(යොහාන් භාසුර)
මෙරටට ඉන්ධන ආනයන කර අළෙවි කිරීමේ අවසර ලැබූ ‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් පැවරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇති බවත් ඒ සඳහා ගිවිසුම් අස්සන් කිරීම මේ දක්වා ක්‍රියාත්මක වී නොමැති බවත් ඉන්ධන බෙදුම්කරුවෝ පවසති.
‘සිනොපෙක්’ සමාගමට ඉන්ධන පිරවුම්හල් 150 ක් පැවරීමට ආණ්ඩුව ඒකඟ වී ඇති අතර ඒවා පැවරීම සඳහා සකස් කර ඇති ගිවිසුමේ ඇති නීතිමය ගැටලු පෙන්වා දුන් බව කී බෙදුම්කරුවෝ එම පිරවුම්හල්වලින් වැඩි සංඛ්‍යාවක් පෞද්ගලික පිරවුම්හල් බව ද සඳහන් කළේය.
‘සිනොපෙක්’ සමාගම පළමු ඉන්ධන තොග දෙක ලෙස ඉන්ධන මෙටි්‍රක්ටොන් 42,000 ක් මෙම මස මුල ආනයනය කළේය.