IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පොත් බෑගයේ අධික බරට විසඳුමක්


(යොහාන් භාසුර)
රජයේ පාසලවල අධ්‍යන වාරයක් සඳහා එක වැඩ පොතක් වාර තුනට වැඩ පොත කොටස් තුනකින් සිසුන්ට දීමට සැළසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩුකිරීමට මෙයින් අපේක්ෂා කරන බවත් සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කරගැනීමට ද මෙමගින් අපේකෂා කරන බවත් අමාත්‍යවරයා කීය.
මෙම තත්ත්වය වෙනස් කිරීම සඳහා 2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට විභාගයක් පමණක් පවත්වන බව ද කී අමාත්‍යවරයා එසේ වුවහොත් සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ විභාග ලකුණුවලට එකතු කරන බව ද සඳහන් කළේය.
මුලදී මෙය විභාග ලකුණු සියයට 70 ක් සහ මොඩියුලයේ ලකුණු සියයට 30 ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය සියටය 50 ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක වීමේදී පාසල් පැමිණීම, රැඳීසිටීම සහ එදිනෙදා පන්තියේ වැඩකිරීම අනිවාර්ය වන බැවින් අමතර පන්තියෑමට අවකාශයක් හෝ අවශ්‍යතාවක් පාසල් සිසුන්ට ඇති නොවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (1)

පොත් බෑගයේ අධික බරට විසඳුමක්

sena Monday, 07 August 2023 11:11 AM

පාසල් බෑගයේ බර අඩු කිරීම හොඳයි කියමුකෝ... නමුත් ළමයි පන්ති යන්නේ පහ වසරෙන් පස්සේ හොඳ ඉස්කෝලෙකට යන්න... ඊට පස්සේ සාමාන්‍ය පෙළ හොඳින් පාස්වෙලා වාණිජ වටිනාකමක් සහිත රස්සාවකට යන්න පුළුවන් විෂය ධාරවක් තෝරාගන්න.. ඊළඟට තියෙන අමාරුම වැඩේ විශ්වවිද්‍යාලයට තේරීම. ඉතින් පහසුකම් සහ අවස්ථා අඩුනිසා ළමයින්ට හැම තැනකදීම දරාගන්න අපහසු තරගයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා. පිළියම විය යුත්තේ ජාතියේ දරුවන්ට පහසුකම් සහ පාසල් හැරයන සියලු සිසුන්ට කුමක් හෝ රැකියාවක් ලබාගනිමට ඇති අවස්තා වැඩිදියුණු කිරීම. ඒක නොකර කරන මේ මල විකාරවලින් වෙන්නේ ගුරුවරුන්ගේ වැඩ අධික වීම සහ මොඩියුල් කරලා ඉවරවෙලා තියෙන තරග විභාග වලට සූදානම් වෙන්න ආයෙත් පන්ති යෑම... එතකොට වන්නේ මොඩියුල් කරන්න දවල් දවසේම දරුවා පාසලේ... ඊට පස්සේ රෑ 10 -11 වෙනකල් උපකාරක පන්තියේ - පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා කියන්නේ මේවට තමයි. මේ උදවියට බැහැ රටේ ප්‍රශ්න තේරුම් ගන්න හෝ ඒවාට උත්තර හොයන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site