හිටපු නීතිපති අත්අඩංගුවට නොගන්නා බව පොරොන්දු වේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මාධ්‍යයට කළ ප්‍රකාශයට හිටපු නීතිපති දප්පුල ලිවේරා මහතා අත්අඩංගුවට නොගන්නා බව නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය. 22 June 2023
යුද හමුදා බසයට දැරියක බිලි යුද හමුදාවට පවරාගත් බස් රථයක් අද අළුයම ස්කූටරයක ගැටී එහි ගමන් ගත් තුන් හැවිරිදි දැරියක එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි. 22 June 2023
කෙහෙළිය තීරණයක් ගන්න යයි ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේ නම් මේ තනතුරු තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය. 22 June 2023
රනිල් සන්නද්ධ හමුදා කැඳවයි රටේ මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා සියලු සන්නද්ධ හමුදා කැදවීමට අදාල ආඥාවක් ජනාධිපතිවරයා නිකුත් කර ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 22 June 2023
අද දවසේ වැස්ස ගැන කාළගුණය මෙසේ කියයි බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 June 2023
අරගල සාමාජිකයාගේ ගනිකා කතට සමාජ රෝගයක් අරගලයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකයකු මෙහෙය වූ බව කියන ජංගම ගණිකා මධ්‍යස්ථානයකින් වටලා අත්අඩංගුවට ගත් සුරූපී කාන්තාවකට සමාජ රෝගයක් වැළඳී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත. 22 June 2023
ප්‍රංශයේ වැඩ්ඩෙක් කොළඹ වරායට ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් නිළ සංචාරයක් සදහා කොළඹ වරායට සේන්දු විය. දිගින් මීටර් 102.4 ක් වන මෙම නෞකාව 107 ක බලමුළුවකින් සමන්විත වේ. 22 June 2023
මාස හයට උණ්ඩය 23 බිලි ගනී 2023 වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 23 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 22 June 2023
අනවසරයෙන් ආ ධීවරයින් 22ක් අත්අඩංගුවට යාපනය, ඩෙල්ෆ්ට් දුපතට වයඹ දෙසින් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ අනවසරයෙන් ඇතුළු වී ඇතුළුවී ධීවර කටයුතු වල නිරත වෙමින් සිටි ඉන්දීය ධීවරයන් 22 දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි. 22 June 2023
නාවික සෙබළා නිදි ඇඳේම මිය යයි තලෙයිමන්නාරම ඌරුමලේ නාවික හමුදා කඳවුරේ රාජකාරි කරන නාවික සෙබළකු නිදි ඇඳ මතම මියගොස් සිටියදී සොයාගත් බව තලේමන්නාරම මූලස්ථාන පොලිසිය කියයි. 22 June 2023
කෝටි 65 ක හෙරොයින් රේගුව අල්ලයි රුපියල් කෝටි 65 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 16193 ක පමණ තොගයක් පාකිස්ථානය කරච්චි නුවර සිට පැමිණි නෞකාවක තිබී ශ්‍රී ලංකා රේගු වරාය පාලන අංශය අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පැවසීය. 22 June 2023
සැණකෙළිය අස්සේ සැරයන්ට ගහලා ඇල්පිටිය නවඳගල විද්‍යාල ක්‍රීඩාපිටියේ පැවති සැණකෙළියක ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්වරයකුගේ හිසට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි. 22 June 2023
අලියාට ඇද්ද තුවක්කුවට දරුවා බිලි වී වගාව වල් අලින්ගෙන් ආරක්ෂා කිරීමට අටවා තිබූ ගිනි අවියක් පත්තු වී වෙඩි වැදුණු පාසල් සිසුවකු බරපතළ තුවාල මියගොස් ඇතැයි අඹන්පොළ පොලිසිය පවසයි. 22 June 2023
විමල්ට තරයේ අවවාද එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් කර මහජන පීඩාවක් ඇති කළැයි කියන සිද්ධියට අදාළව වරෙන්තු නිකුත් වී සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ වරෙන්තුව ආපසු කැඳවූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, ඔහුට තරයේ අවවාද කරමින් පෙර ඇප මත අද (21) මුදා හැරියේය. 21 June 2023
සහරාන්ගේ දේශනවලට සහභාගී වූ තරුණයෙක් රිමාන්ඩ් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට පෙර සූදානමක් ලෙසින් හම්බන්තොට සෙට්ටිකුලම ප්‍රදේශයේ දී ‘මොහොමඩ් සහ්රාන්’ පැවැත් වූ අන්තවාදී දේශන සහ අවි පුහුණු කඳවුරකට සහභාගී වූ බව කියන සිද්ධියකට අදාළව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ විසිතුන් හැවිරිදි තරුණයකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 21 June 2023
අනියම් පෙමට එරෙහි වූ දැරියට පොලිස් බාප්පාගෙන් ප්‍රහාරයක් මව සමග පවත්වන අනියම් සම්බන්ධතාවට විරෝධය පළ කර එම සම්බන්ධය වහාම නතර කරන ලෙස පවසා පොලිස් සැරයන්වරයකුට බැණ වැදුණු එම කාන්තාවගේ 17 හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදුන් බව කියන පොලිස් සැරයන්වරයා ශ්‍රීපුර පොලිසිය විසින් පෙරේදා (20) අත්අඩංගුවට ගනු ලැබීය. 21 June 2023
