(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පොලිස් භාරයට ගෙන තිබූ තිබූ යතුරු පැදියක් සහ එහි ලියකියවිලි නැවත එම යතුරු පැදියේ අයිතිකරුට භාර දීම සඳහා රුපියල් 5000 ක මුදලක් ඉල්ලා සිටි බව කියන අක්මීමන පොලිසියේ රාජකාරි කරන පොලිස් සැරයන්වරයකුගේ වැඩ තහනම් කළ බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
මූලික විමර්ශනයක් පවත්වා මෙම පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ ගාල්ල සහකාර පොලිස් අධිකාරී (1) විසිනි.
බීමතින් යතුරු පැදියක් පදවාගෙන පදවා ගෙන යමින් සිටි බව කීමෙන් නරාවල හන්දියේ දී පුද්ගලයකු අල්ලා ගෙන ඔහුගේ යතුරු පැදිය සහ එහි ලිය කියවිලි පොලිස් භාරයට ගෙන ඇත.
මෙම පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර යතුරු පැදිය සහ එහි ලියකියවිලි නැවත භාරදීම සඳහා මෙම පොලිස් සැරයන්වරයා රුපියල් පන්දහසක මුදලක් ඉල්ලා ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල්මස්සු, මිනී මෝරු, පිරානලා කිසිම අවුලක් නැතුව වැඩේ දිගටම දෙනවා. ඉස්සෝ, කූනිස්සෝ හාල්මැස්සෝ අහුවෙනවා. ඔවුන්ට ජරාව කන් අය කියලයි කියන්නේ. අරයාට මැතිතුමා, උතුමා, ආරියාව කියලා අපි දෙකට තුනට නැමිලා ගිහින් කතිරෙ ගහනවා. මොවුන් ඡන්දේ අරගෙන ඊට පස්සේ අපිව දෙකට තුනට නවලා අරිනවා. මොකක්ද අප්පා මේකේ සාධාරනේ..?.
නිමල්, සිරිලිය නම් නියමෙට බේරුණා...