(නිමල් ජයරත්න)
මියගිය තම මවගේ පාංශුකූල කටයුතු ඉටු කිරීමට නම් රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව කියන භික්ෂුවක් පිළිබඳව දිඹුලාගල අරලගංවිල ප්‍රදේශයන් වාර්තාවෙයි.
මේ පිළිබඳව පොලිසියට ලැබුණු පැමිණිල්ලකින් පසු පොලිසිය මැදිහත්වීමෙන් වෙනත් විහාරස්ථානයක ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩමවා, මවගේ පාංශුකූල කටයුතු පොලිස් ආරක්ෂාව මධ්‍යයේ සිදු කර ඇත.
අරලගංවිල සූරියගල රුහුණගම පදිංචිව සිට 66 හැවිරිදි මවක ඉකුත් දෙවැනිදා මියගොස් තිබේ. පසුව මවගේ පාංශුකූල කටයුතු කිරිමට ගම්මානයේ විහාරස්ථානයට ගිය එම මවග පුතා විහාරාධිපති ස්වාමින්වහන්සේට ආරාධිනා කර ඇත. ,එය සිදුකිරීමට රුපියල් 24,000 මුදලක් ඉල්ලා සිටි බව අරලගංවිල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතා පැමිණිලි කර ඇත.
අනතුරුව විහාරාධිපති හිමි පොලිසියට වැඩමකරවා,එම පවුල පත්ව ඇති අසරණ බාවය පිලිබද පැය දෙකකට අධික කාලයක්,තමන් ස්වාමීන් වහන්සේ දැනුවත් කර බවත්,ඉන් පලක් නොවී හෙයින් පොලිසිය මැදිහත් වී ප්‍රදේශයේ වෙනත් ආරණ්‍ය සේනාසනක වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලා දහනමක් වැඩම කරවා පොලිස් ආරක්ෂාව මැද පාංශුකූල කටයුතු කර මවගේ දේහයේ අවසන් කටයුතු ,බඩල්කුඹුර පොදු සූසාන භූමියේ සිදුකළ බව ඉදුනිල් හේමපාල මහතා අප කළ විමසීමකදී වැඩිදුරටත් කීවේය.
මෙම පවුල වසර දෙකකට අධික කාලයක් මවගේ පැවැති රෝගාතුර තත්ත්වය සහ විවිධ අපහසුතා නිසා විහාරස්ථානයට දානය ලබාදීමට නොහැකි වී තිබේ.
ඊට දඩ මුදලක් වශයෙන් මාසෙකට රුපියල් 1000 බැගින් විහාරස්ථ දායක සභාවට රුපියල් 24,000ක මුදලක් ගෙවන ලෙසට එම පාංශුකූල ආරාධනාවට ගිය පුතුට විහාරාධිපති ස්වාමින්වහන්සේ පවසා ඇති බවද වාර්තාවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ වගේ හාමුදුරු නමක්?
බොලේ හැබෑට පන්සල්වල ලොකු හාමුදුරුවන්ටත් දඩ නියම කරන්න පුළුවන්ද, දණ්ඩ නීති සංග්‍රහයට අනුකූලවද? මේ හාමුදුරුවන්ට තවදුරටත් සිවුර දරා සිටීමට සුදුසුකමක් නෑ....!
ඇත්තටම මම හොදයි කියන මම කුඩාකාලයේ දුටු හාමුදුරුවෝ දැන් ඉන්නේ නම් නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ සහ කෝලම් කුට්ටමේ පමණයි. මම එහෙම කිව්වා කියලා නාට්‍ය තහනම් කරන්න එපා... ඇත්තටම මෙයට අවුරුදු 40කට පමණ පෙර අපේ ගමේ හාමුදුරුවෝ ගමේ ගෙවල්වල තොරතුරු සොයා බලනවා.. අවශ්‍ය අයට පිහිට වෙනවා මෙතන හාමුදුරුවෝ පමණක් වැරදියි කියන්න බැහැ.. මොකද දායක සභාව ගන්න තීරණ හාමුදුරුවෝ ක්‍රියාත්මක කරනවා වෙන්න පුළුවන්..
මාගේ මරණයට පාංශුකූලය අවශ්‍ය නොවේ...අවසන් කැමැත්ත.
මාසයක් ගානේ පන්සලට දානේ දෙන්න ඕනේ කියලා නියමයක් තියනවාද? අපේ සංඝ නීතියේ. මේ කාලේ වේලක් කලා ඉන්නෙත් බොහෝම අමාරුවෙන්....
