
(ධර්මසිරි රණසිංහ)
යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී සිදුවන්නට ගිය මාරාන්තික අනතුරක් වළක්වාගැනීමට දුම්රිය ගේට්ටුකරු සහ සහායක ගේට්ටුකරුගේ දක්ෂතාවමය මත වළක්වා ගැනීමට සමත් වූහ.
යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගය ඔස්සේ කොළඹ - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පොල්ගහවෙල දෙසට ගමන් කරමින් තිබූ බහාලුකමක් රැගත් ප්‍රයිම් මුවර් රථයක් දුම්රිය හරස් මාර්ගය ඔස්සේ ගමන් කරද්දී මහනුවර සිට කොළඹ බලාධා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ඒ ආසන්නයට ළඟවෙමින් තිබිණි.
ඒ සමගම ක්‍රියාත්මක වූ දුම්රිය ගේට්ටුකරු අනතුරු අඟවන සංඥ කොඩියද රැගෙන දුම්රිය එන මගට ගොස් අනතුරක් බවට සංඥකර ඇති අතර එම සංඥාවට අනුව දුම්රියේ වේගය අඩුකර ඇත. ඒ අතර තුර සාහායක දුම්රිය ගේට්ටුකරු මාර්ගය හරහා නතර වී තිබූ රථය ඉන් ඉවතට ගැනීමට එහි රියැදුරට සහාය වීම නිසා සිදුවන්නට ගිය මහා අනතුරක් වැළකී ගියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස ලැබිලත් අවුරුදු කීයක් පහුවුනවාද? තවමත් මෙතනට ගුවන් පාලමක් හදන්න බැරිවෙලා. තවමත් දේසපාලකයෝ රට සංවර්ධන කරන්ඩ ජන්දේ ඉල්ලනව.