IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොර පාඨමාලා පැවැත්වූ ආයතන 81 ක් තහනම්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මුදල් වාසිය පමණක් සලකා  ගුණාත්මක නොවන  පාඨමාලා පවත්වාගෙන ගිය  ආයතන 811ක්  අත්හිටුවා ඇති බව පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු  කාරක සභාවේ තෘතීක කාර්මික අධ්‍යාපන ආයතනවලට අදාළ  අනුකමිටුව පවසයි.

එම වංචනික  ආයතන පුවත්පත්  දැන්වීම් මඟින් ප්‍රසිද්ධ කර මුද්‍රා තැබීම සඳහා  නෛතික පියවර ගන්නැයි අනු කමිටුව නිලධාරීන්ට නිර්දේශ කළේය.

එන්.වී.කියු සහතික දෙන පාඨමාලා නිසි පරිදි නියාමනය කිරීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණ.
 
එසේම සියලුම වෘත්තීය පුහුණු ආයතන සහ සම්පත් ඒකරාශී  කිරීමට පොදු වැඩපිළිවෙලක් සකස් කිරීම කඩිනම් කරන්නැයි  අනු කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයාට නිර්දේශ කළේය.

ඉහළ වැටුප් සහිත ඇතැම් විදේශීය රැකියා සදහා විශාල ඉල්ලුමක් පවතින බැවින් ගුණාත්මක බවින් යුතු පුහුණු ශ්‍රමිකයන් බිහිකිරීම සදහා සියලු ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මකවීමේ අවශ්‍යතාව අනුකමිටුව අවධාරණය  කළේය.

මෙම කරුණු අනාවරණය වූයේ  තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව ඇතුළු වෘත්තීය පුහුණු ආයතනවලට ලබා දුන් නිර්දේශ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය සාකච්ඡා කිරීම සදහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විසින්  පත්කරන ලද අනුකමිටුව එහි  සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  මධුර විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අවස්ථාවේදීය.

අධ්‍යාපන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය ඇතුළු ආයතනවල  ප්‍රධානීහු  මෙම සාකච්ඡාවට කැඳවනු ලැබ සිටියහ.

ඇතැම් වෘත්තීය පුහුණු ආයතනවල කාර්ය සහ අරමුණු ඒකාකාරීවීම ගැටලුවක් බැවින් යම් පොදු වැඩපිළිවෙලක අවශ්‍යතාව මෙහිදී සාකච්ඡා විය.

අපොස සාපෙළ සහ උසස් පෙළ විභාග අවසන් කළ සිසුන් සම්බන්ධ කරගනිමින්  නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් මෙහි නියමු ව්‍යාපෘතියක් සැප්තැම්බර්  මාසයේ  ක්‍රියාත්මක කෙරෙන  බවත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා එහිදී පැවසීය.

එසේම මෙවැනි ව්‍යාපෘති විවිධ රජයේ යටතේ වෙනස් නොවන ලෙස පොදු ප්‍රතිපත්තියක් සැකසීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.



 



අදහස් (2)

හොර පාඨමාලා පැවැත්වූ ආයතන 81 ක් තහනම්

ravin Sunday, 06 August 2023 04:39 PM

පාර්ලිමේන්තුව, විහිළු සපයන ආයතනයක් නේද? හැමදාම මුද්‍රිත ප්‍රවෘත්ති අනුව නම් මාර වැඩ කොටසක් කෙරෙන තැනක්ලු... හැබැයි රට හැමදාම පල්ලට... නිදහස ලැබුණු දා සිට ඔය කමිටුවලින් සොයාගත්ත දේවල්වලට නිසි අයුරින් නීතිය ක්‍රියාත්මක වූවා නම් මේක සුරලොවක් නේද?

:       0       8

චන්දන Monday, 07 August 2023 08:01 AM

ආණ්ඩුව එදා ඉඳලම කලේ හොරකමට ඉඩ දෙන එක. මේකටත් වෙන්නෙ ඒ ටිකමයි. . මාස 3න් ඩිප්ලෝමා දෙන ආයතන තියෙනව. සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි. මේව අමාත්‍යංශවලට පේන්නෙ නැත්ද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site