
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
තලවිල සාන්ත ආනා දේවස්ථානය වන්දනාමාන කිරීමට පැමිණ දේවස්ථාන භූමියේ කූඩාරමක් ඉදිකරගෙන පවුලේ අය සමග එහි ගත කළ අයකු අද(6) රාත්‍රියේ හදිසියේ ඇති වූ අසනීප තත්වයක් නිසා මියගොස් ඇතැයි කල්පිටිය පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ කොළඹ 14 දුම්රිය පටුමගේ පදිංචිව සිටි ගාන්ධි මොහාන්දාස් නැමැත්තෙකි.
ඔහු පවුලේ ඥාතීන් සමග තලවිල දේවස්ථාන භූමියට පැමිණ තිබුණේ ඉකුත් තුන් වැනිදා බව පොලීසිය පවසයි.
මියගිය අයගේ දේහය පුත්තලම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
පස්චාත් මරණ පරීක්ෂණය හෙට දිනයේ පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
".. ගේ ..... කැමැත්ත ....!!!
අහෝ දෙවියනි ,ඇයි ගාන්දි මෝහන්දාස් ව පවුලෙන් වෙන් කර ඔබගෙයි තුරුලට මෙතරම්ම ඉක්මනින් ගත්තෙයි ?මේ පවුලට ඔබවහන්සේ මාසිකව යම් මුදලක් එවනවද ?