(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වායු පිස්තෝලයක්, කලාකිරිඤ්ඤයක් සහ උල් පිහියක් රැගෙන යතුරුපැදියකින් ගාලු පාරේ ගමන් කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල, තෙලියගොන්න ප්‍රදේශයේ පදිංචි අයෙකි.
වැල්ලවත්ත පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනකු විසින් සැකකරු මේවා සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
කිසියම් අපරාධයක් කිරීමේ අරමුණෙන් සැකකරු මේවා රැගෙන යතුරුපැදියේ ගමන් කළේ දැයි යන්න සොයා ගැනීමට වැල්ලවත්ත පොලීසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයුධ තබාගැනීම හා ප්‍රවාහනයට සැක කරුවෙක් වෙන්නේද? වරද කරුවෙක් වෙන්නේද?