(අංජුල මහික වීරරත්න)
මෙරට නැව් කර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් ප්‍රංශ රජයේ සහාය ලබාදීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පොරොන්දු වී ඇත.
ප්‍රංශ ජනාධිපතිවරයාගේ මෙරට සංචාරය අතරතුර පැවැති කෙටි හමුවේදී මෙම පොරොන්දුව ලබාදී ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ සම්බන්ධයෙන් ජනපති මැක්‍රොන් දැනුම්වත් කිරීමෙන් පසු ප්‍රංශ ජනාධිපතිවරයා මෙම එකඟතාවය පළ කර තිබේ.
නැව් කර්මාන්තයෙන් ලෝකයේ තුන්වන ස්ථානයට හිමිකම් කියන ප්‍රංශය එරට සමාගම්වල සහාය මෙරටට ලබාදෙන බව කියා ඇත.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපතිවරයා මගින් මෙම කටයුතු සම්බන්ධීකරණය කරගන්නා ලෙස ද ප්‍රංශ ජනාධිපතිවරයා වැඩිදුරටත් දැනුම් දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එලෙසම වොක්ස්වැගන් කාර් හදන්නත් ජර්මනියෙන් උදවු ගමු.
බ්‍රේස්ලට් කතා වස්තුව ඉවරයි වගේ... දැන් මහා නැව් කතා වස්තුව... අනේ මේ වගේ අය...
වොක්ස් වැගන්... ?
ප්‍රංශය වැනි දියුණු රටවල් සමග සම්බන්ධතා පැවැත්වීමෙන් විශ්වාසය දිනාගැනීමෙන් ලෝකයේ වෙනත් රටවලින්ද සහයෝගය ලබාගැනීමට හැකියාව ඇත...
ෆොක්ස්වැගන් අංක දෙක...
වී ගොවීන්ට ජලය නොමැති වීම රජය විසින් සිදුකළ කාරණයක් නොව සොබාදහම විසින් ඇතිවූ කාරණයකි. මේ වනවිට ජලය නොමැතිව වේගයෙන් වියලෙමින් පවතින වී වගාවට ජලය ලබාදුන්නද ඵලක් නොමැත. මේ වනවිටත් වී වගාව හානිවී ඇත. එමනිසා ඉදිරියේදී නියඟය පැවතුනහොත් බීමට ජලය පවා නැතිවීමේ තත්වයක් ඇතිවිය හැකියි. ගොවින්ට වී වගාවට නොව බීමට අවශ්‍ය ජලය පමණක් මේ වනවිට රඳවාගෙන තිබෙනා බවත් යම් හෙයකින් ඉදිරියේදී නියඟය දීර්ග වුවහොත් බීමට ජලය පවා නොමැතිවීමේ තත්වයන් උද්ගත විය හැකි බව රටේ පුරවැසියන් වෙත දේශපාලකයින් නොවන කණ්ඩායමක් විසින් මාධ්‍ය සංවාද මගින් පැහැදිලි කරදීමට කටයුතු කළයුතුවේ. ගොවින් ජලය නොලැබීම හේතුවෙන් අධිකරණය වෙත යාමට සූදානම් වේ, එසේ සිදුවුවහොත් සෑම ගොවි පවුලකටම මසකට දීමනාවක් ලබාදීමට අධිකරණය තීන්දු කෙරෙනු ඇත. කෘෂි ඇමැතිවරයා විසින් නොව අධිකරණයෙන් එවැනි තීන්දුවක් ලබාදුන් පසු ගොවින් නිහඬව සිටිනු ඇත...
ජනාධිපති වෙලා මේ වෙනකල් කොස්සක්, ඉලපතක් වත් හදලා රට යවාගන්න බැරිවුණු ආණ්ඩුව නැව් හදන්න කතා කරනවා. මොවුන්ට අමු කැවිලද මන්දා...? නැතිනම් ප්ලාස්ටික් පොඩි අයට සෙල්ලම් කරන්න හදන නැව් ගැනද කියන්නේ?
වෝක්ස් වෝගන් කොම්පැනියෙන් නුවරඑලිය පැත්තේලු හදන්නේ. අම්මපා මෙයා ගේ ඔළුව අත ගාගෙන අපිට අං තිබෙනවා කියලා මෑන් හිතන්නේ...!
අර කුලියාපිටියේ මෙයා හදපු වොක්ස්වැගන් කම්පැනිය වගේ කතාවක් තමයි මේකත්... පැය දෙකක්වත් හිටපු නැති මනුස්සයෙක් නැව් ගැන කතාකරලා ද කාවද මේ රවට්ටන්නේ?