(අංජුල මහික වීරරත්න)
13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන යෝජනා අගෝස්තු 15 වැනිදා හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු පක්ෂ නායකයින්ට ලිඛිතව දැනුම් දී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවති සර්ව පාක්ෂික සමුළුවේදී එකඟ වූ පරිදි අදාල යෝජනා ඉදිරිපත් කරන ලෙසද ජනාධිපති ලේකම්වරයා පක්ෂ නායකයන්ට දැනුම් දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂ නායකයො විතරක් අදහස් දුන්නාම ඇද්ද? සමහරක් පක්ෂ කියන්නේ ත්‍රීවීලර් වගෙයි... මෙහිදී රටේ උගතුන් හා බුද්ධිමතුන් සඳහා අවස්ථාව නොදීම වරදක් කියන්න පුළුවන්... පළාත් සභා ඇතිකළේ ඒකාධිපති තීරණයක් මත වගේම මෙහිදී ජනතා අදහස් නොගැනීම වැරැදියි.. ඔහොම කරනවා නම් පළාත් සභා ගැන ජනමතය විමසීමක් කරන්නම ඕනෑ.
කාටවත් රට පවරා දීමේ කැමැත්ත දීමට යෝජනා දීමට සිංහල ජාතියේ කැමැත්ත අනුමැතිය දීල නැත. එමනිසා සිංහලයින්ගෙන් අනුමැතිය නොමැතිව යෝජනා ඉදිරිපත් කිරීම තමන් අතින් තමුන්ගේ වල කපා ගැනීමකි.