(සුජිත් හේවාජුලිගේ සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජෑම් බෝතලයක් සහ ටින්කිරි අඩංගු බෝතලයක් පාර්ලිමේන්තුවෙන් පිට කිරිමට උත්සහ දැරූ බව පැවසෙන එහි අරක්කැමියෙක් පාර්ලිමේන්තු පොලීසියේ නිලධාරීන් විසින් අද (4) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකාර අරක්කැමියා සිය රැකියාව නිමවා යමින් සිටියදී පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුමේ පොලිස් නිලධාරීන් ඔහු ගමන් ගත් යතුරුපැදිය නවතා එහි එල්ලා ගෙන යමින් තිබූ බෑගය පරික්ෂා කර ඇති අවස්ථාවේදී මෙම ජෑම් බෝතලය සහ ටින් කිරි බෝතලය සොයාගන්නා ලදැයි පොලිසිය පවසයි.
ජෑම් බෝතලය සහ ටින් කිරි බෝතලය පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙයින් සොරකම් කර ගෙන ඇතැයි දැනට කරන ලද පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇත.
සැකකරුවැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට බාරදී ඇත.
පාර්ලිමේන්තුවේ මුළුතැන්ගෙහි ආහාර ද්‍රව්‍ය පිට කළ සේවකයෝ රැසක් මීට පෙරද පාර්ලිමේන්තු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
සිද්ධිය පිළිබඳව වැලිකඩ පොලීසියේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල මුනියා යනයන තැන හොරකම් කරනවා අප්පා. ඔවුන්ට හරියන්නේ නැත්තේ යේක තමයි...
පාර්ලිමේන්තුවේ ඉන්නේ වැඩිපුරම රටම හොරාකාලා කාබාසිනියා කරපු දූෂිත දේශපාලුවන් නිසා පොඩි දෙයක් හොරකම් කෙරුවා කියලා අවුලක් වෙන එකක් නැහැ කියලා හිතන්න ඇති. හාල්මැස්සන්, කූනිස්සන් තමා දැළට අහුවෙන්නේ... තෝරු, මෝරු නිකම්ම ලිස්සලා යනවා...
ඔය විදියටම පාර්ලිමේන්තුවෙන් මහජන මුදල් පන්නන වැඩෙත් ඇල්ලුවා නම් ඔබතුමන්ලාගෙත් අපේත් දරුවන්ට හොඳ රටක් හැදෙයි
හොරකම පෙිඩි වැඩියි. කෝටියක් වගේ හොරකම් කළා නම්, අදාළ පුද්ගලයාට බෙදලා, බෙදලා දීලා, ගෙදරත් කොටසක් ගෙනියන්න තිබ්බා.
ඔතන කොහොමත් ඉන්නේ පට්ට කම්බ හොරු ...
ඕතැන ඉන්න ඔක්කොම අය ලයිසන් හොරු. පොඩි එකෙක් හොරකම් කෙරුවොත් මහා ගහටම අරිනවා.
ලොක්කගෙ ඉඳල හොරු අහුවෙන්නෙ පොඩි එවුන්.
කොමිටියක් පත්කරමු
ඒ මනුස්සයාගේ ගෙදර පොඩි එවුන් ඉන්නවා ඇති. සමහර විට නැති බැරිකමට ගෙනිච්චා වෙන්නත් ඇති. ඔන්න මිනිහා හැමදාම ගෙනියලා නම් තමයි වැරැදි. දඬුවමට කලින් එයාගේ ගෙදර තත්වේ හොයලා බලන්න ඕනෑ.
රටේ මහබැංකුව කඩන්න අනුබල දීලා, ඒකේ චූදිතයින් බේරාගන්න පාර්ලිමේන්තුවේ කෑ ගහපු කෙනෙක් නායකයා වෙලා ඉන්න රටක මේවා මොන කතාද?