(අංජුල මහික වීරරත්න)
නියඟය නිසා වී වගාවට සිදු ව ඇති හානිය තක්සේරු කිරීම වහා අරඹන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දුන්නේය.
මෙම යල කන්නයේ දී නියඟයේ බලපෑම හේතුවෙන් මේ වනවිට දිස්ත්‍රික්ක කිහිපයක වී වගාවට සිදු ව ඇති හානිය ඉහළ ගොස් ඇතැයි ගොවි සංවිධාන නියෝජිතයන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
නියඟයේ බලපෑම නිසා අනුරාධපුර මෙන්ම අනෙකුත් දිස්ත්‍රික්ක ගණනාවක වී වගාවට හානි සිදුවී ඇති බැවින් ගොවීන්ට වන්දි මුදලක් ලබා දීමට සිදුවනු ඇති වනු ඇති බව ගොවි නියෝජිතයන් පෙන්වා දී ඇත.
ඒ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි නියඟයේ බලපෑම නිසා වී වගාවට සිදුව ඇති හානිය සම්බන්ධව තක්සේරු කිරීම වහාම ආරම්භ කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ඩබ්. එම්. එම්. බී. වීරසේකර මහතාට උපදෙස් දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd