අයි.එම්.එෆ් මැයි ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහනේ ප්‍රගතිය මැනිය හැකි කැපවීම් 100 න් 29 ක් ශ්‍රී ලංකාව මැයි මාසය අවසානය වන විට ඉටුකර ඇති බවත් කැපවීම් 3 ක් ඉටුකිරීමට අපොහොසත්ව ඇති බවත් ‘වෙරිටේ රිසර්ච්’ අයි.එම්.එෆ්. මීටරය පවසයි. 19 June 2023
‘‘දේශීය ණය ගැන අවසන් තීන්දුවක් ගෙන නැහැ‘‘ දේශීය ණය ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් රටේ විවිධ පාර්ශ්ව අසත්‍ය තොරතුරු සමාජගත කරමින් සිටින නමුත් රජය මෙතෙක් ඒ සම්බන්ධව අවසන් තීන්දුවක් ගෙන නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 19 June 2023
‘‘ජනපති රට ගියාට වැඩක් නෑ‘‘ ජනාධිපතිවරයා අවස්ථා ගණනාවකදී විදේශ ගතවුවත් ශ්‍රී ලංකාව ණය බරින් මුදවා ගැනීම සහ ආර්ථික වශයෙන් වර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් කිසිදු සහයෝගයක් හෝ අනුබලයක් ජාත්‍යන්තරයෙන් ලැබී නොමැති බව සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කොළඹදී අද(19) ප්‍රකාශ කළේය. 19 June 2023
ජනකගේ පුටුවට පේරේ මහ ඇදුරෙක් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නව සභාපති තනතුරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට නාම යෝජනාවක් ඉදිරිපත් කර ඇත. 19 June 2023
ජනවාරියේ සියයට 27 කට වැඩි විදුලි ගාස්තු අඩුවීමක් ජනවාරි මස විදුලි ගාස්තු සංශෝධනයේදී ජූලි මස සහනයට වඩා වැඩි සහනක් දෙන බවත් ජූලි මස විදුලි ගාස්තු සංශෝධනයේදී පහළම කාණ්ඩවලට සියයට 27 කින් ගාස්තුව අඩු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 19 June 2023
එක්සත් අරාබි එමිර් රාජ්‍යයට 356ක ඉලක්කයක් ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමිර් රාජ්‍ය අතර බුලවායෝහිදී දැන් පැවැත්වෙන තරගයේ පළමු පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 50 යේදී කඩුලු 6 ක් දැවී ලකුණු 355 ක් රැස්කිරීමට සමත් විය. 19 June 2023
ළමා රක්ෂණ අධිකාරියෙන් මත්තේගොඩ පොලීසිය ගැන විමර්ශනයක් බාලවයස්කාර දැරියක අත්අඩංගුවට ගෙන කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් පිළිබදව මත්තේගොඩ පොලීසියේ නිලධාරින් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ජාතික ළමා රක්ෂණ අධිකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (19) කරුණු වාර්තා කර ඇත. 19 June 2023
කොමිස් වැඩි නොකළොත් ලොතරැයි වෙළෙන්දෝ වර්ජනයක ලොතරැයි පතක මිල රුපියල් 40ක් කිරීමට විරෝධය දැක්වීම ඇතුළු තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතෙන් සහ අලෙවි සහයකවරුන් ලබන 06 වැනිදා සිට ලොතරැයි අලෙවියෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි සමස්ථ ලංකා ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිෂාන්ත මාරඹගේ මහතා පැවසීය. 19 June 2023
අ‘පුර අධිකරණය අධ්‍යාපන බලධාරීන්ට දෙහි කපයි විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය කඩකර ඇති බව තහවුරු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරුමැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬවම් පමුණුවන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ශ්‍රීනාත් ගුණසේකර මහතා විවෘත අධිකරණය හමුවේ අද පැවැසීය. 19 June 2023
හංවැල්ලට කුඩු බෙදූ කෙරුමා මාට්ටු හංවැල්ල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් මහපරිමානයෙන් මත්කුඩු ජාවාරෙම් නිරත හිටපු හමුදා සෙබළකුත් රුපියල් 70 ට අධික වටිනා හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 19 June 2023
අ‘පුර රෝහලේ සුව විරුවෝ ගුටි ඇන ගනිති අනුරාධපුර රජයේ රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාලයේදී වෛද්‍යවරුන් දෙදෙනකු අතර ඇති වූ ගුටි බැට හුවමාරුවකදී එක් වෛද්‍යවරයකු තුවාල ලබා එම රෝහලම ඇතුළත් කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි. 19 June 2023
ගෝඨා ට වෙච්ච දේ රනිල්ට වෙන්න දෙන්නෙ නෑ ගෝඨාභය රාජපක්ෂ මහතාට වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහත්තයට වෙන්න පොදුජන පෙරමුණ ඉඩ තියෙන්නේ නැතැයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 19 June 2023
ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට සේන්දු වෙයි ඉන්දීය නාවික හමුදාවට අයත් ‘අයි.එන්.එස්. වැගිර්’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා කොළඹ වරායට අද (19) පෙරවරුවේ සේදුන්විය. 19 June 2023
පාඩු ලබන ලංගම ඩිපෝ 40 ක් වැසීමේ අවදානමක ලංකා ගමනා ගමන මණ්ඩලය (ලංගම) සතු පාඩු ලබන ඩිපෝ වසා දැමීමේ අවදානමක් ඇති බව එම මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 19 June 2023
