සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිවෙලා සමහර පක්ෂවලට සජිත් භීතිකාව ඇතිව තිබෙන බවත් එයට හේතුව සමගි ජන බලවේගයේ සංවර්ධන වැඩසටහන හරහා සමහර දේශපාලන පක්ෂවල පැටිකිරිය එළි දැක්වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(4) කොළඹදී පැවසීය. 04 January 2023
සැකකරුවකු මුදා ගන්න ගිය තරුණියක සහ කාන්තාවක අල්ලයි ගංජා ජාවාරමේ නිරතව සිටි බව කියන 24 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදී එම සැකකරු මුදා ගැනීමට උත්සාහ කළේ යැයි කියන 19හැවිරිදි තරුණියක සහ 27 කාන්තාවක සැකපිට අත්අඩංගුවට ගත් බව කැබිතිගොල්ලෑව මුලස්ථාන මුලස්ථාන පොලිසිය පවසයි. 04 January 2023
පාප් තුමන්ට ගෞරව ලෙස ජාතික කොඩිය අඩකුඹු කරයි 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල හෙට (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ. 04 January 2023
අධිකරණයට අපහාස කළ වැලිකන්ද සභාපති කූඩු කරයි අධිකරණයට අපහාසාත්මක වන අයුරින්,අධිකරණය තුළ කකුලක් උඩ කකුලක් තබාගෙන සිටියැයි කියන සිද්ධියකට වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපති නිමල් අධිකාරි මහතා, අධිකරණ ශාලාවේ සිර මැදිරිය තුළ පැය තුනක් රඳවා කර තබන්නැයි පොලොන්නරුව මහේස්ත්‍රාත් එම්.එම්. ෆාතිමා මින්හා මහත්මිය නියෝග කළාය. 04 January 2023
පුංචි ඡන්දෙට ජනපති සහය නොදෙයි මහ නගර සභා,නගර සභා සහ ප්‍රාදේශීය සභා සඳහා සභිකයන් පත්කර ගැනීමට පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කිසිඳු ඡන්ද කටයුත්තකට තමන් සහභාගී නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයට අද (4)නිල වශයෙන් දැනුම් දුන්නේය. 04 January 2023
ලිට්රෝ ගෑස් මිල හෙට අඩු වෙයි ලිට්රෝ ගෑස් සමාගම ගෑස් මිල හෙට (5) මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව එම ගෑස් සමාගමේ උසස් නිළධාරියෙක් ’ලංකාදීප’යට පැවැසීය. 04 January 2023
යුක්තිය ඉල්ලා ගුවන් සේවා නිලධාරිය අධිකරණයේ හඬා වැටෙයි විශ්‍රාමික නීතීපතිවරයකුගේ සේවය ගැනීම නිසා අත්අඩංගුවට ගත් තිදෙනකුට නඩු පවරන්නේම නැතිව නිදහස් කළ නීතීපතිවරයා විශ්‍රාමික නීතීපතිවරයාගේ ගාස්තුව ගෙවීමට නොහැකි වු මට විතරක් නඩු පැවරුවා යැයි ව්‍යාජ ලෙස පුද්ගලයින් විදේශ ගත කළ බවට චෝදනා ලැබු ගුවන් සේවා නිලධාරියකු විත්ති කූඩුවේ සිට හඬා වැටෙමින් මීගමුව මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා හමුවේ පැවසීය. 04 January 2023
අනුරාධපුර-වවුනියාව දුම්රිය ධාවනය හෙට සිට නවතී මහව සිට ඕමන්තය දක්වා දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ පළමු මුලික අදියර වන අනුරාධපුර සිට වවුනියාව අතර දුම්රිය ධාවනය හෙට (5) සිට අත්හිටුවයි. 04 January 2023
පේරාදෙණි සිසුන් යළි රිමාන්ඩ් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිදු වූ ගැටුම්කාරී සිදුවීමක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත කර සිටින එම විශ්ව විද්‍යාලයේ සිසුන් 13 දෙනා යළි මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර මහතා නියෝග කළේය. 04 January 2023
ඡන්දෙට පෙර කෘෂි ඇමති රජයෙන් කළ ඉල්ලීම මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන් රජයෙන් සහ මුදල් අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 04 January 2023
ඩෙංගු මදුරුවා පුත්තලමට කෝටි ගණනක් පාඩු කරලා පුත්තලම නගරයෙ ඩෙංගු මර්දනයට නගරයෙ සියලුම ව්‍යාපාරික ස්ථාන වසා දමා නිවාස පිරිසිදු කර ගැනිමට කටයුතු කරන ලෙස පුත්තලම නගර සභාව, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පුත්තලම ජුම්මා දෙවස්ථානය දැනුම් දිමේන් 4 දින රුපියල් කෝටි ගනනක් පාඩුවක් සිදුවු බව ව්‍යාපාරිකයෝ පවසති. 04 January 2023
ප්‍රවාහන අධිකාරිගේ වැඩෙන් අඩ පැයක් දුම්රිය ප්‍රමාද කරලා ප්‍රවේශ පතක් නොමැතිව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් මහනුවර බලා යෑමට උත්සාහ කළ නාවලපිටිය සහකාර ප්‍රවාහන අධිකාරිවරයෙක් දුම්රිය නියාමකවරයෙක් සමඟ ගැටුමක් ඇතිකරගැනීම නිසා දුම්රිය ප්‍රමාද වීමේ සිද්ධියක් වාර්තා වේ. 04 January 2023
බොරතෙල් මිල තවත් පහතට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 January 2023
