
(අජන්ත කුමාර අගලකඩ)
විදුලිබල මණ්ඩලය ලබන පාඩුව පියවා ගැනීම සඳහා විදුලිය ගාස්තු නැවත වරක් වහාම ඉහළ දැමිය යුතුව ඇතැයි විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාට ඉකුත් විසිඑක්වැනිදා ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ,විදුලිය ගාස්තු වැඩිවීමක් ලබා නොදුනහොත් මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ වියදම් පියවා පියවා ගැනීමට නොහැකි වන බව ය.
විදුලිය ගාස්තු වැඩි කිරීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ,ගාස්තු අඩු කර මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමත කළ ගාස්තු හේතුවෙන් විදුලිබල මණ්ඩලයේ මේ වසරේ ආදායම රුපියල් කෝටි 3,300 කින් පමණ අඩු වී ඇතැයි සාමාන්‍යාධිකාරීවරයා සිය ලිපිය මගින් දැනුම් දී ඇත.
ඒ හේතුවෙන් , පුනර්ජනනීය විදුලි උත්පාදනය වෙනුවෙන් මෙන්ම, අනෙකුත් ණය හිමියෝ සඳහා විදුලි බිල මණ්ඩලය ගෙවිය යුතු හිඟ මුදල් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වී ඇතැයි දඑම ලිපියෙන් දන්වා ඇත.
පුනර්ජනනීය විදුලිය උත්පාදනය වෙනුවෙන් ගෙවීමට ඇති හිග මුදල රුපියල් කෝටි දෙදාස් නවසිය හැත්තෑවක් පමණ වන බවද එහි සදහන් කර ඇත.
මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනුමත වූ ගාස්තුව විදුලිය නිපදවීමට යන වියදම පාරිභෝගිකයන්ගෙන් අයකරගැනීමේ තීරණයට ද පිටින් යන බව විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත.
මේ වසරේ විදුලිය ගාස්තු වැඩී කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කළ අවස්ථාවේ ගිගාවොට් 4,500 ක ජල විදුලිය ලබාගැනීමට අපේක්ෂා කළ ද, වියළි කාල්ගුණය හේතුවෙන් ලබාගත හැකිවූයේ ගිගාවොට් 1,738 ක් පමණක් බව ද එහි සදහන් කර ඇත.
ඉදිරියේ දී ඇතිවිය හැකි නියං තත්වය හමුවේ තාප විදුලි නිෂ්පාදනය වැඩි විය හැකි බවත්,එවැනි තත්වයක් තුළ මණ්ඩලයේ වියදම් පියවා ගැනීම බරපතළ ගැටලුවක් බවත් විදුලි බලමණ්ඩලය පෙන්වාදෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තිමට මහ ජනයාගේ අස්ථි ටිකත් සූප්පු කරලා තමයි කට්ටියම නවතින්නේ...
විදුලිය කපන්නකෝ...!
අවසන් වරට මිල ඉහළ දමන විට ඇමැතියා කියා සිටියේ කොපමණ ජලය හිඟවුණත් අඛණ්ඩව විදුලිය සැපයීමට හැකි බවයි. එසේ කියා වසරක් ගතවෙන්නත් මත්තෙන් තවත් දරුණු මිල වැඩි කිරීමක්... අවසානයේදී කුඹුරුත් විනාසයි.. රටටම විදුලියත් කැපෙයි. බිලත් විශාල ලෙස ඉහළ යයි. නුසුදුස්සන් ඉහළ තානාන්තර වලට පත්කර ගැනීමේ විපාකය තමයි මේ...
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාපවේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...!! බලු රාජපක්ෂ පවුලට කඩේයන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වල් වහල් බලු මැක්කෝ බයියෝ ටික ඇවිස්සෙයි.
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේ යන වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්... ශාප වේවා! දෙවියන්ගේ ශාපය අත්වේවා...! දැන් බලු රාජපක්ෂ පවුලට බනිනකොට දැන් වහල් බලු මැක්කන් බයියන් ටික ඇවිස්සෙයි.
නාමල් රාජපක්ෂගේ මගුල් ගෙදර විදුලි බිල පියවන්නේ නැත්තේ ඇයි..?
කොච්චර බිල වැඩිකළත් පාඩුයි නම් විකුණලා දාන්න...
ලක්ෂ 10 පන්නලා මාසිකව පඩි ගෙවපුවාම ඒක ජනතාවගෙන් ඉල්ලන එක හරිද? වහාම ඒ දෝශ නිවැරදි කරන්න..!
කවම කවදාකවත් නොපියවෙන පාඩුව...!
දෙයියන්ගේ නාමෙන් මැතිවරණයක් ලංවෙලා මොවුන් ටික මකබෑවිලා ගියා නම් රටේ මිනිස්සුන්ට යහපතක් වේවි.
ආයෙ වැඩි කරලා නම් මීටරේ කියවන්න මිනිහෙක් නම් එවන්න එපා. රොබෝ කෙනෙක්වත් හදලා එවන්න. මොකද බිල අතට ගත්තාට පස්සේ වෙන දේ ගැන වගකියන්න බෑ...
විදුලි බල මණ්ඩලයේ, ඛණිජ තෙල් සංස්ථාවේ සුලු සේවකයා සිට විධායක නිලධාරියා දක්වා අනෙකුත් රාජ්‍ය සේවකයින්ට වඩා විශාල වැටුපකට හිමිකම් ලබනවා. ඒවගේම අනවශ්‍ය ලෙස රැකියා ලබාදී තිබෙනවා, ඒ අයගේ වැටුප් ගෙවන්න ඕන නිසා මිල කොපමණ වැඩි කලත් මදි. තව තවත් යටි මඩි ගහගහ ඉන්න. මිනිසුන් කොපමණ අපහසුවෙන්ද දැන් ජීවත් වෙන්නේ...? මොන ආණ්ඩුවත් එකයි. දැන් 225 කෝ,... එයලත් වැඩක් නොකරම පඩි ගන්නවා..