මත්පැන් සමාගමකින් කෝටි 275 ක පොල්ලක් නිෂ්පාදන කටයුතු අත්හිටුවා ඇති සැර මත්පැන් නිෂ්පාදන සමාගමක් සුරාබදු දෙපාර්තමේන්තුවට 2022 වර්ෂයේදී රුපියල් කෝටි 275 ක පමණ බදු මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 19 June 2023
රනිල් එක්ක 69 ලක්ෂයේ බලාපොරොත්තු ඉටුකරනවා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන් 69 ලක්ෂයේ බලාපොරොත්තු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එක්ව ඉටු කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 19 June 2023
වද හිංසා දරා ගන්න බැරිව සිසුවා නිවෙසින් පනී පියා සහ මවගේ අමානුෂික පහරදිම් හමුවේ නිවසින් පලාවිත් හැටන් දුම්රිය ස්ථානයේ රැදි සිටි 15 හැවිරිදි පාසල් සිසුවකු අද අලුයම හැටන් පොලිසිය බාරයට ගත් බව හැටන් මුලස්ථාන පොලිසිය පවසයි. 19 June 2023
බස්නාහිර පාසල් දරුවන්ට ළා පැහැති දිග ඇඳුමක් බස්නාහිර පළාතේ පාසල් දරුවන්ට නිල ඇඳුමට යටින් ළා පැහැති දිග ඇඳුමක් ඇඳීමට අවසර දුන් බව බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 19 June 2023
දූෂණ පනත අනිද්දා විවාදයට දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනිද්දා(21) විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 19 June 2023
කසල ලොරියට උණ්ඩ ආ හැටි නගර සේවකයා කියයි ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයේ කසල රැගෙන යාම සඳහා යමින් සිටි කසල ලොරියෙන් හමුවූ උණ්ඩ කොපු දෙවන රෙජිමේන්තු පරිශ්‍රයේ කසල රැස් කිරීමේදී ලැබුණු ඒවා බවට තහවුරු වී ඇතැයි මහනුවර පොලිසිය කියයි. 19 June 2023
පොහොර ලැබී නැත්නම් අහන්න දුරකථන අංක දෙයි දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට හිඟයකින් තොරව යුරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ලංකා පොහොර සමාගමේ හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය . 19 June 2023
රෝහිත එංගලන්තයට හිටපු විදේශ කටයුතු අමාත්‍යවරයෙක් වන රෝහිත බෝගොල්ලාගම මහතා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ. 19 June 2023
විමල්ට වරෙන්තු එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසෙන් කුමරුගේ ශ්‍රී ලංකා සංචාරයකදී මාර්ගය හරස් කිරීමට එරෙහි නඩුවට පෙනී නොසිටි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගන්නැයි කොළඹ මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතා අද (19) වරෙන්තු නිකුත් කළේය. 19 June 2023
ටියුෂන් ළමුන්ට මත්පෙති වික්ක කතක් මාට්ටු දීර්ඝ කාලයක සිට හොරණ ප්‍රදේශයේ උපකාරක පන්ති කේන්ද්‍ර කරගනිමින් එහි අධ්‍යාපනය ලබන සිසුන්ට මත්පෙති අලෙවි කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ කියයි. 19 June 2023
කොස්තාපල්ට වෙඩි තියන්න හැදු හිටපු සෙබළා අත්අඩංගුවට හිබුටාන සල්මල් උයන ප්‍රදේශයේදී සඟවාගෙන සිටි ගිනි අවියකින් පොලිස් කොස්තාපල්වරයෙකු වෙඩි තැබීමට තැත් කළ අපරාධ රැසකට සම්බන්ධ සැකකරු සමග හිටපු හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. 19 June 2023
මහවිලච්චියේ දරුවන්ගේ අඳෝනාව මහවිලච්චිය අධ්‍යාපන කොට්ඨාසයට අයත් පාසල් 16 කට කිසිදු ක්‍රීඩා ගුරුවරයකු නැතැයි එම පාසල්වල ගුරුවරුන් මෙන්ම මාපියන් මැසිවිලි නගයි. 19 June 2023
පාසල් සංවර්ධන නිලධාරිනියගේ නිවෙසින් කඳන් අටක් හමුවේ සතුන් දඩයම් කිරීම සඳහා අටවන තුවක්කු කඳන් අටක් නිවසේ සඟවාගෙන සිටි බව කියන පාසල් සංවර්ධන නිලධාරිනියක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 June 2023
කොළඹ නගරය ආශ්රිත විදුලි බස් රථ සේවාවක් කොළඹ නගරය අශ්‍රිතව විදුලි බස් රථ සේවාවක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැති ලැබුණු බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 19 June 2023
රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්නගේ නිවෙසට ප්‍රහාරයක් ගෝනවිල පමුණුවිල සරච්චන්ද්‍ර ඩයස් මාවතේ පිහිටි පොදුජන එක්සත් පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාට අයත් දෙමහල් නිවසට කිසියම් පිරිසක් විසින් පහරදී හානි සිදුකර ඇතැයි සපුගස්කන්ද පොලිසිය පවසයි. 19 June 2023
කසල ලොරියෙන් හිස් උණ්ඩ මතුවෙයි ශ්‍රී දළදා මාලිගාවේ දැඩි ආරක්ෂක කලාපයට ඇතුළු වීමට උත්සාහ කළ මහනුවර මහ නගර සභාවට අයත් කසල ලොරියක තිබීටී 56 ගිනි අවි සඳහා යොදන හිස්පතුරම් කොපු32ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 19 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026