IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


කැන්ඩි පිල දැවැන්ත ජයක් සමගින් පෙරමුණට එයි

(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 12 වැනි තරගය ලෙස මහනුවර පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (8) පැවැති දිනයේ පළමු තරගයේදී බී - ලව් කැන්ඩි පිල ලකුණු 89 කින් ගෝල් ටයිටන්ස් පිල පරාජය කරමින් දැවැන්ත ජයක් ලැබීය.

මෙය කැන්ඩි පිල තරඟ පහකදී ලැබූ තුන්වැනි ජයග්‍රහණය වන අතර මෙම ජයග්‍රහණයත් සමග කැන්ඩි පිල ප්‍රසාද ලකුණු 6 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය. ජයග්‍රහණය සඳහා ලකුණු 204 ක ඉලක්කය හඹාගිය ගෝල් ටයිටන්ස් පිල ඕවර 16.4 ලකුණු 114 කට සීමා විය.

වනිදු හසරංග නැවතත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17 කට කඩුලු 4ක් දවා ගත්තේය.

පළමුව පන්දුවට පහර දුන් කැන්ඩි පිල වෙනුවෙන් නායක වනිදු හසරංග වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 27 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 64 ක් රැස්කරමින් කැන්ඩි පිල ලකුණු 203 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.

බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 5 ට 203 (මොහොමඩ් හාරිස් 17, ෆකාර් ශමාන් 45, දිනේෂ් චන්දිමාල් 25, ඇන්ජලෝ මැතිව්ස් 40, වනිඳු හසරංග 64, ළහිරු සමරකෝන් 31/2) ගෝල් ටයිටන්ස් පිල ඕවර 16.4 කදී සියලු දෙනා දැවී 114 (ලසිත් කෘස්පුල්ලේ 17, අශාන් ප්‍රියන්ජන් 25, ලහිරු සමරකෝන් 36, මුජූබූර් රහමන් 26/2, නුවන් ප්‍රදීප් 21/3, වනිදු හසරංග 17/4)



අදහස් (0)

කැන්ඩි පිල දැවැන්ත ජයක් සමගින් පෙරමුණට එයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site