IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොර විදෙස් රැකියා ඒජන්සියක් වටලයි

(කේ බුද්ධික කුමාරසිරි)

දකුණු කොරියාවේ පෑස්සුම් ශිල්පීන් ලෙස රැකියා සදහා බදවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වමින් සිටි කොලොන්නාව ප්‍රදේශයේ බලපත්‍ර  රහිත රැකියා නියෝජිත ආයතනයක් වටලා එහි නියෝජිතයන් දෙදෙනෙකු අද (10) දින අත් අඩංගුවට ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විමර්ශන ඒකකය පවසයි.
මේ සම්බන්ධයෙන් විදෙශ රැකියා  කාර්‍යාංශයේ 24 පැය තොරතුරු මධ්‍යස්ථානය වෙත ලද පැමිණිලි ගණනාවක් මත අදාල වැටලීම සිදු කර සිදුකල පරීක්ෂාවේදී විදේශ රැකියා ලබාදීම සදහා  එම ආයතනයට බලපත්‍රයක් නොතිබූ බවත් කුලී පදනම මත ලබාගත් ගොඩනැගිල්ලක් තුල මෙම ආයතනය පවත්වාගෙන ගොස් තිබූ බවක් එම ඒකකය පවසයි.
අදාල සම්මුඛ පරීක්ෂණ සදහා දෙසිය දෙනෙකුට ආසන්න පිරිසක් පැමිණ තිබූ බවත් එලෙස රැකියා සදහා පැමිණෙන එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙකත් තුනත් අතර මුදලක් ලබාගෙන තිබූ බවත් වැඩි දුරටත් අනාවරණය වූ බවද එම ඒකකයේ නිළධාරීයෙකු පැවසීය
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ ලබුගම කළටුවාව පුදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු සහ රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 44 හැවිරිදි පුද්ගලයෙකි
 

 



අදහස් (0)

හොර විදෙස් රැකියා ඒජන්සියක් වටලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site