කොතැනක වුව ද ලොව වන රජ දහනෙ     යෙදී

අණසක පතළ බලගතු රජකමෙන්               මිදී

වැඩමෙවුමට උපන් දළදා හිසෙහි                 රැඳී

බලමැන උතුම් ඇත් පන්තිය පිනට              ලැදී

පද - ආරියසේන හඳුවල

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේදී සධාතුක කරඬුව වැඩම වීම සඳහා  ඇතුන් සිවු දෙනකු තෝරා ගනු ලැබ ඇත.

එම ඇත් රජුන් සිවු දෙනා වන දළදා මාලිගවේ සිංහ රාජා, කතරගම දේවාලයේ වාසනා, දළදා මාලිගාවේ ඉන්දි රාජා සහ කැලණිය රජමහා විහාරයේ කණ්ඩුල මෙහි වෙති. 

පෙරහර සධාතුක කරඬුව වැඩම කරවන හස්තියාගේ දෑලේ ලෙස ද මෙම හස්තීන් යොදා ගැනේ. 

(ජේ.ඒ.එල් ජයසිංහ)