වැල්ලම්පිටියේ වෙඩි තැබීමක් යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්‍රී වැල්ලම්පිටිය අයි. ඩී. එච් පාර හැරෙන හන්දිය අසලදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි වැල්ලම්පිටිය පොලිසිය කියයි. 19 June 2023
වී වගාවේ දළඹුවා පාලනය කළා මෙවර යල කන්නයේ දී වී වගාවේ ඇතැම් ප්‍රදේශවල පැතිරි ගිය Spodoptera හෙවත් ගොඩවෙල්ලා දළඹු හානිය මේ වනවිට මුළුමනින්ම පාලනය කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 18 June 2023
ඔන්චිල්ලාව දියණියට මරු කැඳවයි නිවසක අනාරක්ෂිත ව ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටී තංගල්ල නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචි කුඩා දැරියක මිය ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි . 18 June 2023
ලොරි රියැදුරාගේ වරදින් තුවාල ලැබූ දැරිය මරු දකී ලොරියක වහලයේ පැටවූ භාණ්ඩවල ගොඩනැගිල්ලකට ඇද තිබූ විදුලි වයරයක් පැටලී එය සවි කර තිබූ යකඩය ගැලවී පාසල් සිසුවියකගේ හිසේ වැදීමෙන් පසු තුවාල ලැබූ පාසල් දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි. 18 June 2023
‘‘මිත්‍ය විශ්වාස නිසා ජිවිත නැතිකර ගන්න එපා‘‘ වශී ගුරුකම් කරලා කෙනෙක්ව තවත් කෙනෙකුට බන්ධනය කරලා තියාගන්න හැකියාවක් කොහෙත්ම ඇත්තේ නැහැ. කිසියම් විසක් ශරීරගත වෙලා තිබුණා නම් එම විස ට අදාළ රෝග ලක්ෂණ පහල වීම අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක්. තැඹිලි ගෙඩිවලට මතුරා ඒවා පානය කරන්න දීලාලෙඩ රෝග සුව කිරීමට හැකියාවක් ද ඇත්තේම නැහැ යැයි පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය ජනක ජයසූරිය මහතා ලංකාදීපයට පැවැසීය. 18 June 2023
ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ 10 ගෙන්වයි ඉන්දියාවෙන් දිනකට බිත්තර ලක්ෂ දහය බැගින් ආනයනය කර සාර්ථක ලෙස බෙදා හරින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසීය. 18 June 2023
දරුඵල දෙන්න ශාන්ති කර්ම කළ කට්ටඬියා සහ පෙම්වතිය රිමාන්ඩ් ලග්ගල -දාස්ගිරිය හත්ටෙ අමුණ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන හතලිස් අට හැවිරිදි කාන්තාවට( 48 ) දරුඑල අපේක්ෂාවෙන් සිදුකල ශාන්ති කර්මයක දී තැඹිලි පානයට ලබාදී, පසුව කහ දියර ද ලබාදී ඇති බව ලග්ගල පොලිසිය සිදු කළ මුලික පරික්ෂණ වල දී අනාවරණය වූ බව අධිකරණයේදී කියැවිණි. 18 June 2023
තිරිඟු පිටිවලට නවා තැනක් ලැබෙයි තිරිඟු පිටි ‘නිශ්චිත භාණ්ඩ‘ කාණ්ඩයට ගෙන එමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඕනෑම භාණ්ඩයක් නිෂ්චිත භාණ්ඩයක් ලෙස ගැසට් නිවේදනයක් ඔස්සේ නම් කිරීමෙන් පසුව එහි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අවසර ගැනීම අනිවාර්ය වේ. 18 June 2023
මාල කඩන යොවුන් කුමාරිකාවෝ තුනකට මාංචු මහනුවර සිට අම්පිටිය බලාධාවනය වූ බසයක් තුළදී උපායශීලීව කාන්තාවකගේ රන් මාලයක් ගලවාගත් නව යොවුන් වියේ තරුණියන් තිදෙනකු මහනුවර මූලස්ථාන පොලීසියේ අපරාධ අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ . 18 June 2023
පොල්තෙල් තොග හංගලා: බෝතලයක් 1000 ක් වේවි පොල්තෙල් මිල අධික ලෙස ඉහළ නැංවීමේ අරමුණින් පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන් යැයි කියා ගන්නා පිරිසක් එක්ව පොල්තෙල් ලීටර ලක්ෂ ගණනින් සඟවා වෙළෙඳපොළේ කෘත්‍රිම හිඟයක් මතුකර ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග පවසයි. 18 June 2023
‘සතොස’ ඈවර කිරීමේ සූදානමක් අඛණ්ඩව පාඩු ලබන ‘සතොස’ වසා දැමීමට වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර තිබේ. 18 June 2023
පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇරැඹෙයි ශ්‍රී ලංකා පස්වැනි තරුණ පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඊයේ (17) සහ අද (18) ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ. 18 June 2023
පුංචි ඡන්දෙට මැකෝ යළි සල්ලි ඉල්ලයි පළාත් පාලන මැතිවරණය සඳහා මුදල් ඉල්ලා භාණ්ඩාගාර ලේකම්වරයාගෙන් ලබන සතියේදී යළි ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නීතිඥ නිමල් ජී පුංචිහේවා මහතා ලංකාදීපයට පැවැසීය. 18 June 2023
