(ශ්‍රීනාත් ප්‍රසන්නජයසූරිය)

පන්තියේදී පැවරූ වැඩ නිවසේදී නොකළැයි කියමින් නාත්තන්ඩිය, කොස්වත්ත විදුහලක දෙවෙනි වසරේ  සිසුවකුට පන්ති බාර ගුරුතුමිය අමානුෂික ලෙස පහරදුන් බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි කොස්වත්ත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි.

පහර කෑමට ලක් වූ හැවිරිදි සිසුවා මාරවිල රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසුවන බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පහර කෑමට ලක්වූ සිසුවාගේ පිට ප්‍රදේශයේ තැලීම් සලකුණු රැසක් පෙනෙන්නට ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පහරකෑමට ලක්වූ සිසුවාගේ මව  කරන ලද පැමිණිල්ලක් අනුව සිසුවාගෙන් ද ලබාගත් ප්‍රකාශ මත මෙම ගුරුවරිය අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ මෙහෙයවන බව පොලීසිය පවසයි.