(පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ බන්දුල පී පතිරණ)
විල්වත්ත දුම්රිය හරස් මර්ගයේ දී කන්ටේනරයක් දුම්රියක ගැටී ඇතැයි පොලිසිය කියයි.
මේ හේතුවෙන් ගිරිඋල්ල - මීරිගම මාර්ගය සම්පූර්ණයෙන්ම ගමනා ගමන කටයුතු ඇන හිට ඇත.
පොල්ගහවෙල සිට කොළඹ බලා ධාවනය වූ පවුෆි කාර්ලායල දුම්රියේ මෙම කන්ටේනරය ගැටී ඇත.
දුම්රියේ ගැටුණු කන්ටේනර් පෙට්ටිය මීටර් 100 පමණ දුරක් ඇද ගෙන ගොස් නතර වී ඇති අතර දුම්රිය සංඥා, විදුලි රැහැන් කණු සහ දුම්රිය ගේට්ටුවලට දැඩි හානිවි ඇතැයි ද පොලිසිය කියයි.
අනතුරින් දුම්රිය ඇන්ජිමේ රෝදවලට සහ ඇන්ජිමට දැඩ හානි සිදු ව තිබේ.
මේ හේතුවෙන් දුම්රිය රැසක ප්‍රමාදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
බොහෝ බෞද්ධ ජනතාවගේ විරෝධතාව මධ්‍යයයේ පූජනීය බෞද්ධ ධාතු 300කට අධික සංඛ්‍යාවකින් යුත් පුරාණ එකතුවක්, බ්‍රිතාන්‍යය පදනම් කරගත් සුප්‍රසිද්ධ ලලිත කලා, එකතු
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
විල්වත්තේ දුම්රිය හරස් මාර්ගයේ අනතුරක්:දුම්රිය ධාවනයට බාධා
Nimal Wednesday, 09 August 2023 08:27 AM
මෙ කන්ටේනර් රථ පදවන්නෙ හරක්ද? මෙය ප්‍රදන පරක්. අනතුරු හැඟවීමේ සඥා පැහැලිවම ක්‍රියතමක් වෙන්න ඇති. ගෙට්ටුවත් අඩුම තරමෙ වැහෙමින් පවතින්න ඇති. ඒ අස්සෙනුත් මෙවන් විශාල වාහනයක් රිංගවන්න තැත් කරල. මොන මොඩයෙක්ද? කී දෙනෙක්ගෙ දවසම විනාශවෙනවද?
Rohan Wednesday, 09 August 2023 10:41 AM
මෙය සම්පූර්ණයෙන්ම නොසැලකිලිමත්කමකි!
බද්රානි Wednesday, 09 August 2023 01:12 PM
ඇත්තම කියනවා නම්, මේක නම් මහ කාලකන්නි මිනිස්සු පිරිච්චි රටක්. හැම මනුස්සයාම කුලප්පු වෙලා වගෙයි හැසිරෙන්නේ. කිසිම හික්මීමක් නැහැ. හැමෝම අනෙකාව පරයමින් දිවයනවා. නොදියුණු ඇෆ්රිකානු රටවල ජනතාවත් හැසිරෙන්නේත් මේ හා සමානවමයි. කොතරම් ස්වභාවික සම්පත් තිබුණත්, ස්වභාව ධර්මයේ ශාපයට ලක්වී ඇති ඇෆ්රිකාවට සමාන තත්වයක් තමයි දැන් ලංකාවේත් පවතින්නේ. ඒ ශාපයෙන් ගැලවීමට උත්සාහ කරපල්ලා නොමිනිසුනේ...
පැරකුම්Wednesday, 09 August 2023 09:05 PM
බද්රානිගේ අදහස්වලට කිසිසේත්ම එකගවිය නොහැක. මෙය ස්වාභාවික සම්පත් බහුල වාසනාවන්ත මිනිසුන් සුලභ රටක්. එය විනාශ කරන්නේ මෙවැනි ඉතා සුලුතරයක් විසිනි. අවාසනාව එවැන්නන් පාලනය කිරීමට රාජ්‍ය යාන්ත්‍රණය අපොහොසත් වීමයි. මක්නිසාද රාජ්‍ය පාලකයින් බොහොමයක්ද එවැනි දූෂිත වසලයින් වීමයි.
මහසෙන් Wednesday, 09 August 2023 01:33 PM
මේවගේ මෝඩයින් නිසා අපේ සල්ලි කෝටි ගණනක් ඉවරයි. දැන් කියයි කෝච්චිය කන්ටේනරේට වෙට්ටුවක් දැම්මා කියලා...
prasanna Wednesday, 09 August 2023 06:44 PM
ලංකාවේ මිනිසුන්ගේ පුදුම නොසැලිකිලිමත් කමක් තියෙන්නේ, මෙතැනින් මම හැමදාම යනවා.. දෙපැත්තටම ගොඩක් දුරට කෝච්චියක් එනවාද කියල පේනවා. දුම්රිය සඤ්ඤා ඉතාමත් හොඳින් වැඩ කරනවා...