විදුලි බිලේ ප්‍රශ්නයට මහින්ද අත දායි විදුලිය බිල වැඩි කිරීම ගැන නැවතත් සලකා බලන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. 09 January 2023
දකුණු ආසියානු බෞද්ධ සම්මේලනය රතන හිමිට දකුණු ආසියානු බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ පසුගියදා තේරී පත්විය. 09 January 2023
නිලන්තගේ උසස් වීම ගැන කතෝලික සභාවේ කසුකුසුවක් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාට තනතුරු හා වරප්‍රසාද ලබාදෙන්නේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව්වීම වැළැක්වීමේ අරමුණින් ද යන්න ගැන සැකයක් පවතින බව කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමෝ පැවසූහ. 09 January 2023
වන අධ්යක්ෂ ජනරාල්ගෙන් ’’කැලේ’’ගැන තක්සේරුවක් ශ්‍රී ලංකාවේ වන ගහනය මුළු භූමි ප්‍රමාණයෙන් 29.15%ක් (හෙක්ටයාර් 1,912,970) යැයිද වන ගහනය 16%ක් දක්වා අඩු වී ඇතැයි පළ වන වාර්තා අසත්‍ය යැයිද වන සංරක්ෂක ජනරාල් කේ.එම්.ඒ. බණ්ඩාර මහතා ජනාධිපති කාර්යාලයට දැනුම් දී තිබේ. 09 January 2023
මෙරට බැංකු තුනකට ඉන්දියාවෙන් ලැබුණු අනුමැතිය ශ්‍රී ලංකාවේ බැංකු තුනක් ඉන්දියානු බැංකුවේ ආරම්භ කර ඇති විශේෂ ඉන්දීය රුපියල් වොස්ට්‍රෝ ගිණුම් සක්‍රීය කිරීමට ඉන්දියානු මහ බැංකුවෙන් නියාමන අනුමැතිය ලැබී ඇති බවත් එම ගිණුම් සතියක් ඇතුළත සක්‍රීය වනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 09 January 2023
කෘෂි ලොක්කියක් දීමනාව එක්ක අමතර වාහනේකුත් අරං කෘෂිකර්ම අමාත්‍යංශයෙන් දෙන ඉන්ධන දීමනාව පෞද්ගලික පරිහරණයට තබාගෙන රාජකාරියට පැමිණීමට සහ පිටව යාමටත් වෙනත් ගමන් බිමන් සඳහාත් අමාත්‍යාංශ සංචිතයේ තිබෙන වාහන පාවිච්චි කරන අතිරේක ලේකම්වරියක් ගැන කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැමිණිල්ලක් ලැබී තිබේ. 09 January 2023
වෙඩික්කරුවන්ට කුලියට දුන් යතුරු පැදියක් අල්ලයි පිටකොටුව බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා එක් අයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරුපැදිය ඇතුළු තවත් යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් ගෝනපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී සොයාගත් බව පිලියන්දල පොලීසිය කියයි. 09 January 2023
විදුලි බිලට එරෙහි 69 ලක්ෂයේ පෙත්සම බාර දෙයි විදුලි ගාස්තු ඉහළ දැමීමට රජය වන සූදානමට එරෙහිව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ බලශක්ති සංරක්ෂණ ජාතික කමිටුව එක්ව 69 ලක්ෂයක අස්සන් ලබාගත් මහජන පෙත්සම එම සංගම්වල නියෝජිතයෝ අද (9) පෙරවරුවේ මහජන උපයෝගිතා කොමිසමට භාරදුන්හ. 09 January 2023
සිරිනිවාස හිමිගේ රථවලට ගිහියෙක් අයිතිය ඉල්ලයි අනුරාධපුර අටමස්ථානධිපතිව සිට අපවත්වී වදාළ පල්ලේගම සිරිනිවාස හිමියන් ජීවත්ව සිටියදී පරිහරණය කළ අධි සුඛෝපභෝගී ජීප් රථ දෙකක නීත්‍යානූකූල අයිතිය තමන්ට පවරා ගැනීමට අයිතියක් ඇති බවට තීන්දු කරන ලෙස ඉල්ලා අනුරාධපුරයේ ව්‍යාපාරිකයකු අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සමක් සළකා බැලූ අනුරාධපුර දිසා විනිසුරු සහ අතිරේක මහේස්ත්‍රාත් නදීකා ඞී පියරත්න මහත්මිය මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින අනුරාධපුර වත්මන් අටමස්ථානාධිපති හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේ තිදෙකු 09 January 2023
