(මුදිතා දයානන්ද )
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ 2022 වසරේ අලාභය රුපියල් කෝටි 2221ක් බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.
මෙය එහි අදායම මෙන් විසිහය ගුණයක් බවද ගුවන්තොටුපොළ මෙහෙයුම් ආරම්භ කළ 2017 වසරේ සිට 2022 වසර දක්වා එහි සමස්ත පාඩුව රුපියල් කෝටි 4281ක් බවද එම වාර්තාවේ සඳහන් වේ.
මෙම ගුවන්තොටුපොලෙහි පාඩුව 2021 වසරේදි කෝටි 444ක් වූ අතර ඒ අනුව 2022 වසරේ පාඩුව 2021 වසරේ මෙන් පස් ගුණයකට ආසන්න බව මෙම විගණන වාර්තා අනුව අනාවරණය වේ.
එම විගණන වාර්තාවට අනුව මත්තල, රත්මලාන, යාපනය හා මඩකලපුව ජාත්‍යන්තර ගුවන්තොටුපොළ හතරෙහි පසුගිය වසරෙහි පාඩුව රුපියල් කෝටි 2345කට අධිකය. මඩකලපුව ගුවන්තොටුපොලෙන් කිසිදු ආදායමක් එහි මෙහෙයුම් ආරම්බ කල 2018 වසරේ සිට මේ දක්වා ලබා නොමැති අතර වියදම රුපියල් කෝටි 8.7කි.
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගීන සංඛ්‍යාව ලක්ෂ දහයක් වුවද පසුගිය වසරේ මෙම තොටුපොළ හරහා ගමන් කළ මගීන් සංඛ්‍යාව 11577ක් පමණක් වන අතර පසුගිය වසර පහටම ගමන් කර තිබෙන්නේ මගීන් 103,324ක් පමණි.
මත්තල ගුවන්තොටුපොල ඉදිකිරිම සඳහා විදේශ ණය ආධාර මත රුපියල් කෝටි 3656ක් වැය කර ඇති අතර එම ණය මුදල වෙනුවෙන් ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම 2022 වසරේදී රුපියල් කෝටි 184ක ණය වාරිකයක් ගෙවා ඇති අතර 2021 වසරේදීද රුපියල් 261ක් ගෙවා ඇත.
මෙම තොරතුරු අතුළත් වන්නේ ගුවන්තොටුපොළ හා ගුවන්සේවා පුද්ගලික සමාගම සම්බන්ධයෙන් නිකුත් කළ නවතම විගණන වාර්තාවකය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පොච්චිගේ කෙරුවාවල් තමයි ඔයා එයාගේ කොමිස් ගිණුමේ නම් සල්ලි පැටවු ගහනවා ඇති
පොඩ්ඩක් හිතපල්ලා ඔය මගුල හැදුවේ නැත්නම් කිසි ප්‍රශ්නයක් නෑ නේද .තිබුකා එයා පෝට් එක මදිද
පාඩුව යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද? අලාභය රුපියල් කෝටි 2221 2022 වසරේදී ණය වාරිකය රුපියල් කෝටි 184ක ණය හැරුනුකොට අලාභය - (2221-184) 2037 දිනක අලාභය - (කෝටි 2037/365) ලක්ෂ 5580 මතු පිටින් බැලූ විට මෙයින් හැඟෙන්නේ දවසට ලක්ෂ 5580 අදායමක් නොලබාම වියදම් කර ඇති බවය. මෙපමණ මුදලක් වියදම් කල හැක්කේ සල්ලි කොල පිලිස්සීමෙන් පමණි. එසේ නම් අලාභය යනු කුමක්ද? මුළු ගුවන් තොටුපලේ වටිනාකම තක්සේරු කොට එයට සරිලන ලාභය නොලැබී යාමද? සැබෑ ලෙස වියදම් කිරීමෙන් (වැටුප්, විදුලි වැනි ) ලැබූ පාඩුව කොපමණද? හුදී ජන අපට තේරෙන්නේ මෙම පාඩුව පමණක් නිසා එය දැනුම්දෙන්නේ නම් වටී
මෝඩයින් රජවූ විට රටකට යන කළ දසාව තමයි මේ ..
ඔය සල්ලි වලින් මාතර කතරගම දුම්රිය මාර්ගය හැදුවානම් අද කී දෙනෙක් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නවද /නෙදකින් මෙහෙමත් කාලකන්නි .තුක් විතරක්
මේ තියෙන්නේ රාජපක්ෂලා රට බංකොලොත් කරපු හැටි ,සාගර , ඔබගේ අවදානය පිණිස
ඒකත් විකුණලා දාන්න අර අදිනව වගේ. පාඩු ලබන් හේතු හොයලා ඊට විසඳම් දීලා ලාබ ලබන තත්ත්වයට පත් කරන එකයි ඔය ආර්ථික ඔස්තාර්ලා ගේ රාජකාරිය විය යුත්තෙ. නැත්නම් රටේ සේරම ටික.විකුණලා අයියා ගෙදර ගිහින් පොතක් කියවගෙන ඉඳියි.
ඕකට රාජපක්ෂ නොව අනාගත්ත ගුවන්තොටුපල කියලා නම දාන්න...