ත තර්ජනයක් එල්ල කර ඇති සුදු මැස්සා ගේ හානිය වැලැක්වීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් ජෛව විද්‍යාත්මක විසඳුමක් ලෙස Encarsia guadeloupae නැමැති පරපෝෂිතයා හඳුන්වා දී තිබේ. 27 June 2023
ඡන්දෙ නොතැබුවාට එරෙහි ජාජබ පෙත්සමේ විරෝධතා විසිවෙයි පළාත් පාලන ඡන්ද විමසීම නියමිත පරිදි මාර්තු 9 වැනිදා නොපැවැත්වීම තුළින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතා ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) ප්‍රතික්ෂේප කළේය. 27 June 2023
බැංකු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය 1988 අංක 30 දරණ බැංකු පනතට යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
සූදු ක්‍රීඩා නියාමන අධිකාරියක් එයි සූදු ක්‍රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
විදේශවල ඇති ලක් උරුම නැවත ගෙනෙන්න යයි විදේශයන් සතුව ඇති ලංකාවේ සංස්කෘතික උරුමයන් නැවත ලංකාවට ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
කැනඩාවේ අධ්‍යාපන වීසා දෙන බව පවසා වංචා කළ 6ක් අල්ලයි කැනඩාවේ අධ්‍යාපන වීසා ලබා දෙන පවසා මුදල් වංචා කළ සැකකරුවෙක් සහ සැකකාරියන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන අංශය කියයි. 27 June 2023
ආගමික අපහාස හොයන්න කමිටුවක් ආගමික නිදහස අහිමි කිරීම හා ආගමික කරුණු විකෘති කිරීම පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 27 June 2023
ගජමුතු විකුණන්න බැරිවෙයි:4ක් දැලේ ගජමුතු දෙකක් රුපියල් කෝටි එකහමාරකට අලෙවි කිරීම සඳහා ගැනුම්කරු පැමිණෙන තුරු මහනුවර නගරයේ රැඳී සිටිසැකකරුවන් 04 දෙනෙකු ගජමුතු දෙකද සමග මහනුවර දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ . 27 June 2023
‘මහාවංශය’ ලෝක උරුමයක් වෙයි ‘මහාවංශය’ ලෝක උරුමයක් ලෙස නම් කිරීමට යුනෙස්කෝ සංවිධානය පියවර ගෙන තිබේ. 27 June 2023
ගැමියෝ හඟුරන්කෙත පොලිසිය වටලති:පොලිසියෙන් වෙඩි හඟුරන්කෙත පොලිසියට බලහත්කාරයෙන් ඇතුළු විමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය අහසට වෙඩි තබා ඇත. කලහකාරීන් 200ක් පමණ පිරිසක් පොලිසියේ ගේට්ටුකඩාගෙන පොලිසිය ඇතුළුවීමට උත්සහ දරූ බව පොලිසිය කියයි. 27 June 2023
සමෘද්ධි දෙන්න විස්තර හොයන්න ගියාම දියණියගෙන් ඇත්ත එළියට අස්වැසුම සහනාධාර නාමලේඛනයේ නම ඇතුළත් වී නැතැයි අභියාචනයක් ඉදිරිපත් වූ සමෘද්ධිලාභී පවුලක තොරතුරු සොයා බැලීමේ දී සැමියා වඩු වැඩපළක් පවත්වාගෙන යන කාර්මිකයකු වන බවටත් බිරිය දිවයිනේ ප්‍රධාන පෙළේ ඇඟලුම් ආයතනයක ඉහළ පෙළේ නිලධාරිනියක බවට හෙළිවීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් ඊයේ වාර්තා විය. 27 June 2023
අදත් තැනින් තැනට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 June 2023
සෞඛ්‍යයයේ වාහන 1794ක් ආගිය අතක් නෑ සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන 1794 ක් අස්ථානගතවී ඇතැයි රජයේ විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දැක්වෙන බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. 27 June 2023
කෝටිපති ව්‍යාපාරිකයකු ගැන සී.අයි.ඩී විමර්ශන වංචා කිරීමේ සහ කූඨ ලේඛන සකස් කිරීමේ සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණ කිහිපයක චෝදනා එල්ලවී ඇති කෝටිපති ව්‍යාපාරිකයකු පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 26 June 2023
රත්නපුර ප්‍රා.සභා හිටපු සභාපතිගේ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අනුමත කරයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාලන්ද එල්ලාවල මහතා ඝාතනය කළ සමයේදී කඩයකට රුපියල් 50,000ක අනර්ථයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් රත්නපුර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුදත් දිසානායක මහතා ඇතුළු 6 දෙනකුට රත්නපුර මාහධිකරණයෙන් නියම කළ බරපතළ වැඩ සහිත පස් වසරක සිර දඬුවම අනුමත කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුන් විසින් ගොනු කරන ලද අභියාචනා පෙත්සම ඊයේ (26) නිෂ්ප්‍රභ කිරීමට නියෝග කළේය. 26 June 2023
ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ විවාදයට අවශ්‍ය නම් දෙදිනක් දෙන්නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පාර්ලිමේන්තු විවාදය සඳහා අවශ්‍ය නම් දින දෙකක් වුව ද ලබාදීමට හැකියාව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන්නේය. 26 June 2023