පොහොට්ටුව කොළඹට ඇප බඳියි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය වෙනුවෙන් අද (9) ඇප මුදල් තැන්පත් කර ඇත. 09 January 2023
ඉසුරු සොයා යන්නට පෙර යවන ඒජන්සිය ගැන සොයන්න විදේශ රැකියාවකට අයදුම් කිරීම සඳහා ඒජන්සි ආයතනයක් වෙත විදේශ ගමන් බලපත්‍රය සහ මුදල් ලබාදීමට පෙර අදාල ඒජන්සිය ආයතනය නීත්‍යානුකූල ආයතනයක් බවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් තහවුරු කර ගන්නා ලෙස නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 09 January 2023
රෑට රෑට හොරකමේ යන කඳුකර කොටි කඳුකර කොටියන් රාත්‍රි කාලයට නිවෙස්වලට පැමිණීම හේතුවෙන් තමන් මහත් බියට පත්ව ඇතැයි තලවකැලේ, ආගරපතන නව කොළණියේ පදිංචිකරුවෝ පවසති. 09 January 2023
මේ ළමයා කොහින්දෝ රෝද තුනෙන් ඇහින්දෝ තලවකැලේ හින්දු කොවිල අසල ගාල් කර තිබු ත්‍රිරෝද රථයක් තුල බිළිදියක අතහැර දමාගොස් සිටියදි හමුවූ බව තලවකැලේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ත පෙරේරා මහතා පැවසිය. 09 January 2023
ඉන්දියාවෙන් බිත්තර ආනයනයට ටෙන්ඩර් කැඳවයි බිත්තර ලක්ෂ 50 ක් ආනයනය කිරීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සියලු කටයුතු සූදානම් බව රාජ්‍ය වාණිජ නීති විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 January 2023
බුත්තල කතරගම පාරේ වන අලින්ට කෑම දුන්නොත් නඩු බුත්තල - කතරගම පාරේ වන අලින්ගෙන් වාහන වලට සිදුවන පහරදීම් වැලැක්වීමට සහ වන අලි පලවා හැරීමට වනජීවී දෙපාර්තමේන්තුව ජංගම රථ යෙදවූ බව අමාත්‍යාංශය පවසයි. 09 January 2023
රෝහල් කනිෂ්ඨ සේවකයෝ වර්ජනයක් අරඹති රෝහල් කනිෂ්ඨ සේවකයන් හදිසි වැඩවර්ජනයක් අද (9) පෙරවරුවේ ආරම්භ කිරීම හේතුවෙන් රට පුරා රෝහල්වලට දැඩි බලපෑමක් වී තිබේ. 09 January 2023
දුම්රියට අඩු ආදායම් ලාභීන් ගැනීමේ සූදානමක් පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු සමයේ ක්‍රියාත්මක කෙරුණු රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ දුම්රිය දෙපාර්තමේන්තුවට අඩු ආදායම් ලාභීන් 3,000 ක් කම්කරු පත්වීම්වලට බඳවාගැනීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 January 2023
‘‘ණය හිමියන්ගේ දැඩි තීරණ සහාය ප්‍රමාද කරනවා‘‘ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මෙරට පුද්ගලික ණය හිමියන් වන ලෝකයේ බලගතු ආයෝජකයන් සහ හෙජ් අරමුදල් දරන දැඩි ස්ථාවරය ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින ශ්‍රී ලංකාවට ලැබිය යුතු සහාය ප්‍රමාද කරවා ඇතැයි ලෝකයේ පුරා සිටින ආර්ථික විද්‍යාඥයන් සහ සංවර්ධන විශේෂඥයන් 185 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පවසා ඇත. 09 January 2023
මව් කිකිළි බිත්තර ආනයනය කරයි බිත්තර නිෂ්පාදනයට අවශ්‍ය මව්සතුන් හිඟය අවම කරලීමට අභිජනනය කරන ලද බිත්තර (Hatching Eggs)ලක්ෂ දෙකක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙි. 09 January 2023
ප්‍රදේශ රැසකට වැසි නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් අද (9) සිහින් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 January 2023