ලංගම අධිවේගි බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ ලංකා ගමනාගමන මණ්ඩලය සතු අධිවේගී මාර්ගවල ධාවනය කරන සියලුම බස් රථවල කොන්දොස්තර මහත්වරුන් නොමැතිව ලබන ජුලි 1 වනදා සිට ධාවනය කිරීමට තීරණය කර ඇති බව ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. 18 June 2023
ආයුධ වලින් පහරදී පුද්ගලයෙක් මරලා මන්නාරම , මුරුණ්කන් අච්චන්කුලම් ප්‍රදේශයේදී තියුණු ආයුධ වලින් පහරදී එක් දරු පියකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එකම පවුලේ පුද්ගලයින් සිව්දෙනකු අද (18) අත්අඩංගුවටගත් බව මුරුණ්කන් පොලිසිය කියයි. 18 June 2023
සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා යටතට විදුලිබල සැපයීම, ඛනිජ තෙල් සහ රෝහල් සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 18 June 2023
මැතිසබේ හිටපු ලොක්කා ගැන ප්‍රකාශයක් විශ්‍රාම ගිය නිලධාරියකුට හෝ වෙනත් කුමන නිලධාරියකුට වැටුප් දෙක තුන ගැනීමට කිසිසේත්ම ඉඩ නොතබන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 18 June 2023
කොම්පඤ්ඤවීදියේ නිවාස පෙන්වා මුදල් වංචා කරලා කොම්පඤ්ඤවීදියේ නිවාස සංකීර්ණයකින් නිවසක් දෙන බව පවසා අමෙරිකානු ඩොලර් ලක්ෂ තුනකට අධික මුදලක් වංචා කළේ යැයි චෝදනාවට ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 18 June 2023
රනිල්ගේ දැක්ම ඇමරිකාවට වඩා විශාලයි කඩා වැටුණු රට ලෝකයට ආදර්ශයක් දෙමින් ඉතා කෙටි කාලයකදී ඔසවා තැබු රනිල්ගේ දැක්ම එංගලන්තය, ඇමරිකාව වැනි රටවල් වලට වඩා විශාල බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබෙිවර්ධන මහතා පැවසීය. 18 June 2023
රිෂිනි වීරරත්න සම්මානයෙන් පිදුම් ලබයි සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women’s Global Awards 2023හි ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැබුවාය. 18 June 2023
ධීවරයෙක් කිඹුලාට බිලි බදගිරිය වැවේ විසි දැල් භාවිතා කරමින් මසුන් මරමින් සිටි ධිවරයෙකු කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් තිබූ බව හම්බන්තොට පොලීසිය පවසයි. 18 June 2023
නීති විරෝධී ධීවරයෝ 8 ක් උතුරු මුහුදේදී අත්අඩංගුවට නීති විරෝධී ලෙස කිමිදුම් කටයුතු සිදුකළ පුද්ගලයින් අට දෙනෙක් සමඟ ඩිංගි යාත්‍රා හතරක් සහ කිමිදුම් උපකරණ යාපනය වෙත්තලකේණි, මාමුණේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී භාරයට ගත් බව නාවික හමුදාව පවසයි. 18 June 2023
විපක්ෂය මැතිවරණ ඉල්ලන්නේ කොලොප්පමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු දිනයක රටට සතුරු විනාශකාරී ගමනක් නොයන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 18 June 2023
දංකොටුව පෝසිලේන් කොටස් විකුණයි ශ්‍රී ලංකාවේ විශාලතම පිඟන් භාණ්ඩ නිෂ්පාදන ආයතනය වන දංකොටුව පෝසිලේන් සමාගමේ වැඩිම කොටස් හිමිකාරීත්වය විකුණීමට තීරණය කර තිබේ. 18 June 2023
ව්‍යාජ ලේඛන සකසන මධ්‍යස්ථානයක් වටලයි බොරලැස්ගමුව වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට රියදුරු පාසලක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ ලෙස රියදුරු බලපත්‍ර සකස් කර දෙන මධ්‍යස්ථානයක් වටලා එහි හිමිකරු සහ තවත් පුද්ගලයකු ව්‍යාජ රියදුරු බලපත්‍ර සහ හොරෙයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 18 June 2023
ඉඩම් ආරවුල මරණයෙන් කෙළවර වෙයි වැඩිමහල් සොහොයුරාගේ ගෙලමිරිකා මරණය සිදුකළැයි සැකපිට බාල සොහොයුරා අත්අඩංගුවට ගත්බව බදුරලිය පොලිසිය පවසයි. 18 June 2023
ශාන්ති කර්මය අස්සේ ආතුරයා මරුට අමනුෂ්‍ය බලවේගයක් ඉවත් කිරිමට ශාන්ති කර්මයක් කරන අතරතුර තැඹිලි ගෙඩි 21 පෙවීමෙන් ආතුර කාන්තාවක මිය ගොස් ඇතැයි ලග්ගල පොලිසිය පවසයි. 18 June 2023
සජබ මන්ත්‍රීගෙ මල්ලි රට යවන සෙල්ලමක් දාලා සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාගේ බාල සොහොයුරා මුදල් වංචා කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ . 18 June 2023
අද දවසේ වැස්ස ගැන අනාවැකිය උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 18 June 2023
බැංකු නිලධාරියා ව්‍යායාම කරද්දී මැරී වැටේ බොරලැස්ගමුව පාපැදි මංතීරුවේ පාපැදි ව්‍යායාම් කරමින් සිටි පුද්ගලයකු 17 වන දින හදිසියේ ඇද වැටී මිය ගොස් ඇතැයි බොරලැස්ගමුව පොලීසිය පැවසීය. 18 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026