IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බෙහෙත් ඇලජික්වී දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ

(රංජන් කස්තුරි)

දරුණු අසාත්මිකතා ඇතිවී ඉකුත් දිනවල රෝගීන් දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ යැයි ඒ පිළිබදව සොයාබැලීමට පත්කළ කමිටුවේ නිගමනය වූ බව කමිටු සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව පිළිබදව මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය.

ජාත්‍යන්තර තත්ත්වය සහ ඉකුත් වසරවල අසාත්මිකතාවලින් මියයාම් සමග සංසන්දනය කළ විට ඉකුත් දා සිදුවූ මරණ දෙක අසාමාන්‍ය වැඩිවීමක් නොවන බවද ඔහු කීය. 

කොළඹ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (10) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමෙින් ඔහු එම අදහස් පළ කළේය.

ඉකුත් දා අසාත්මිකතාවලට ලක්වූ රෝගීන් 6 දෙනකු පිළිබදව සිය කමිටුවට අධ්‍යනය කිරීමට ලබාදී තිබූ බවද දරුණු අසාත්මිකතා ඇතිවී තිබුණේ ඉන් රෝගීන් 4 දෙනකුට පමණක් බවද ඔහු කීය.

 

 



අදහස් (7)

බෙහෙත් ඇලජික්වී දෙදෙනකු මියයාම අසාමාන්‍ය තත්ත්වයක් නොවේ

බද්රානි Thursday, 10 August 2023 06:19 PM

ලංකාවේ කමිටු වල ඉන්න බක පණ්ඩිතයින්ට ඕවා සුළු දේවල් බව අපි දැනගෙන නම් ගොඩක් කල්...සමහර ඖෂධ වර්ග විවිධ අසාත්මිකතාව වලින් පෙලෙන රෝගීන්ට සුදුසු නැති බව ලංකාවේ වෛද්‍යවරුන් දන්නවද දන්නේ නැහැ...? රෝගීන්ගෙන් බෙල්ල මිරිකලා හෝ සල්ලි ගරා ගැනීමට සුදානම් වෙලා සිටින ලංකාවේ වෛද්‍යවරු හා දොස්තර මාෆියා සංගම්, පුද්ගලයින්ගේ (රෝගීන්ගේ) දත්ත අඩංගු "ජාතික සෞඛ්‍ය කාඩ් පතක්" හඳුන්වාදීම වැනි ක්‍රියාමාර්ගයකට රජයේ අවධානය යොමුකිරීමට උවමනාවක් නැත්තේ ඇයි...? 1975 දක්වා පැවතියා මෙන්, එංගලන්ත වෛද්‍ය සභාවෙන් වෛද්‍යපීඨ නියාමනය වුවා නම්, ඒ තුළින් එවැනි අදහස් තිබෙන වෛද්‍යවරු මේ රටේ බිහිවී ගොඩක් කල්.. දැන් ලංකාවේ ඉන්නේ තනිකරම කළුකඩ දොස්තර මුදලාලිලා. අවමංගල්‍ය සේවා පවත්වන්න නම් මේ අයට ඕනෑවටත් වඩා සුදුසුකම් තියනවා.

:       0       0

අරවින්ද මොනරවිල Thursday, 10 August 2023 07:25 PM

අනිත් සැරේ කෙහෙලිය ගෙන්වන බාල බෙහෙත් මේ ආණ්ඩුවට කඩේ යන ආචාර්ය මහාචාර්ය බුරුත්තට විදලා බලලා රෝගීන්ට දෙන්න නියම කෙරුවා නම් හරි.

:       0       0

Perera Friday, 11 August 2023 09:39 AM

ඔව් ඔව් රෝහල් ඉදිරිපිට මල් ශාලා තියනවා වගේ දෙයක්නේ ඕකත් .....නේද ?

:       2       3

jabos Friday, 11 August 2023 09:50 AM

මූ තමා බෙහෙත් ආනයන මාෆියාවේ ප්‍රධාන ඔක්කොම අත්අඩංගුවට ගතහැකි රජයක් පත් කරමු

:       2       3

janahitha Friday, 11 August 2023 09:52 AM

මෙයාට එයාගේ දරුවන්ට බිරිඳට ඔය ඉන්ජෙක්ෂන් එක ගහලා බලමුද දුවන හැටි කටු කන මුග්දයා

:       2       3

wedage Friday, 11 August 2023 01:50 PM

සාමාන්‍ය තත්වය පැහැදිලි කරනවද මොකක්ද කියලා... ඇලජික්ද? නැද්ද? කියලා පරීක්ෂා කරන්න ක්‍රමයක් නැතිද?

:       0       0

Bamunuarachchi Friday, 11 August 2023 03:00 PM

ඔව් ඔව් බෙල්ල මිරිකලා මැරුණාම කියන්නේ හදවත අක්‍රීය වෙලා මැරුණා කියලා. බෙල්ල මිරිකු නිසයි හදවත අක්‍රීය වුනේ කියන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site