මොනරාගල පොලිස් ලොක්කෙක් ගංජා සමග මාට්ටු මොණරාගල කොට්ඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර හේරත් මහතා වියළි ගංජා කිලෝග්රෑමි 15ක් සමග ඊයේ (8) රාත්‍රි 9.00ට පමණ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 09 January 2023
උමතු නාසීන්ට දඩුවම් කරනවා බ්‍රසීල හිටපු ජනාධිපති යාර් බොල්සරානෝගේ පරාජය බාර ගැනීමට සුදානම් නැති ආධාරකරුවෝ එරට පාර්ලිමේන්තුව, ජනාධිපති මන්දිරය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (08) ආක්‍රමණය කළහ. 09 January 2023
ඉරාන ගොවිපොළක හිර කරන් සිටි ලාංකිකයෝ බේරා ගනිති කුවේට් රාජ්‍යයේ ඉරාන දේශසීමාව ආසන්නයේ පිහිටි කාන්තාරයක පවත්වා ගෙන ගිය ගොවිපළක බලහත්කාරයෙන් රදවා ගනිමින් , පහර දෙමින් , ආහාර සහ වැටුප් ලබා නොදෙමින් වැඩ ගනිමින් සිටි ශ්‍රී ලාංකික තරුණයන් 06 දෙනෙකු බලවත් පරිශ්‍රමයක් දරා එයින් බේරා ගෙන අද 9 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි . 09 January 2023
ලක්ෂ 30 ක කොල්ලයකට පොලිස් සැරයන් සොයයි රාජකාරි කරන මුවාවෙන් කැකිරාව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 30 ක් කොල්ලකෑමේ සිද්ධියකට සැක පොලිස් සැරයන්වරයෙක් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කීපයක් යොදවා ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 09 January 2023
දියණියගේ වයසේ දියණියක් දූෂණය කළ ගුරෙක් මාට්ටු උපකාරක පන්තියකට සහභාගි වූ වයස අවුරුදු 10 ක ගැහැණු දරුවකුට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට සැකපිට පාසල් ගුරුවරයකු හොරොව්පොතාන ප්‍රදේශයේ දී අද (08) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි. 09 January 2023
එජාපය ,පොහොට්ටුව පොදු ළකුණකට පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පොදු ලකුණකින් තරඟ කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 08 January 2023
එජාපය ඔක්කොටම තරඟ බිමට පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියළුම පළාත් පාලන ආයතනවලට තරඟ කරන බව එජාප මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය. 08 January 2023
ලසන්ත සිහිකරයි දෙහිවල අත්තිඩිය ප්‍රදේශයේදී නාදුනන තුවක්කුකරුවෙකු විසින් 2009 ජනවාරි 08 වැනිදා එල්ලකල වෙඩි ප්‍රහාරයකින් මියගිය සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ 14 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ දි සිදු කළේය. 08 January 2023
තෙල් සංස්ථාව 2021 පඩි දුන් හැටි විගණනයෙන් එළියට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් සඳහා 2021 වසරේ වැටුප් හා දීමනා ලෙස ගෙවා ඇති රුපියල් කෝටි 603කට ආසන්න මුදලෙන් වැඩි ප්‍රතිශතයක් වෙන්කර තිබෙන්නේ අතිකාල ගෙවීම සඳහා බව විගණන වාර්තාවකින් අනාවරණය වේ. 08 January 2023
ශ්‍රී නරේන්ද්‍රසිංහ රජුගේ සඳගල පන්නන්න අනුබල දුන් දෙකක් මාට්ටු මහනුවර පල්ලකැලේ පොලිස් වසමට අයත් කුණ්ඩසාලයේ පුරාවිද්‍යා රක්ෂිතයේ තිබූ වසර හයසියයක් පමණ පැරණි මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු පාෂාණයකින් තනන ලද සඳගල නමින් හැඳින්වෙන මල් ආසනයක් හොරාගෙන ගෙන යෑමට ආධාර අනුබල දුන් බව කියමින් පුද්ගලයන් දෙදෙනකු කෑගල්ල මොලගොඩ ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය පවසයි. 08 January 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026