(ප්‍රියාණි මංගලිකා )
නිකවැරටිය ,හැවැන්පැලැස්ස ප්‍රදේශයේ තැඹිලි ගසකින් තැඹිලි ඉත්තක් කැපීමට ගිය පුද්ගලයෙකු එම. ගසෙන් ඇද වැටී මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි .
ඔහු තම මස්සිනා සමග ගොස් තැඹිලි ගසකින් තැඹිලි ඉත්තක් කැපීමට ගසට නැගි අවස්ථාවේ එම ගසින් ඇද වැටී අනතුරට ලක්ව ඇති අතර නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මරණයට පත්ව ඇති බවට මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතිි බවද පොලීසිය පවසයි .
මෙසේ මරණයට පත්ව ඇත්තේ,වරකාපොල පදිංචි , විසි හත් හැවිරිදි , එන්.පී.නිසාද් මොහමඩ් නැමති තිදරුු පියෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තැඹිලි ඉත්තක් කියන්නෙ නම් තැඹිලි වල්ලක කෝටුවක් වගේ කොටසකට තමයි සාමාන්‍යයෙන් මිනිස්සු කියන්නෙ තැඹිලි වල්ලක් /පොල් වල්ලක් කියලා තමයි පව් අසරණයා