මෙවැනි අවස්ථාවලදී විනයානුකූල පියවර ගතයුත්තේ අදාල නිකායේ මහනායක ඇතුලු බලධාරීන් විසිනි. ඒත් ඔවුන් ඇහැ කන පියාගෙන අහක බලාගෙන ඉන්නේ දානය වරදින නිසා වෙන්නැති.
වැඩකට නෑ
දානේ දීම නවත්තන්න. පාන්සකුලේට එන්න සල්ලි ඉල්ලුව කියලා ගම පුරාම පෝස්ටර් අලවන්න. සිවුර ගලෝල යන විදිහට වැඩේ සෙට් කරන්න.
මෙහෙම දේවල් රට පුරාම වෙනවා කියලා දැන දැන මහා නායකලා බලන් ඉන්නවා .බුද්ධ ධර්මය විනාශ කරන්නේ බුද්ධ පුත්‍රයින් කියාගත්තු අයවලුන් විසින්මයි
බුද්ධාගමට විශාලතම හානිය කරන්නේ අබෞද්ධයන් වත්, ගිහියන්වත් නොවෙයි. මෙන්න මේ වගේ චීවරධාරීන්.
බුදුන් දෙසූ ධර්මයේ කුමක් තිබුණත් ලංකාවේ "බුද්ධාගම' නැමැති බිස්නස් එක කරන ව්‍යාපාරිකයින් විසින් මිනිසුන්ගේ සිතට කාවද්දා තියෙන දෙයක් තමයි මැරුණාට පස්සේ ආපහු ඉපදෙනවාය... සුගතියක ඉපදෙන්න නම් හාමුදුරුවකු කැඳවා පාංශුකූලයක් දිය යුතුය කියන මිත්‍යාව...
හාමුදුරුවෝ මොනවා කලත් ගිහියන්ට දොස් කියන්න අයිතියක් නෑ
කුලියාපිටියේ දණ්ඩගමුව පන්සලේත් පාංශුකූලයට එන්න කිව්වාම හාමුදුරුවෝ ඉස්සෙල්ලාම පොත අරන් බලන්නේ දඩ සේරම ගෙවලද කියලා...!
මම කියලා තියෙන්නේ මාව මැරුණාම පාංශුකූලය දෙන්න එපා කියලා. ඒ තරමටම මට ඔය කහ සිවුරු දරන් ඉන්න අය අරහං...
වර්තමානයේ මළගෙයක් වුණාම සමහරක් ප්‍රදේශවල මිනිස්සු ගෙවල්වල කෑම උයන්නේ නැහැ. මළගෙදරින් කන්න බලාගෙන ඉන්නවා... ඒක හරියට මියගිය කෙනාට අමතරව ජීවත්ව සිටින අයත් මරනවා වගේ වැඩක්. මොකද අසරණයෙක් මව වෙනුවෙන් උපරිමයෙන් මහන්සි වී මවට ප්‍රතිකාර කරලා කියලා පේනවා. එහෙම අසරණ වෙච්චි වෙලාවේ යමක් කමක් කරන්න පුළුවන් කෙනෙකුට වුණත් මුදල් දුෂ්කරතා තියෙන වෙලාවේ මෙහෙම මුදල් ඉල්ලීම විලිලැජ්ජා නැති වැඩක් තමයි.. මේක දායක සභාවේ මිනිස්සු වුණත් කල්පනාවට ගතයුතු කාරණයක් තමයි...
එක් අතකින් මේකෙ වැරැද්දක් කියන්න බැහැ... මොකද දැන් කාලයේ මිනිසුන්ට පංසල හා හාමුදුරුවෝ මතක්වෙන්නේ මරණයක් වුණාම පාංශුකූලය දීමට හා රැකියාවකට යාමට චරිත සහතිකයක් ගන්න විතරයි... අඩුම තරමින් පසළොස්වක දිනයේදීවත් පංසල පැත්තේ පළාතේ යන්නේ නැහැ... මම හිතන්නේ මිනිස්සු කෙනෙක් රෝගී වුණොත් අඩුම තරමින් බෝධි පූජාවක් තියන්න හෝ පංසල් යනවා....
පාංශුකූල මොකටද?
පාංශුකූල දේවල් කරන්න ඕනේ කියලා බුදුදහමේ කොතැනද කියැවෙන්නේ…? මේවා ඔක්කෝම පන්සල් යැපෙන්න හදාගත්තු දේවල් මිසක් බුදුන් වහන්සේ දෙසූ දේවල් නොවේ..
ගිහියන්ට පන්සල මතක්වෙන්නේ මැරුණාම තමයි. එතෙක්ම හාමුදුරුවන්ට බනිනවා... හාමුදුරුවෝ කියන්නේ බුහුමන් ලැබිය යුතු පිරිසක්...