(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
සීදූව ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි අක්කර 8 ක පමණ වත්තක සඟවා තිබූ ගුවන්යානා නාශක උණ්ඩ ,අත් බෝම්බ, පුපුරන ද්‍රව්‍යසහ අවි කොටස් තොගයක්කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම වත්ත සෝදිසි කර සොයාගෙන ඇත.
ගුවන් යානා නාශක අවි වලට යොදා ගන්නා ජීව උණ්ඩ දෙකක්, අත්බෝම්බ එකක් ,එල් .එම් .ජී .වර්ගයේ ගිනි අවි උණ්ඩ එකක්,වර්ග දෙකකට අයත් පුපුරන ද්‍රව්‍ය,කුඩා ප්‍රමාණයේ ගිනි අවියක ගලවන ලද කොටස් 17ක්,ඩෙටනේටර් නමයක්, වෝටර ජෙල් කූරු දෙකක් සහ අඩි දහයක් දිග වෙඩිබෙහෙත් නූලක්සොයාගත් බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිදේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක් අනුවලියනගේමුල්ලප්‍රදේශයේ පිහිටි මෙම වත්ත පූර්ණ ලක් කිරීමේදී මේවා සොයා ගැනීමට හැකි වී තිබේ.
මේ වා මෙම වත්තේ ගෙන විත් සඟවා තබා ගිය අය ගැන තොරතුරු තවම හෙළි වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.
මේවා සඟවා තැබූ අය ගැන තොරතුරු අනාවරණය කරගෙන කරගෙන ඔවුන් අත්අඩංගුවට ගැනීමට කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිස්පති වෙන්න නොකරන දෙයක් නැහැ මේසපන්දු...!
ජාතික ආරක්ෂාව අනතුරේ... විශේෂයෙන්ම පොලිස්පති දේශබන්දු මහත්මයාට ලැබුණු තොරතුරක්ලුනේ...
"බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලැබුණු තොරතුරක් අනුව ලියනගේ මුල්ල ප්‍රදේශයේ පිහිටි මෙම වත්ත පූර්ණ ලක් කිරීමේදී මේවා සොයා ගැනීමට හැකි වී තිබේ." හොඳ හොඳ විහිළු ඉස්සරහට එයි. මතක ඇතුව නාට්‍ය ඉවර වුණාම ඕවා ගත්තු තැන්වලටම ගෙනිහින් දාන්න...
මාසෙකට සැරයක් මොනවා හරි නාටකයක් එලියට එන්න එපෑය නේද ?