IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


නියං රකුසා පළාත් හතරකට බැට දෙයි

(සුජිත් හේවාජුලිගේ )

දැඩි නියඟය හේතුවෙන් උතුර,නැගෙනහිර,වයඹ සහ සබරගමුව පළාත්වල පවුල් විසි හත් දහස් නවසිය හැත්තෑ හතක් (27977) දැඩි බලපෑමට ලක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ පිරිසට අයත් වන පුද්ගලයන් සංඛ්‍යාව අසූනව දහස් හයසිය අනූපහකි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තොරතුරුවලට අනුව (ඊයෙ (5) නිකුත් කෙරුණු) නියගයෙන් වැඩිම බලපෑමට ලක්ව සිටින්නේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල ජනතාවයි. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල 69113 දෙනෙක් බලපෑමට ලක්ව සිටිති. එම පිරිසට ඇතුළත් වන පවුල් සංඛ්‍යාව 21714කි.

මේ අතර රටේ වාරි ජලාශවල තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා පැවසුවේ මහා පරිමාණ වැව් 75 න් සහ මධ්‍ය පරිමාණ වැව් 3000න් සියයට 65 ක් පමණ නියඟය හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇති බවයි.

එම ජලාශවල ජල මට්ටම සියයට විසි හතක් දක්වා පහත බැස ඇතැයිද ඔහු සඳහන් කළේය.

ගොවීන්ට පොරොන්දුවූ ආකාරයට තවත් සති දෙකක් පමණ ජලය ලබාදීමට හැකියාව ඇති බවත් ඊට අමතරව ගොවීන් ඉල්ලන ජලය ලබාදිය නොහැකි බවත් වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය.

 



අදහස් (2)

නියං රකුසා පළාත් හතරකට බැට දෙයි

SISIL Sunday, 06 August 2023 11:23 PM

නියගයෙන් වැඩිම බලපෑමට ලක්ව සිටින්නේ නැගෙනහිර සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල ජනතාවයි. එම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල 69113 දෙනෙක් බලපෑමට ලක්ව ඇත. මෙම ප්‍රදේශවල ජනතව ඔවුන්ගේ නියෝජිතයන් පාර්ලිමේන්තුවට පත්කර එවාතිබේ. කණගාටුවට කරුණ නම් එම දේශපාලකයන් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිට සියලු වරප්‍රසාද ලබමින් උතුරු නැගෙන හිර ප්‍රදේශ පාලනයට බලය ඉල්ලා සිටීම හැර ඔවුන් පාර්ලිමේන්තුවට පත් කල පුරවැසියන්ගේ මුලික අවශ්‍ය තත්වයන් වන බිමට අවශ්‍ය පානිය ප්‍රශ්නය විසදීමට කටයුතු කර තිබේද ? පාර්ලිමේන්තුව සහ පලත්සබවන් නියෝජනය කරනාවූ නැගෙනහිර සහ උතුරු පළාතේ දේශපාලකයන් කොපමණ සිටියද ජනතවගේ ගැටළු ඔවුනට ගැටළුවක් නොවේ. නැගෙනහිර සහ උතුරු පළාතේ දේශපාලකයන්ට විදුලිය සහ බිමට පානිය ජලය පිළිබද ගැටළුවක් නැත. ඔවුන් සියලු දෙනා ජිවත් වන්නේ කොළබ නගරයේය, නැගෙනහිර සහ උතුරු පළාතේ දේශපාලකයන්ට සියලු සැප පහසුකම් ඇත. නමුත් ඔවුන්ව පාර්ලිමේන්තුවට පත්කිරීමට කතිරය ගැසූ සියල්ලෝම බිමට ජලය නොමැතිව අහස දෙස බලාසිටි.

:       0       0

saman Monday, 07 August 2023 08:04 AM

උතුරු පළාත සහ නැගෙනහිර නියෝජනය කරනාවූ දේශපාලකයන් ද්‍රවිඩ පුරවැසියන් මගහැර සිටින්නේනම් නැගෙනහිර සහ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්, කයිට්ස්, චාවකච්චේරි, මරදන්කර්නි, චන්කානෙයි යන යන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වසම්වල ජනතාවට බිමට පානිය ජලය සැපයීමට මධ්‍යම රජය ක්‍රමවේදයක් සකස් කිරීමට හැකියාව සොයාබැලිය යුතුවේ. Canada, US , French, British, යුරෝපිය රටවල් දැනුවත් කර ද්‍රවිඩ ජනතව බහුතරයක් සිටිනා රටවල තානාපති / මහකොමසාරිස් සහයෝගය ලබාගැනීම පිලිබදව සොයා බැලීම වැදගත් වේ. හමුදා සහයෝගය මගින් පානිය ජලය ප්‍රවාහන කටයුතු කිරීමේ හැකියාවක් ඇත. යෝජනාවක් පමණි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site