මිනුවන්ගොඩ වෙඩි තැබිමකින් දෙකකට තුවාල මිනුවන්ගොඩ,බොරගොඩවත්ත ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් දෙදෙනකු තුවාල ලබා ඇති බව ගම්පහ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 17 June 2023
අයි.පී.ට ගිනි අවිය එල්ල කළ පී.සීගේ වැඩ තහනම් මාලබේ පොලිස් ස්ථානය තුළදී රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාට ටී 56 ගිනි අවියකින් වෙඩි තැබීමට තැත් කළැයි කියන පොලිස් සැරයන්වරයකු වැඩ තහනමට ලක් කර ඇති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි. 17 June 2023
ඔක්ටේන් 95 පෙට්‍රල් තොග ඛනිජ තෙල් සංස්ථාවේ නෑ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ඔක්ටේන් 95 පෙට්‍රල් තොග නොමැතිවීම හේතුවෙන් සති දෙකකට ආසන්න කාලයක සිට එම පෙට්‍රල් ඇණවුම් නොලැබෙන බවත් ඒ හේතුවෙන් රට පුරා ඔක්ටේන් 95 පෙට්‍රල් නොමැති තත්වයකට පත්ව ඇති බවත් ඛනිජ තෙල් බෙදුම්කරුවෝ පැවසූහ. 17 June 2023
කතරගම ඇසළ මංගල්‍යයේ තවලම් සිරිත ඉටු කරති අප රට එක් සේසත් කර ස්කන්ධ දෙවියන් වෙනුවෙන් කතරගම දේවාලය ඉදිකළ දුටුගැමුණු රජතුමා දුන් නියෝගයක් අකුරටම ඉටු කරමින් තවලම කතරගම පුජා භුමියට අද පැමිණියේය. 17 June 2023
බඹරකන්දේ දිය වළකට වැටී පේරේ සරසවි සිසුවා මරුට බඹරකන්ද දිය ඇල්ල ඉස්මත්තේ පිහිටි දිය වළකට වැටී පේරාදෙණිය සරසවියේ තෙවන වසරේ සිසුවකු ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 17 June 2023
ගිනි අවි සමග අයෙක් මාට්ටු විදේශීය රටක නිෂ්පාදිත අනවසර ගිණි අවියක් සහ ගිනි අවියකට යොදන විදෙස් රටකම නිෂ්පාදනය කළ ගිනි අවි බටයක් රහසිගතව තම සන්තකයේ තබාගත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි. 17 June 2023
160ට පිටි වෙළෙඳපොළේ නෑ ආනයනය තිරිගු පිටි මිල රුපියල් හතලියකින් වැඩි වී ඇතැයි සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. 17 June 2023
ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්තිය ජනපතිට පිළිගන්වයි ‘ජාතික භෞතික සැලසුම්කරණ ප්‍රතිපත්ති කෙටුම්පත - 2048’ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ජනාධිපති කාර්යාලයේ දී පිළිගැන්විණි. 17 June 2023
මාමාණ්ඩිගේ උදළු පහරින් බෑණා අවසන් ගමන් යයි මින්නේරිය රෝටවැව ප්‍රදේශයේ දී පවුල් ආරවුලක් දුරදිග යාමෙන් මාමාණ්ඩිය සිය බෑණාට උදැල්ලකින් පහරදී ඝාතනය කර ඇතැයි මින්නේරිය පොලිසිය කියයි. 17 June 2023
මැදිරිගිරිය තිදරු මවගේ ඝාතකයා අත්අඩංගුවට මැදිරිගිරිය මිරිස්හේන ධීවර ගම්මානයේදී පසුගිය 15 වන දින අනියම් ප්‍රේම සම්බන්ධතාවයක් මුල් කර ගනිමින් සිදු වූ ඝාතන සිද්ධියේ සැකකරු නීතීඥවරයකු මාර්ගයෙන් මැදිරිගිරිය පොලිසිය වෙත භාර වූ බව පොලිසිය කියයි. 17 June 2023
ජනපති - අසුසා කුබෝටා හමුවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් සිදුව ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 17 June 2023
රිය අනතුරකින් අජිත් රෝහණගේ බිරිඳ තුවාල ලබයි කොළඹ පිත්තල හන්දියේ දී බීමත් රියැදුරකු සිදුකළ අනතුරකින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ බිරිඳ තුවාල ලබා ඇතැයි කොම්පඤ්ඤ වීදිය පොලිසිය පවසයි. 17 June 2023
මැණික් පතලට යටවු දෙකක් මරුට:දෙකකට තුවාල රක්වාන ඕබොඩකන්ද දොළ රක්ෂිතයක අනවසරයෙන් මැණික් පතල් හාරමින් සිටි පුද්ගලයන් පිරිසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් දෙදෙනකු තුවාල තුවාල ලබා රෝහල් ගතකළ බව රක්වාන පොලිසිය කියයි. 17 June 2023
රාජ්‍ය ඇමතිවරු දෙන්නකුට අලුත් වගකීම් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසද පත්කරනු ලැබ සිටිති. 17 June 2023
සීනිගමදී වෙඩි තැබීමක්:අයෙක් තුවාල ලබයි සීනිගම දී සිදු වූ වෙඩි තැබීමකින් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ මන්තීවරයකු තුවාල ලබා රෝහල් ගත කළ බව මීටියාගොඩ පොලීසිය කියයි. 17 June 2023
