(විමුක්ති එස් රුද්‍රිගු)
ඉම්රාන් ඛාන්ට විරුද්ධව ඉස්ලාමාබාද් අධිකරණයේ ගොනු කර තිබූ දූෂණ චෝදනා සම්බන්ධ නඩුවකට වරදකරු වීම හේතුවෙන් එම අධිකරණය ඉම්රාන් ඛාන්ට වසර තුනක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කළේය.
එසේම වසර පහක් යනතුරු ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වීම ඉම්රාන් ඛාන් ට ඉස්ලාමාබාද් අධිකරණය තහනම් කර ඇත.
දඬුවම නියම කිරීමෙන් පසුව නිකුත් කළ වරෙන්තුව හේතුවෙන් ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහුව කොට් ලක්පට් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන් ගෙන් ලැබුණු ත්‍යාග පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දීමත් එම ත්‍යාග විකිණීමට උත්සාහ දැරීමත් යන චෝදනා වලට ඉම්රාන් ඛාන් වරදකරු වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ හොරකම් කරපු අය කවද්ද හිරගෙට යවන්නේ... ?
විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් ලැබුණු ත්‍යාග කිසිවකුට විකිණීමට නොහැකිය. එම ත්‍යාග ලැබෙනුයේ රටට මිස පුද්ගලයාට නොවේ. එමනිසා ලැබුණු ත්‍යාග පිළිබඳව සටහන් කර සුරක්ෂිතව තබාගැනීමට කටයුතු කළයුතුවේ....
ජනතාවට බොරු පොරොන්දු දීලා රවට්ටලා බලයට ආපු දූෂිත පවුල් පාලනේ අය රටම හොරාකාලා වළපල්ලට ඇදලා දැම්මා. සදහටම හිරේ ඉන්න ඕනෑ අයට අවුලක් නැහැ.
ඔය විදිහට රාජපක්ෂ පවුල කොහේද ඉන්න ඕන?