
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉදිරි මහ කන්නයේදී බෙදා හැරීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 ක් පසුගිය දා කෘෂි කර්ම අමාත්‍යංශයට භාර දෙනු ලැබ ඇත.
මෙම යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360 ජපන් රජයේ මූල්‍ය ආධාර මත එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලබා ගෙන තිබේ.මෙම පොහොර තොගය කුරුණෑගල, යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම, වවුනියාව, ත්‍රිකුණාමලය සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් එකක් දක්වා වගා කරන ගොවියන් 228000 ක් ආවරණය වන පරිදි බෙදා හැරෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ප්‍රකාශ කර ඇත.
මෙම පොහොර තොගය කෘෂිකර්ම අමාත්‍යංශයට භාර දීමේ උත්සවයට ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී කට්සුකි කොටාරෝ සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් මොවුන් හොරා කැවේ නැත්නම් ලෝක පුදුමයක් !