පරිසර අමාත්‍යංශයට නීති නිලධාරී නොමැතිවීමෙන් ජනතාව පීඩාවට පරිසර අමාත්‍යංශයේ නීති නිලධාරී තනතුර මාස 5 ක පමණ කාලය සිට පුරප්පාඩු වීම නිසා එම අමාත්‍යංශයට ලැබෙන අභියාචනා විභාග කිරීම ඇණහිට ඇති බව එහි උසස් නිලධාරියෙක් පැවසීය. 17 June 2023
සුද්දන් කොල්ල කැ මිල කළ නොහැකි ආයුධ හයක් යළි දෙයි ලන්දේසි පාලන සමයේ දී (1640-1796) ශ්‍රී ලංකාවෙි සිට ඕලන්දයට (නෙදර්ලන්තය) රැගෙන ගිය මිල කළ නොහැකි පෞරාණික අවි ආයුධ හයක් නැවත ශ්‍රී ලංකාවට ලබාදීමට නෙදර්ලන්ත රජය පොරොන්දු වී තිබේ. 17 June 2023
උතුරු නැගෙනහිර අහස වළාකුලින් බරවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 June 2023
උසස් පෙළ ටියුෂන් ගාස්තු නියාමනයට පනතක් උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්රය නියාමනයකට ලක් කිරීමට කටයුතු කරන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය. 17 June 2023
පාසල් වැඩපොත්වල අභ්‍යාස තහනම දරුවන්ට පීඩනයක් පාසල් වැඩපොත්වල අභ්‍යාස එම පොත්වලම අවස්ථාව නොලැබීමෙන් දරුවන් දැඩි දුෂ්කරතාවට පත්ව ඇති බවත් එය සිසුන්ට අනවශ්‍ය පීඩනයක් බවත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය. 17 June 2023
ගුරු පත්වීම් ගන්න හිස් උණ්ඩ අරන් ගිහින් අරලියගහ මන්දිර පරිශ්‍රයේ පැවැති බස්නාහිර පළාතේ ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයට පැමිණි පාසල් ක්‍රීඩා තරඟ විනිසුරුවරියක ගේ අත් බෑගයේ තිබී හිස් උණ්ඩ තුනක් සොයා ගැනීමෙන් පසු එම තැනැත්තිය සැකපිට අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය පවසයි. 17 June 2023
පවුලක නඩත්තුවට 76 දහසක් ශ්‍රී ලංකාවේ පවුලක මේ වසරේ මාසික වියදම රුපියල් 76,124 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ 2023 අලුත්ම වාර්තා අනුව පෙනී යන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා ලංකාදීපයට පැවැසීය. 17 June 2023
වැලි වංචාව හැංගූ බුද්ධි නිලධාරියා ගෙදර මදුරන්කුලිය මුක්කු තොඩුවාව ප්‍රදේශයේ නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය වැලි කැණීම් ස්ථානයක් ගැන තොරතුරු අනාවරණය කරගෙන ඒ ගැන තොරතුරු ලබා නුදුන් බව කියන මදුරන්කුලිය පොලිසියේ බුද්ධි අංශ නිළධාරියකුගේ වැඩ තහනම් කර ඇත. 17 June 2023
විශ්‍රාම ගියත් සුපිරි සැප ගන්නා මැති සබේ ලොක්කා කවුද පාර්ලිමේන්තුවෙන් මෑතකදී විශ්‍රාම ලැබූ උසස්ම නිලධාරියකු එහි විශේෂිත කමිටුවක ඉහළ තනතුරකට පත්ව විශ්‍රාම වැටුපට අමතරව පෙර නිලයේ සම්පූර්ණ වැටුපද වාහන ඇතුළු අනෙකුත් සියලු පහසුකම්ද ලබා ගන්නා බව වාර්තා වේ. 17 June 2023
ජනපති විදෙස් සංචාරයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රංශයේ සහ බ්‍රිතාන්‍යයේ සංචාරයක් සදහා අද අලුයම පිටවත් ගියේය. 17 June 2023
කළුතර තවත් ඝාතනයක් කළුතර, පලාතොට ගොඩපරගහහේන ප්‍රදේශයේ දී ආයුධයකින් කපා කොටා පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි . 17 June 2023
නෞකා අනතුරුවලට නීති කෙටුම්පතක් හදන්න යයි මෙරට මුහුදු සීමාවට දැඩි හානියක් කළ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිද්ධිය වැනි දේ නැවත වරක් සිදුවුහොත් ඊට අදාලව ගතයුතු පියවර ඇතුළත් නීති කෙටුම්පතක් සකස් කිරීමට දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා අදාල අංශ වෙත උපදෙස් දී තිබේ. 17 June 2023
ලක්දිව පළමු ජනාවාසයේ වතගොත සෙවීම අරඹයි ලංකාවේ පළමු ජනාවාසය ලෙස ලිඛිත සාක්ෂි මගින් කියවෙන මල් වතු ඔය ආශ්රිත ප්‍රදේශය, මහා විහාර පරිශ්‍රය හා සීතාවක රාජධානිය ඇතුළත් ප්‍රදේශවල පුරා විද්‍යා ගවේෂණ කටයුතු ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත. 17 June 2023
චෙන්නායි - කන්කසන්තුරේ යා කරයි ඉන්දියාවේ චෙන්නායි සිට කන්කසන්තුරය දක්වා වන මගී නෞකා ගමන් සේවය ආරම්භ කරමින් ඉන්දීය සංචාරකයින් රැගත් පරීක්ෂක මගී නෞකාවක් අද (16) යාපනය කන්කසන්තුරය වරාය වෙත සේන්දු විය. 16 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026