බාල බෙහෙත්වල කෝටි 9ක් තවමත් අය කරගෙන නැතිලු රජයේ ඖෂධ නීතිගත සංස්ථාව බාල ඖෂධ (වෛද්‍ය සැපයුම්) සැපයු සැපයුම්කරුවන්ගෙන් රුපියල් නව කෝටි විසි ලක්ෂයකට වැඩි මුදලක්(2020 දෙසැම්බර් 31 වෙනි දිනට) අයකරගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 04 January 2023
නිර්මල බුදු දහම - දළදා මාලිගාව බේරා දෙන්න දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහනාහිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ල 04 January 2023
රෝහල්වලට බිත්තර අහේනියක් මෙරට රෝහල් පද්ධතිය වෙත බිත්තර සැපයීම මේ වන විට සම්පූර්ණයෙන්ම නැවතී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. 04 January 2023
ජාජබ රැලියට මහ සෙනඟක් ජාතික ජන බලවේගය කලාවැව ආසන බලමණ්ඩල පිහිටුවීම අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් තඹුත්තේගම බස් නැවතුම්පොළ භුමිය්යේ දී පැවැත්විණි. 04 January 2023
සිවකුමාර් නඩේසන්ට භාරතයෙන් සම්මානයක් එක්ස්ප්‍රස් නිව්ස්පේපර්ස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂ සිවකුමාර් නඩේසන් මහතා මෙම වසරේ (2023) ප්රවාසි භාරතීය සම්මානය සඳහා ඉන්දියානු රජය තෝරාගෙන ගෙන තිබේ. 04 January 2023
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අලුත් අධ්යක්ෂවරියක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්යක්ෂ ජනරාල්වරිය ලෙස මාලතී පරසුරාමන් මහත්මිය පත් කර තිබේ. 04 January 2023
මැකෝ කාර්යාලය දෙකට බෙදේ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමේ දින වකවානු ඉතාම ආසන්නව තිබියදී ජාතික මැතිවරණ කොමිසමේ සිදුවී තිබෙන බෙදීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ගැනීමට රජය තීරණය කර තිබේ. 04 January 2023
සූර්ය පැනල බද්දෙන් නිදහස් කරයි සූර්ය පැනල සඳහා වන වරාය සහ ගුවන් සේවා බද්ද මෙම මස 1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 04 January 2023
ශාෆ්ටර් නඩුවේ සාක්කි මහේස්ත්‍රාත් නිල මැදිරියේ කැඳවයි ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂවරයකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය සම්බන්ධයෙන් වන මරණ පරීක්ෂණ සාක්ෂි විවෘත අධිකරණය තුළ නොකැඳවා මහේස්ත්‍රාත් නිල මැදිරිය තුළ කැඳවනු ලැබීය. මාධ්‍යයට විවෘත නොවී අප්රසිද්ධියේ එම සාක්කා ලබා ගනිමින් සිටියි. 04 January 2023
පුනරුත්ථාපන පනත හෙට මැතිසබයට නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට (5) පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය. 04 January 2023
ස්වර්ගස්ථ පාප් තුමන්ට ජනපති සොව පළ කරයි 16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පෙරවරුවේ කොළඹ පිහිටි අපෝස්තලික තානාපති කාර්යාලය වෙත ගියේය. 04 January 2023
තට්ටු ගෙවල් වල ඔප්පු ඉක්මනට දෙන්න කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශයේ නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 24ක සහ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති දෙකක හිමිකම් ඔප්පු ලබාදීම කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය. 04 January 2023
ගුවන් සේවා අධිකාරියෙන් අනතුරු ඇඟවීමක් රටපුරා බලපත්‍ර නොමැතිව ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති හෙයින් අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 04 January 2023
විග්නරාජා ජනපති හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරිණි. 04 January 2023
කතරගම-කොළඹ අර්ධ සුඛෝපභෝගී බස් සේවාව නවතියි ගාලු පාරේ, කතරගම කොළඹ හඅතර ධාවනය වන අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවාව අද (4) මධ්‍යම රාත්‍රියේ සිට නතර කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසීය. 04 January 2023
ලොක්කන් තවත් දෙදෙනකුගේ සුදුසුකම් සොයන්න යයි තවත් ප්‍රධානීන් දෙදෙනකුගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර ඇත. 04 January 2023
තේ-එළවළු අලුත් පොහොරක් වෙළෙඳපොළට තේ හා එලවළු සඳහා විශේෂ මිශ්‍ර පොහොරක් කොමර්ෂල් පොහොර සමාගම විසින් හඳුන්වා දී තිබෙි. 04 January 2023
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026