ඇමෙරිකානු වේග පන්දු යවන්නාට තරඟ තහනමක් ඇමෙරිකානු වේග පන්දු යවන ක්‍රීඩක කයිල් ෆිලිප්ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි තීරණය කළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව තාවකාලික තරග තහනමක් තීරණය කර තිබේ. 23 June 2023
අධ්‍යාපනයේ කෝටි 340 ක ටැබ්වලට වෙච්ච දේ අධ්‍යාපන අමාත්‍යාංශය 2019 වර්ෂයේදී රුපියල් කෝටි 340 ක් වැයකර මිලදී ගෙන ඇති ටැබ් පරිගණක හා ආරෝපිත රාක්ක ඵලදායී ආකාරයෙන් ප්‍රයෝජනයට ගෙන නොමැති බව රාජ්‍ය ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. 23 June 2023
උදුල් ඇතුළු සරසවි සිසුන් 22ක් නිදොස් කොට නිදහස් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අසල උද්ඝෝෂණයක් කොට එහි දේපළවලට අනර්ථය කළ බවට චෝදනා ලැබ සිටි විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න ඇතුළු විශ්ව විද්‍යාල සිසුන් 22 දෙදෙනෙකු කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා සිය`ථ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය. 23 June 2023
ණය හිමියන් සහ ණය ගැතියන් අතර උසස් ගනුදෙනුවක් ඕනෑ මැදි ආදායම් ලබන රටවල් මුහුණ දෙන අභියෝග සම්බන්ධයෙන් විධිමත්ව සහ කාර්යක්ෂමව කටයුතු කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ පැරිස් නුවරදී පැවසීය. 23 June 2023
ශ්‍රී ලංකාව කඩුලු 10 කින් ඕමානය පරදයි ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ බුලවායෝහිදී අද (23) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 10 කින් ඕමානය පරාජය කිරීමට සමත් වූහ. 23 June 2023
ජනපති එජා මහලේකම් හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතා ප්‍රංශයේ පැරිස් නුවරදී හමුවී ද්ව්පාර්ශවික සාකච්ඡා පැවැත්වීය. 23 June 2023
කැනඩාවට විරෝධය පා මඩකළපුවේ හර්තාලයක් කැනඩා රජය මගින් ශ්‍රී ලංකා රජයට එල්ල කරන විවිධ චෝදනාවලට විරෝධය පළ කර මඩකළපුව,වාලච්චේන සහ ඕටමාවඩි නගරවල කඩ සාප්පු වසා හර්තාලයක් ක්‍රියාත්මක කළේය. 23 June 2023
ඕමානය ලකුණු 98කට සීමා කරති ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවැනි තරගය වන ඕමානයට එරෙහිව බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඕමාන පිල ඕවර 30.2 කදී ලකුණු 98 කට සීමාකිරීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෝ සමත් වූහ. 23 June 2023
පොලොන්නරුවේ ඖෂධ කල් ඉකුත් වුණේ කාගේ වරදින්ද පොළොන්නරුව මනම්පිටිය ප්‍රාදේශීය රෝහලේ පැරණි නේවාසිකාගාර දෙකක ගබඩා කර තිබූ රුපියල් කෝටි ගණනක ඖෂධ වර්ග විනාශ කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. 23 June 2023
ලෝක රග්බි නිලධාරීන් 4 වැනිදා ශ්‍රී ලංකාවට දේශපාලන බලපෑම් එල්ල වන්නේ යැයි චෝදනාවට මේ වන විට තහනමට ලක්ව තිබෙන ශ්‍රී ලංකා රග්බි අනාගය පිළිබඳව සාකච්ඡා කිරීමට ලෝක රග්බි සංගමයේ නියෝජිතයන් පිරිසක් ලබන මස 4 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. 23 June 2023
මහජන උපයෝගීතා කොමිසමට අලුත් ලොක්කෙක් මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධුරයට පත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය හිමිවිය. 23 June 2023
රේල් පීලි 15 ක් උස්සලා අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඉවත්කර තිබූ රුපියල් ලක්ෂ ගණනක් වටිනා රේල් පීලි 15 ක් කිසියම් පිරිසක් රැගෙන ගොස් ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 June 2023
හඟුරන්කෙත විද්යාකරයේ සිසුන් 100 ක් රෝහලේ හඟුරන්කෙත,පොරමඩුල්ල විද්‍යාකර මහා විද්‍යාලයේ සිසු සිසුවියන් සීයකට ආසන්න පිරිසක් ආසාත්මිකතාවයක් හේතුවෙන් අද (23.) රිකිල්ලගස්කඩ මූලික රෝහලට ඇතුළත්කර ඇත. 23 June 2023
ලංගමට රියදුරන් 500 ක් බඳවාගැනීමේ සූදානමක් ලංකා ගමනා ගමන මණ්ඩලයට රියැදුරන් 520 ක් සහ කොන්දොස්තර මහත්වරු 170 ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කළ බව ලංගම උසස් නිලධාරියෙක් පැවසීය. 23 June 2023
