(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ආරක්‍ෂක අංශ සහ පොලිසිය  2009 වසරේ අත්පත් කරගෙන සිටි උතුරේ ඉඩම් වලින් සියයට 90 ත් 92 ත් අතර ප්‍රමාණයක් ක්‍රමයෙන් නිදහස් කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .

මෙම ඉඩම් ප්‍රමාණයට අක්කර 22,919 ක් ඇතුළත් වන අතර ඊට රජය සතු අක්කර 817 ක් සහ පුද්ගලික ඉඩම් අක්කර 22,101 කින් සමන්විත වන බව ජනාධිපතිවරයා කීය.

දැනටආරක්ෂක හමුදා සහ පොලිසිය විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් ප්‍රමාණය අක්කර 3,754 ක් වන අතර එයින් අක්කර 862 ක් රජයට සහ අක්කර 2,892 ක් පෞද්ගලික ඉඩම් බව ජනාධිපතිවරයා කීය.