
(ටී.කේ.ජී.කපිල)
උගන්ඩා ජාතික කාන්තාවක රුපියල් ලක්ෂ 35 ක් ලබා ගෙන , කූඨ ලෙස සකස් කළ ප්‍රංශ වීසා බලපත්‍රයකින් ඩුබායි හරහා ප්‍රංශය බලා පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 24 හැවිරිදි මාතර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි .
මොහු කොළඹ කැසිනෝ සමාජ ශාලාවක සේවය කරමින් සිට මීට මාස දෙකකට පමණ පෙර උගන්ඩාව වෙත ගොස් ඇත්තේ ද , එරට කැසිනෝ සමාජ ශාලාවක රැකියාව සදහාය .
එහිදී දැන හැදින ගත් මැදි වියේ උගන්ඩා ජාතික කාන්තාවක් , ඔහුට ප්‍රංශය වෙත යෑම සදහා වීසා බලපත්‍රයක් සකස් කර දීමට ඉදිරිපත් වී තිබේ .
ඒ අනුව මාතර ප්‍රදේශයේ මොහුගේ මාපියන් සතු ඉඩමක් , මව සතු ස්වර්ණාභරණ තොගයක් සහ ඔහුගේ යතුරු පැදිය ද විකුණා , මෙම වීසා බලපත්‍රය සකස් කර ගැනීම සදහා අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් 3,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 35 ක මුදලක් මෙම උගන්ඩා ජාතික කාන්තාව වෙත ලබා දී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩකමට බෙහෙත් නැහැ
පවු ලංකාවේ කොල්ලෝ. මේ පොලවටම පස් වෙන්න නොදී වෙනින් රට වලට යන්න හදනවා. පලමුවත් මවුබිම දෙවනුවත් මවුබිම තෙවනුවත් මව්බිම කියලා පපුවට ගහගත්තු ඒවාට රටම රැවටිලා අන්තිමටම ... නල්ල මලේ බබාලාට නම් රට යන්න ඕන කමක් නෑ...
මෙච්චර මාධ්‍යන් මෙ වගෙ දෙවල් නිතර ද්ෙෙවෙලෙ පහදිලි කර්ද්දිත් මෙවට අහුවෙන එකනෙ පුදුම .
උගන්ඩාව කියන්නේ හොරුන්ගේ පාරාදීශයක්. හරිම කනගාටුයි.
ඩොලර් 3000 ක් රුපියල් ලක්ෂ 35 වුනේ කොහොමද කියල මං තවම හිතනව
ඒ කියන්නේ ඩොලර් එකක් ලංකා රුපියල් 1166ක් දක්වා ඉහල ගිහින්.
USD 3000 සමානයි LKR 3500000?හයියෝ
අවශ්‍ය ඇමෙරිකානු ඩොලර් 3,000 ක් හෙවත් රුපියල් ලක්ෂ 35 ක මුදලක්??????
කටක් ඇරියොත් නොදන්න ඉලවුවක් නැහැ. ඇමෙරිකන් ඩොලර් 3000ක් කියන්නෙ රුපියල් වලින් ලක්ශ 35ක් ද? යකො මෙවයෙ හරි වැරද්ද බලන්න එකෙක් නැද්ද? බොරු දාන්න එපා යකුනෙ..
කකුල් දෙකේ හරක්