(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ රංජිත් කරුණාවීර)
පෙම් පළහිලව්වක් මත බව කියමින් මොරයාය සංඝබෝධි විද්‍යාලය ඉදිරිපිට දී අද උදෑසන 6.45 පමණ 16 හැවිරිදි පාසල් සිසුවියකට පිහියකින් ඇන බරපතළ තුවාල සිදු කළේ යැයි කියන ඇගේ පෙම්වතා බවට හැඳින්වෙන 24 හැවිරිදි තරුණයකු හසලක පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
තුවාල ලැබූ පාසල් සිසුවිය මහියංගනය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් පසු වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මෙම සිසුවිය මුහුණු පොතෙන් මෙම සැකකාර තරුණයා අඳුනාගෙන ඔහු සමග වසරකට වැඩි කාලයක් තිස්සේ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසිය පවසයි.
මුහුණු පොතෙන් හඳුනාගත් මෙම තරුණයා සමඟ කරගෙන තියෙන ප්‍රේම සම්බන්ධතාවය මෑතකදී ඇය නතර කර දමා ඇති බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.
ප්‍රේම සම්බන්ධතාවය අතරමග නතර කිරීම නිසා සැකකරු මෙවැන්නක් කර ඇති බවපොලිස් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි කියති.
2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
236
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙම්වතාගෙන් පාසල් පෙම්වතියට පිහිපහර
Bunny Preena Tuesday, 08 August 2023 02:02 PM
මොකක් හරි කමක් නැහැ මට කොල්ලෙක් හිටියොත් ඇති කියල හිතන මොඩ කෙල්ලන්ට හොද පාඩම්. දරුවනෙ ඉස්සෙල්ලම අධ්‍යාපනයට ප්‍රමුක ස්තානය දීල හොඳට ඉගෙන ගනිල්ලා. ඊයිට පස්සෙ පුලුවන් අනිත් දේවල් වලට යොමු වෙන්ට.