(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති දිනයේ පළමු තරගයේදී ගෝල් ටයිටන්ස් පිල කඩුලු 7 කින් ජැෆ්නා කිංග්ස් පිල පරාජය කිරීමට සමත් විය.

මෙය ගෝල් ටයිටන්ස් පිල තරග 7 කදී ලැබූ තෙවැනි ජයග්‍රහණය මෙය වන අතර ගෝල් පිල ප්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ පසුවෙයි.

ගෝල් ටයිටන්ස් පිතිකරුවෝ ලකුණු 90 ක ඉලක්කය ඕවර 13.3 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ටිම් ශීෆට් පන්දු 42 කින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 55 ක් රැස්කළේය.

වේග පන්දු යවන කසුන් රාජිත දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 20 කට ජැෆ්නා පිලේ කඩුලු 4 ක් දවාගැනීමෙන් තරගයේ වාසිය ගෝල් පිලට ලැබුණි.  

ජැෆ්නා කිංග්ස් පිල ඕවර 20 කදී සියලු දෙනා දැවී 89

(දුනිත් වෙල්ලාලගේ 22, තිසර පෙරේරා 13, ඩිල්ෂාන් මධුසංඛ 12, මහීෂ් තීක්‍ෂණ නොදැවී 13, කසුන් රාජිත 20/4, ළහිරු කුමාර 13/2, තබ්‍රේස් ශම්සි 19/2)

ගෝල් ටයිටන්ස් පිල ඕවර 13.3 කදී කඩුලු 3 ට 90

(භානුක රාජපක්‍ෂ 15, ටිම් ශීෆට් 55)