මාර්ග දෙකක බස් වර්ජනයෙන් මගීහු තැලෙති මාර්ග අංක 174 කොට්ටාව - බොරැල්ල සහ මාර්ග අංක 255 කොට්ටාව- ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ දින තුනක් තිස්සේ වර්ජනය කිරීම හේතුවෙන් මගී ජනතාව දැඩි පීිඩාවට පත්ව සිටිති. 21 June 2023
නියමුවෙක් ලෙඩ වීම යානයේ ප්‍රමාදයට හේතුවයි කටුනායක සිට සියෝල් නගරය බලා ඊයේ (20) රාත්‍රී 8.20 ට පිටත්ව යාමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ නියමුවන් දෙදෙනාගෙන් එක් අයකු රාත්රියේදී හදිසියේ අසනීප නිසා යානයේ පියාසර කිරීම ප්‍රමාද කිරීමට සිදුවූ බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 21 June 2023
අඩු කළ මිලට පාන් බනිස් නෑ පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 10 කින් අඩු කළ ද ඇතැම් බේකරිවල ,ආපනශාලාවල, සහ පාන් බනිස් අලෙවි සල්වල මිල අඩු කර නැතැයි පාරිභෝගිකයෝ පවසති . 21 June 2023
වලස්මුල්ලේ වෙඩි තැබීමක් තුනක් රෝහලට වලස්මුල්ල මොදරවාන යහමුල්ල ප්‍රදේශයේ අද (21) රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් ඇතුලු තිදෙනකු තුවාල ලබා ඇති බව වලස්මුල්ල පොලිසිය පවසයි. 21 June 2023
රන්ජන්ට වරෙන්තුවක් මහනුවර ප්‍රදේශයේ විදුහලක ගුරුවරියකගෙන් රුපියල් ලක්ෂ 10ක ඉල්ල ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාග වන නඩුවකට පෙනී නොසිටි ප්‍රවීණ රංගන වේදී රංජන් රාමනායකට මහනුවර අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රාෆි මහත් වරෙන්තුවක් නිකුත් කළේය. 21 June 2023
ගානියාගේ නඩුව ජූලි විභාගයට සුදුවෑන් රථයකින් පැමිණි පිරිසක් තමා පැහැරගෙන ගොස් ලිංගික අතවර කොට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවට රහස් පොලිසියට අසත්‍ය ප්‍රකාශයක් කළ බවට ස්විස් තානාපති කාර්යාලයේ සේවිකාවක වන ගානියා බැරිස්ටර් මහත්මියට එරෙහි නඩුවේ පුර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 06 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා තීරණය කළේය. 21 June 2023
පාලන මිලටත් අඩුවට සහල් දෙනවා පවතින පාලන මිලටත් වඩා අඩු මිලකට ඉදිරියේදී සහල් ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 21 June 2023
එල්ලාවල හිමිගෙන් මහා නාහිමිවරුනට ලිපියක් උතුරු සහ නැගෙනහිර වෙහෙර විහාරවල අයිතිය පිළිබඳව විධිමත් සැලැස්මක් නිකාය මූලස්ථානය සමඟ සාකච්ඡා කර සකස් කළ යුතු බව පුරාවිද්‍ය චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියෝ මහා නායක හිමිවරුන් දැනුවත් කිරීමට කටයුතු කළහ. 21 June 2023
මෙගාවොට් 600 ක එල්.එන්.ජී. ව්‍යාපෘතියකට සූදානමින් ඉන්දියානු බලශක්ති සමාගමක් වන පෙට්‍රොනෙට් එල්.එන්.ජි සමාගම විදුලිබල මණ්ඩලයේ ද්‍රව ස්වභාවික වායු (එල්.එන්.ජී.) අවශ්‍යතාවය සැපිරිය හැකි කඩිනම් කෙටිකාලීන ව්‍යාපෘතියක් පිළිබඳව සැලසුමක් ඉදිරිපත් කර බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 21 June 2023
උද්ධමනය පහළට මෙරට උද්ධමනය මැයි මාසයේදී සියයට 22.1දක්වා පහත වැටී ඇතැයි ජන ලේඛන හා සංඛ්‍යාලේන දෙපාර්තමේන්තුව කියයි. 21 June 2023
අපරාධකරුට එස්.ටී.එෆ් ඇසින් පනින්න බැරි වේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබා තුවාල සිදු කිරීම හා මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයකට පොලිස් නිලධාරියකු ලෙස වෙස් ගෙන සහාය දුන් සංවිධානත්මක අපරාධකරුවෙකු සහ ඊට සහය දුන් කාන්තාවන් ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 21 June 2023
ඉඟිනියාගල දැරියෝ දෙකක් අතුරුදහන් අම්පාර ඉඟිනියාගල පොල්වත්ත ප්‍රදේශයේ පාසල් සිසුවියන් දෙදෙනෙකු පසුගිය (15) දින සිට අතුරුදන්ව ඇතැයි ඉඟිනියාගල පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඉඟිනියාගල පොලිසිය කියයි. 21 June 2023
දූෂණ පනතට විපක්ෂයෙන් සංශෝධන 43ක් දූෂණ විරෝධී පනත් කෙටුම්පත සඳහා විපක්ෂය ලෙස සංශෝධන 43 ක් ලබා දුන් බව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දි වීරක්කොඩි මහතා පාර්ලිමේන්තුවේදී පවසීය. 21 June 2023
දූෂණ පනත ඡන්දය කල්යයි දූෂණ විරෝධී පනත් කෙටුම්පත විවාදය පාර්ලිමේන්තුවේදී අද (21) පැවැත්වුණත් ඒ පිළිබඳ ඡන්ද විමසීම මීළඟ සභාවාරය දක්වා කල් ගියේය. 21 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026