සිව් හැවිරිදි දැරියට හිංසා කළ කුඩම්මා අත්අඩංගුවට සිව් හැවිරිදි කුඩා දැරියකගේ කටට දුම්කොළයක් ඔබා මූණ වතුර බාල්දියක ද ඔබා වේ වැලකින් පහරදී කෲරත්වයට පත් කළ බව කියන පියාගේ දෙවැනි බිරිඳ අත්අඩංගුවට ගත් බව අඟුරුවාතොට පොලිසිය කියයි. 23 June 2023
සරසවි සිසුන්ගේ ණය වැඩපිළිවෙල නැවත අරඹනවා රජයේ විශ්ව විද්‍යාලවල සහ පෞද්ගලික විශ්ව විශ්වවිද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් ණය වැඩසටහන නැවත ආරම්භ කිරීමට කටයුතු කරගෙන යන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය. 23 June 2023
තලවකැලේදී දුම්රිය පීලිපැනීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථාන අතරදී පීලිපැනීමෙන් එම මාර්ගය දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 23 June 2023
30 වැනිදා විශේෂ බැංකු නිවාඩු මෙම මස 30 වැනි දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරයි. 23 June 2023
‘ශ්‍රී ලන්කන් ගුවන් යානා අසූවකට නියමුවන් නෑ‘ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා 80ක නියමුවන් නැතැයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද (23)පැවසීය. 23 June 2023
ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක දැවැන්තයෙක් කොළඹ වරායට ජපාන සමුද්රී ස්වයං ආරක්ෂක බලකායට අයත් ‘ඉකසුචී’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගත්තේය. 23 June 2023
විදෙස් කතට අතවර කළ අයෙක් අල්ලයි හබරාදූව,පීල්ල ගොඩ චෛත්‍යාලංකාර විහාරස්ථානය වැඳපුදා ගැනීමට ගිය යුක්රේන ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් සිදු කළ බව කියන දහ නම හැවිරිදි තරුණයකු හබරාදුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. 23 June 2023
174-235 බස් වර්ජනය අවසන් මාර්ග අංක 174 කොට්ටාව , බොරැල්ල හා 235 කොට්ටාව , ගල්කිස්ස පෞද්ගලික බස්රථ වර්ජනය අවසන් කළ බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි. 23 June 2023
කොළඹට පැය 16 ක් ජලය අත්හිටුවයි කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (24) ජල සැපයුම පැය 16 ක් අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. 23 June 2023
‘ටයිටන්’ ගැන ‘ටයිටැනික්’ අධ්යක්ෂවරයා හඬ අවදි කරයි ‘ටයිටන්’ සබ්මැරීනයේ ඛේදවාචකය සම්බන්ධයෙන් හොලිවුඩ් චිත්‍රපට අධ්යක්ෂ ජේම්ස් කැමරන් සිය හඬ අවදි කළේය. 23 June 2023
යතුරුපැදියක ගැටී කාන්තාවක් මරුට හඳපාන්ගොඩ සමෘද්ධි බැංකුවෙන් සමෘද්ධි සහනාධාරය ලබා ගැනීම සඳහා යමින් සිටි වයෝවෘද්ධ කාන්තාවක් බැංකුව ඉදිරිපිට දීම තරුණයෙකු පැද වූ යතුරුපැදියක ගැටීමෙන් මියගොස් ඇතැයි ඉංගිරිය පොලීසිය කියයි. 23 June 2023
සබ්මැරීනය අතුරුදන් වුණේ පුපුරා ගිය නිසා ‘ටයිටැනික්’ නැවේ සුන්බුන් නැරැඹීමට කිමිදෙද්දී, ‘ඕෂන්ගේට් එක්පෙඩිෂන්ස්’ සමාගමේ ‘ටයිටන්’ නමැති කුඩා සබ්මැරීනය අතුරුදන් වූයේ, එය මුහුදු පතුළේ පීඩනයට ලක්වී පොඩි පට්ටම් වී පුපුරා ගිය නිසා යැයි ඇමෙරිකන් වෙරළාරක්ෂකයන් මෙන්ම ඇමෙරිකන් නාවික හමුදාව ද පවසයි. 23 June 2023
ටයිටන් සබ්මැරීනයේ කොටස් පා වේ ටයිටැනික් නෞකාවේ ගවේෂණ සඳහා ගමන් ගත් පිරිසක් රැගත් ටයිටන් සබ්මැරීනය සිටි පුද්ගලයන් පස්දෙනා මියගොස් ඇති බවට තහවුරු වී ඇතැයි අමෙරිකානු වෙරළාරක්ෂක බළධාරීහු තහවුරු කරති. 23 June 2023
අදත් පළාත් රැසකට වැස්ස බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 June 2023
කෙල්ලෙක් ලෙස පෙනී සිට දරුවකුට අතවර කරලා මුහුණු පොතෙන් ගැහැණු ළමයකු ලෙස පෙනී සිටිමින් කතාබහ කොට 14 හැවිරිදි පිරිමි දරුවකු ගම්පහ ප්‍රදේශයට ගෙන්වා ගෙන ඔහුට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාල පුද්ගලයා අත් අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය පවසයි. 23 June 2023
රතුකුරුස නිලවරණයට එරෙහි ඉල්ලීම විසි කරයි ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මහාසභා රැස්වීම සහ නිලවරණය පැවැත්වීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි එහි ජාතික ලේකම්වරයා සහ මධ්‍යම පාලක මණ්ඩලයේ සාමාජිකයින් සිව් දෙනෙකු කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ප්‍රතික්ෂේප කළේය. 23 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026