IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


දකුණේ විදුලිය ගැන ජනපති කාර්යාලයට රහස්‍ය වාර්තාවක්

(අංජුල මහික වීරරත්න)

දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට නොහැකි වීමේ අර්බුදය පිටුපස ලෝක බැංකුව සමඟ සබඳතා පවත්වන කාන්තාවක සිටින බව ජනාධිපති කාර්යාලයට බාර දුන් රහස්‍ය වාර්තාවක සඳහන් වී තිබේ.

දකුණු පළාතටම ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලිය දීමට ප්‍රමාද මන්දැයි සොයන ලෙස ජනාධිපතිවරයාගේ නියෝග පරිදි කළ විමර්ශනයේ දී අදාළ තොරතුර ලැබී තිබේ.

පෞද්ගලික තේ වත්තක් උඩින් විදුලි රැහැන් අදින්නට සිදුවීමේ අර්බුදයක් නිසා සමස්ත දකුණු පළාතටම ප්‍රධාන සම්ප්‍රේෂණය යාන්ත්‍රණයෙන් විදුලි බලය ලබා දීමට නොහැකි වීමේ අර්බුදයක් පැන නැගී ඇත.

දකුණු පළාත ද ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන සම්ප්‍රේෂණ යාන්ත්‍රණයට සම්බන්ධ කිරීම සඳහා පොල්පිටිය සිට හම්බන්තොට දක්වා කිලෝවොට් 220 ක ධාරිතාවයක් ගෙන යා හැකි විදුලි රැහැන් ඇදීමට යෝජිත වී තිබේ.

ආසියා සංවර්ධන බැංකුවේ ණය ආධාර මත මෙම ව්‍යාපෘතිය ආරම්භ වුව ද එය ඉටු කිරීමට නොහැකිව ඇත්තේ පෞද්ගලික තේ වත්තක් මැදින් මීටර් 600 ක දුරක් සම්ප්‍රේෂණ රැහැන් ඇදීමට සිදු වීමත් ඊට වතු හිමිකරුගේ අනුමැතිය අවශ්‍ය වීමත් නිසා බව හෙලි වී තිබේ.

එම වත්තේ හිමිකරු විසින් අදාල ඉඩම උඩින් විදුලි රැහැන් ඇදීමට විශාල වන්දි මුදලක් ඉල්ලා සිටීමත් එම වන්දියේ වටිනාකම වරින් වර වෙනස් කිරීමත් නිසා මෙම ගැටලුව පැන නැගී ඇත. එම පෞද්ගලික ඉඩම මතින් විදුලි රැහැන් ඇදීම වෙනුවෙන් රජයේ තක්සේරුව අනුව රුපියල් මිලියන 1.6ක් ගෙවීමට නිර්දේශ වී ඇතත් තේ වතු හිමිකරුවා මේ මුදල වෙනස් කරමින් මේ වන විට රුපියල් මිලියන 9.6 ක් ඉල්ලා සිටීම මත මෙම කටයුත්ත ප්‍රමාද වී තිබේ.

එම නිසා ස්වාධීන තක්සේරුකරුවකු වෙත මෙම තක්සේරුව ලබාදීමටත් එම කටයුතු සම්බන්ධීකරණය කොට ගැටළුව විසදීමටත් කමිටුවක් පත් කරන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා දුන් උපදෙස් අනුව අදාල කමිටුව පත් කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මහජන උපයෝගිතා කොමිසමට නියම කර ඇත.

දකුණු පළාත ප්‍රමුඛ දිස්ත්‍රික්ක පහකට විදුලිය සපයනු ලබන්නේ සමනළ වැව ජලාශයෙන් උත්පානය කරන ජල විදුලියෙනි.

යම් හෙයකින් සමනළ වැව සිදී ගියහොත් පැය ගණනාවක් දකුණු පළාතට විදුලිය විසන්ධි කිරීමට සිදුවනු ඇතැයි විදුලිබල මණ්ඩල නිලධාරීන් රජයට දැනුම් දී ඇත.

 



අදහස් (3)

දකුණේ විදුලිය ගැන ජනපති කාර්යාලයට රහස්‍ය වාර්තාවක්

සුනිලානන්ද Sunday, 06 August 2023 04:40 PM

සමනල වැව හදන්න ගත්තේ අසූව දශකයේ අගභාගයේ නේද? ඉතින් සමනල වැව හදා අවසන් වෙනතුරු දකුණු පළාතේ ඔක්කෝමලා ලයිට් නැතිවයැ හිටියේ. සමනළ වැව හදන්න පෙර දුන්නේ... කොහොමෙයි ඔය කරන්නේ අටුව කඩලා පුටුව හදන්නද? ඇත්තටම ඔය වත්ත මගහැර විකල්ප මාර්ග ඇත්තේම නැද්ද? මණ්ඩලයේ ලොක්කන් රටට, ජනතාවට හෙන ගැහුවත් තමන්ගේ සාක්කුව පිරෙන්න තමයි ප්ලෑන් සකසන්නේ කියලා අපිට සිදුවූ බලවත්ම අසාධාරණ ක්‍රියාවක් නිසා කියන්න පුළුවන්...

:       5       18

ravin Sunday, 06 August 2023 04:44 PM

විවිධ මාධ්‍යයන් තුළ දකින්නට ලැබෙන ප්‍රවෘත්ති අනුව නම් මෙහි පිටිපස්සේ සිටින්නේ ප්‍රසිද්ධ ආයෝජකයෙක්... එම ආයෝජකයා මුදල් ඉපැයූ ආකාරය...? දැනුම අනුව නම් රාජ්‍ය ආයතනයක වංචාවක් කිරීමෙන්...

:       0       15

sam Sunday, 06 August 2023 05:24 PM

සොබාදහමේ නීතියට විරුද්ධව ක්‍රියාකිරීමට කිසිවකුට නොහැකි නිසා ගොවීන් සහ වෘත්තීය සමිති, අරගල කරුවන්, දේශපාලකයින්, සහ මේ සම්බන්ධව ක්‍රියා කරන්නාවූ සියලු දෙනා බුද්ධිමත් තීරණ නොගතහොත් බීමට ජලය, ගොවිතැනට ජලය සහ විදුලියත් නොමැතිව සිටීමට සිදුවනු ඇත. මෙවැනි සිදුවීම් ලංකාවේ පමණක් නොවේ ලෝකයේ වෙනත් රටවලද වෙනත් ආකාරයට සොබාදහම විසින් වරින්වර ලබදෙන්නා වූ ආපෝ, තේජෝ, වායෝ, පඨවි පණිවිඩය නිවැරැදිව කියවාගෙන අවශ්‍ය තීරණ ගැනීම සුදුසු වේ. විදුලිය ලබාදීමට නොහැකිවන ආකාරයට හෝ දුෂිත ක්‍රියාවක් හෝ මෙම විදුලිය ලබාදීමට විරුද්ධ වන කණ්ඩායම් විසින් සිදුකරන බවට සැකයක් ඇත...

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 216 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site