(තිලකරත්න දිසානායක)
ගම්පහ , ඔරුතොට ප්‍රදේශයේ මහමග ගමන් ගනිමින් සිටි කාන්තාවකගේ ගෙල බැද තිබූ රන් මාලය කොල්ලකා ඇති පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී එය ගිල දැමූ බව යක්කල පොලීසිය පවසයි.
යතුරු පැදියකින් පැමිණ ඇති පුද්ගලයන් දෙදෙනකු කාන්තාවන්ගේ රන් මාලය කඩාගෙන ඇති බවත් අවට සිටි පිරිසක් පැමිණීම මත පැදිකරු පලා ගිය බැවින් මාලය අතැතිව සිටි කොල්ලකරු අල්ලා ගැනීමේදී එය ගිල ඇති බවත් පවසන පොලීසිය, සැකකරු පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් එක්ස් කිරණ පරීක්ෂණයට ලක් කිරීමේදී රන් මාලය උදරය තුල ඇති බව පෙනී ගිය බවද සදහන් කරයි.
යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සරත් බණ්ඩාර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් මාලය එළියට ගැනීම පිනිස සැකකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතැනම බඩ යන්න බැස්ටිය දීල එයා ලවාම හෝදලා හෝදලා ගන්න තිබුණා. එතැනම සිදු නොවුණත් පරක්කු වෙලා හරි වෙන්නේ ඔය ටික නේද?
අපි දන්නේ ඔයවගේ මාල හොරෙක්... දැන් ගිලින්නේ ජනතාවගේ සල්ලි...!
අර කළුතර පැත්තේ ඉන්න ලෝක ප්රසිද්ධ හොරුත් ඉස්සර කඩ ගත්තා. මාල ගිලලා... මෙයත් අනිවාර්යයෙන්ම එයාගේ ගෝලයෙක්... බයවෙන්න එපා.. ඔබත් මයිනාගේ පැත්තෙන් හරි, පොඩි මයිනාගේ පැත්තෙන් හරි ඡන්දෙ ඉල්ලන්න. අනිවාර්යයෙන්ම ඇමැති කෙනෙක් වෙන්න පුළුවන්.
සුප්රසිද්ධ මාල හොරා කෝච්චියේදී යෙදු උපාය මාර්ගය කුමක්ද?