(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
දූෂණ විරෝධී ප පෙරමුණේ සභාපති නාමල් කුමාර මහතාට පහර දී ඔහු සතුව තිබූ රුපියල් 60,000 ක මුදලක් සහ ජංගම දුරකථනයක් පැහැර ගත්තේ යැයි කියන පියපුතු දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි වරකාපොල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් පියා තිස් පස් හැවිරිදි වියේ පසුවන වෙළඳාම් කර ජීවිකාව ගෙන යන අයෙකු වන අතර ඔහුගේ විසි තුන් හැවිරිදි පුත්‍රයා කුලී වැඩකර වැඩ කර ජීවිකාව ගෙන යන අයෙකි.
මොවුන් කරද ජනපදයේ පදිංචි අය වෙති. පැහැර ගත්තේ යැයි කියන දේ පළ තවම සොයා ගෙන නොමැත.
නාමල් කුමාර නමැත්තා ගේ බිරිඳ මදුවන්ති තිලකරත්න නැමැත්තිය කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට අද (6) පැවසීය.
නාමල් කුමාර නමැත්තා කරද විහාරස්ථානය අසල දී පුද්ගලයකු සමඟ ආරවුලක් ඇතිකරගෙන තිබෙන බව කියති. මෙම ආරවුල සිදු වූ ස්ථානයට පියා සහ පුතා පැමිණ ඔබ අපේ අයට කරදර කරනවා දැයි විමසමින්පහරදීම සිදුකර ඇති බවපොලිසිය පවසයි.
පහරදීමෙන් තුවාල ලැබූ නාමල් කුමාර නමැත්තා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.පොලූවලින් සහ අතින් පයින් මොහුට පහරදී ඇති බවපොලිසිය සදහන් කරයි.
වරකාපොල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියන්ගෙ මෝල හිමින් තමයි අඹරන්නේ. හැබැයි නොවරදවාම අඹරනවා.
රටට පිළිලයක්...!
යාන්තම් ඇති නාමල් කුමාර කරලියට ආවා... කොහේද මෙතරම් කලක් සිටියේ...? පාස්කු ප්‍රහාරයෙන් පසුව ඔබ ගැන ඇහුවා...
නාමල් හාදයා විශ්වාසවන්ත කෙනෙක්ද?
නාමල් කුමාර රටටම කරදර කළා. මෙලොව වාසයට නුසුදුසු නීචයෙක්... යහපාලන ආණ්ඩුව විනාශ කරන්න රාජපක්ෂවරු යොදාගත්තු නීචයින් කීපදෙනාගෙන් පළමුවැන්නා...!
පිය පුතු දෙපළට අපේ අගය කිරීම...
මෙහිදී මුලින්ම වරදක් කළ පුද්ගලයා ගැන අවධානය යොමුකර නැහැ...
රාජ්‍ය බැංකුවට පොලු තියලා, ගුවන් හමුදාවට ව්‍යාජ ලිපිලේඛන ඉදිරිපත් කරලා, ඇතුළත් වෙලා සහ නීති විරෝධීව අයින් වෙලා, ඉතින් ඔහුව තාම ආමන්ත්‍රණය කරන්නේ ඔහු දූෂණ විරෝධී පෙරමුණේ සභාපති කියලා. කව්ද මෙයාට මෙම පත්වීම දුන්නේ? එහෙම නම්, අවංක මිනිස්සුන්ට කොහොමද කියන්නේ?
මේ පොල් කාවයියා ආයි එළියට බැහැලාද? මෙයත් එකයි අර ඩෑන් කියන කට්ටඩියත් එකයි. රටටම පිළිල...
තාත්තට 35 යි. පුතාට 23 යි. අවුරුදුු 40 ක් වෙලත් තනිකඩ මම හෙන පවු.
බොහොම කාලයකට පස්සෙයි මුහුණ දැක්කේ .ආයෙත් මොන නාඩගමක් නටන්න හදනවද දන්නේ නැහැ