(අංජුල මහික වීරරත්න)
යුරියා ග්‍රැනියුලා පොහොර මෙට්‍රික් ටොන් 18,000ක් සහිත නැවක් කොළඹ වරායට පැමිණ තිබේ.
ලෝක බැංකු ආධාර යටතේ මෙම පොහොර තොගය වියට්නාමයේ සිට ආනයනය කර ඇත.
වී වගා කටයුතු සඳහා මෙම පොහොර තොගය අවශ්‍ය ප්‍රදේශවලට බෙදාහරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා රජයට අයත් පොහොර සමාගම් දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.
ඒ අනුව එම පොහොර තොගය බෙදාහැරීම් කටයුතු ඊයේ(5) උදෑසන සිට ආරම්භ කළ බව සභාපති වරයා පවසයි.
යුරියා ග්‍රැනියුලා වර්ගය යනු වී වගා කරන ගොවීන් වැඩිපුරම ඉල්ලන පොහොර වර්ගයකි.මෙම පොහොර කැටිති පොහොර ලෙසද සැලකේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd