(තිලකරත්න දිසානායක)
වැලිවේරිය නගරයේ සිට අතුරු මාර්ගයක ගමන් ගනිමින් සිටි පුද්ගලයෙකුට, යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පළා ගොස් ඇත.
වයස අවුරුදු 24 ක් වන පුද්ගලයා මෝටර් රථයකින් යමින් සිටියදී වෙඩි තැබීම සිදු කොට ඇති බවත් ඔහුගේ දකුණු අතට වෙඩි වැදී ඇති බවත් තුවාලකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලවේරිය පොලීසිය වැඩි දුර පරීක්ෂණ ආරම්භ කොට තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලයින් සඟවාගෙන තිබෙන්නා වූ ගිනි අවි බාරදීමට සති දෙකක පමණ කාලයක් ලබාදීමට කටයුතු කළයුතුවේ.