වැඩබලන ඕ.අයි.සී - අයි.පී එක්ක බීලා මාට්ටු කළුතර දිස්ත්‍රික්කයේ මුහුදුබඩ පොලිස් ස්ථානයක ස්ථානාධිපති වරයා නිවාඩු ගොස් සිටියදී එහි වැඩ බලන ස්ථානාධිපතිවරයකු රාජකාරියේ නිරත වෙමින් එහි දූෂණ මර්දන අංශ භාර පොලිස් පරීක්ෂකවරයකු සමග එක්ව පොලිස් බැරැක්කයේ ඉකුත් දිනෙක රාත්‍රියේ මත්පැන් පානය කරමින් සිට ඇතැයි වාර්තාවේ. 26 June 2023
ගුරුන්ට ටියුෂන් තහංචියක් ගුරුවරුන්ට පාසලේ තමන්ගෙන් ඉගෙන ගන්නා සිසුන්ගෙන් මුදල් අයකර අමතර පන්ති පැවැත්වීම තහනම් කරමින් මධ්‍යම පළාතේ අධ්‍යාපන ලේකම්වරයා චක්‍රලේඛයක් නිකුත් කර ඇත. 26 June 2023
ජනපති නිවෙසට ගිනි තැබුවාට සමාජ ක්‍රියාකරුවකු අල්ලයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේකොල්ලුපිටියේ පිහිටි පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල නමැත්තෙක් අද (26) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබීය. 26 June 2023
හිසේ කැක්කුමෙන් සිටි සිසුවාට චිත්‍ර ගුරුගෙන් පහර හිසේ කැක්කුම බව කියමින් මේසයේ හිස තබාගන නිදා සිටි, වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක දහතුන් හැවිරිදි සිසුවකුගේ බෙල්ලෙන් අල්ලා, හිසට හා කන් දෙකට ගැසූ බව කියන එම පාසලේ චිත්‍ර ගුරුවරයකුට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරියට පැමිණිල්ලක් ලැබී ඇත 26 June 2023
ඇස්වැසුමට දිවයින පුරා විරෝධතා අස්වැසුම ප්‍රතිලාභී නාම ලේඛනයෙන් තමන්ගේ නම් ඉවත් කර ඇති බව පවසමින් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (26) දිනයේ උද්ඝෝෂණ විරෝධතා සහ ඇතැම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉදිරිපිට නොසන්සුන් වාතාවරණ ඇති වී තිබිණි. 26 June 2023
කතුන් පිරිසක් සැරයන්ට තඩිබා වරෙන්තු කරු මුදා ගෙන රථවාහන නඩුවකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු ලබා සිටි පුද්ගලයකු බෝගම්බරදී අත්අඩංගුවට ගත් අවස්ථාවේ කාන්තාවක ඇතුළු 15 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් කඩා වැදී පොලිස් සැරයන්වරයාට පහරදී සැකකරු මුදාගෙන පලාගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. 26 June 2023
ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් තැන්පතු වලට කිසි ප්‍රශ්නයක් නෑ දේශීය ණය ප්‍රතිව්‍යුගත කිරීමෙන් බැංකු තැන්පතු වලට කිසිම බලපෑමක් සිදු නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයට අද (26)දැනුම් දුන්නේය. 26 June 2023
සියඹලා ගස මෝටර් රථ කුඩු කරයි කළුතර නගර ශාලාව පිටුපස නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථයක් ඇතුළු වාහන තුනක් මතට අද පස්වරුවේ සියඹලා ගසක් කඩාවැටීමෙන් වාහන තුනට හානි සිදුව ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 26 June 2023
‘පොහොට්ටුව’ට ඕනෑම මාදිලියක ජනාධිපති අපේක්ෂකයන් ඉන්නවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂකයන් සිටින බවත් මැතිවරණයට නාමයෝජනා ඉදිරිපත් කිරීමට ආසන්න කාලයේදී එම පක්ෂයේ අපේක්ෂකයා නම් කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් මහතා අද (26) පැවසීය. 26 June 2023
ඌරුකොටුවේ බඩු සොරා ගත්තැයි සේවකයා මරා දමලා ඌරු ගොවිපළක සේවකයකු එහි දේපල සොරා ගෙන යමින් සිටියදී අල්ලාගෙන දෙපයින් එල්ලා පහරදී මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව නිට්ටඹුව පොලිසිය කියයි. 26 June 2023
විදුලි සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට විදුලිය බිල්පත් නොගෙවූ බව කියන නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය නිලධාරීන්ට බැණ තර්ජනය කළ බව කියන ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිතන් කර්නල්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි. 26 June 2023
දැරියට කැත වැඩක් කළ බාප්පා වසර 30ක් මහඋළුගෙට මරා දමන බවට තර්ජනය කොට බිරිඳගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණිය කෙලසීමේ චෝදනාවන්ට වරදකරු වු දැරියගේ භාරකරුවා වශයෙන් සිටි සුළු පියාට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා දැරියට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමටද නියම කළේය. 26 June 2023
දුම්රිය දෙපාර්තමේන්තුවට ලක්ෂ එක හමාරක අමතර ආදායමක් ප්‍රවේශ පත්‍ර නොමැතිව දුම්රියෙ ගමන් ගත් මගීන් 50 දෙනකු රාගම දුම්රිය ස්ථානයේ දී අද (26) අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි. 26 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026