
සඳ ගවේෂණයට ඉන්දියාව යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය, සාර්ථකව සඳේ කක්ෂයට පිවිසියේය.
ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්, ‘චන්ද්‍රයාන් 3’ යානය, අභ්‍යවකාශයට තල්ලු කළේ පසුගිය ජූලි 14 වැනිදා, ‘ජීඑස්එල්වී’ හෙවත් ‘බාහුබලී’ රොකට්ටුවේ ආධාරයෙනි.
අභ්‍යවකාශයට යැවුණු ‘චන්ද්‍රයාන් 3’ යානය, පෘථිවි කක්ෂයේ රැඳෙමින්, අවශ්‍ය ප්‍රවේගය ලබා ගැනීමෙන් පසු, සඳ බලා ගමන් ඇරැඹුවේය. යානය සඳුගේ කක්ෂයට පිවිසියේ ඊයේ (5) ය.
‘චන්ද්‍රයාන් 3’ රොබෝ යානය මවු යානයක් වැනිය. ඒ තුළ පතිත කරවන යානයක් සහ රෝවර් යානයක් ඇත. රෝවර් යානය ඇත්තේ පතිත කරවන යානය තුළය.
පතිත කරවන යානය ‘වික්‍රම්’ යනුවෙන් ද රෝවර් යානය ‘ප්‍රාග්යාන්’ යනුවෙන් ද නම් කර තිබේ. ‘ප්‍රාග්යාන්’ රෝවරය ද සමඟ වික්‍රම් යානය සඳට ගොඩබෑම සිදුවන්නේ ලබන අගෝස්තු 23 වැනිදාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1955දී යෝජනා වූ ගිං නිල්වලා යෝජනා ක්‍රමය අපට තවමත් ක්‍රියාත්මක කරගන්න බැරිවුණා. එය ක්‍රියාත්මක කළා නම් අද රුහුණේ අක්කර 9000ක් ජලය නැතිව විනාශ වන්නේ නැහැ. ගාල්ල, මාතරට ගංවතුර තර්ජනයත් නැහැ. ඉන්දියාව හඳ බලන්නත් රොකට් යවනවා...
ඕක චීචී ඩබල් ඩොක්ටර්ගේ නිර්මාණයක් නේද? රාජපක්ෂ පවුලට හඳේත් ඉඩමක් තියෙනවාද?