අඩි 25ක් උස තාප්පය පෙදරේරුවන් දෙකක් බිලිගනියි නුවරඑළිය නගර ආසන්නයේ කොන්ක්‍රීට් තනමින් සිටී පෙදරේරුවන් දෙදෙනෙකුගේ ඇඟට අඩි 25ක් උස තාප්පයක් අද (16) සවස කඩා වැටී පුද්ගලයන් දෙදෙනා එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්වූ බව නුවරඑළිය පොලිසිය සඳහන් කරයි. 16 June 2023
පැලවත්තේ අයකු කපාකොටා මරා දමලා වෑන් රථයකින් පැමිණි පිරිසක් මීගහතැන්න පැලවත්ත නගරයේ දී අද සවස පුද්ගලයකු කපා කොටා ඝාතනය කර ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි. 16 June 2023
ද සොයිසා රෝහලේ දුර්ලභ දරු ප්‍රසූතියක් කලලය ගර්භාෂයෙන් පිට වඩවැල්වලට අලුනු වැදෑමහක පිහිටා තිබූ ඉතා සංකීර්ණ කලලයක් සහිත මවක් කොළඹ ද සොයිසා රෝහලේ අද (16) සාර්ථක සිසේරියන් සැත්කමකින් බිළිදියක් බිහිකළාය. 16 June 2023
ඉංග්‍රීසි ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගන්නවා ඉදිරි වසර පහ ඇතුලත ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමට අවශ්‍ය ගුරුවරුන් හා යටිතල පහසුකම් ලබා දී ඉංග්‍රීසි භාෂාව ජාතික භාෂාවක් ලෙස ඉදිරියට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 16 June 2023
බාල නිර්වින්දන එන්නතක් දී විදුහල්පතිනියක් මරුට ප්‍රමිතියෙන් තොර නිර්වින්දන එන්නතක් ලබාදීමෙන් අසාධ්‍යව පේරාදෙණිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි විදුහල්පතිනියක් අද (16) මිය ගියාය. 16 June 2023
සරසවිවල වටපිටාව දරාගන්න බෑ: රූමි රූබන් කියයි විශ්වවිද්‍යාල පරිසරයේ පවතින යම් යම් පීඩාකාරී තත්වයන් හේතුවෙන් දරුවන් සියදිවි හානිකර ගැනීම වැනි ඉරණම්වලට ගොදුරුවිය හැකි බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා පැවසීය. 16 June 2023
ගණිකා මඩම් හයකින් 25ක් අල්ලයි උසස් පොලිස් නිලධාරීන්ගේ ආශිර්වාදය මැද්දේ මාලඹේ කඩුවෙල හා තලංගම ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය ලෙස පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථාන හයක් වටලා තරුණියන් 25 දෙනකු ඇතුළු 31 දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බළකාය කියයි. 16 June 2023
සාත්තු සේවිකාවෝ ගුටි ඇන ගනිති ගලෙන්බිඳුනුවැව මූලික රෝහලේ සේවය කරන සාත්තු සේවිකාවන් දෙදෙනකු එකිනෙකාට පහරදීම් සිදුකර ගැනීම නිසා දෙදෙනාම තුවාල ලබා එම රෝහලේම වාට්ටු දෙකක ප්‍රතිකාර ලබමින් පසුවන බව ගලෙන්බිඳුනුවැව පොලීසිය පවසයි. 16 June 2023
සබරගමු ආණ්ඩුකාර වැටුප ඉගෙන ගන්න දරුවන්ට දෙයි සබරගමුව පළාත් නව ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා සිය මාසික වැටුප පළාතේ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා යොදවන බව ලිපියක් මගින් දැනුම් දී ඇත. 16 June 2023
පරිපූරක වෛද්යවෘත්තියවේදීන් වැඩ වර්ජනයකට සූදානමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ගැටලුවලට ආණ්ඩුවේ ප්‍රතිචාර දක්වන ආකාරයට විරෝධය දක්වමින් පරිපූරක වෛද්‍යවෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ මණ්ඩලය ඉදිරි දින 7 තුළ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් මහතා පැවසීය. 16 June 2023
සිසුවෙක් සිසුවියකගේ කටට ගලකින් ගහලා අලුත්ගම දර්ගා නගරය ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයේ පාසල් කාලයෙන් පසු අතිරේක පන්තියකට සහභාගි වීමට පන්ති කාමරයේ සිටි 16 හැවිරිදි සිසුවියකට පාසලේම වෙනත් සිසුවකු එල්ල කර ගල් ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් කර ඇතැයි පොලිසිය කියයි. 16 June 2023
පාන් බනිස් අඩු කරන්න බලපත්‍රයක් හරස් වෙයි පාන් බනිස් ඇතුළු බේකරි නිෂ්පාදන රුපියල් 10 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබුණ ද බලපත්‍ර ලාභීන්ට පමණක් තිරිගුපිටි ගෙන්වීමට අවස්ථාව ලබා දීමට ගෙන ඇති තීරණය හේතුවෙන් පාන් බනිස් මිල අඩු කිරීමේ තීරණය අත්හිටුවීමට සිදු වූ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් . කේ. ජයවර්ධන මහතා පවසයි . 16 June 2023
රුසියන් සහායක ගුවන් නියමුවා හදිසියේ මරුට රුසියානු එරොෆ්ලොට් ගුවන් සේවයේ සහාය නියමුවකු ඊයෙ (15) රාත්‍රී ඔහු නවාතැන් ගෙන සිටි හෝටලයේ ඇද වැටීමෙන් මරණයට පත් වී ඇති බව කටුනායක පොලිසිය කියයි. 16 June 2023
කුල දරුවන් සසුන් ගත කිරීමේ අවම වයස් සීමාවක් කුල දරුවන් සසුන් ගත කිරීමට අදාළව අවම වයස් සීමාවක් පිළිබඳව මල්වතු හා අස්ගිරි මහනාහිමිවරු සමඟ පැවැති සාකච්ඡාවේදී මේ පිළිබඳව කාරක සංඝ සභාව සමඟ තවදුරටත් සාකච්ඡා කර ඉදිරියේ දී තීරණයක් ගැනීම වඩාත් සුදුසු බව උන්වහන්සේලා අනුශාසනා කළ බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 16 June 2023
ජපුර සරසවි සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවෙකුගේ සිරුර සිය නේවාසිකාගාරය තුළ දී එල්ලෙමින් තිබියදී අද (16) සොයාගත් බව මහරගම පොලිසිය පවසයි. 16 June 2023
පේරාදෙණිය සරසවි සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ එල්ලෙයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුවෙකුගේ සිරුරක් විශ්ව විද්‍යාලය තුළ එල්ලෙමින් තිබියදී අද (16) පෙරවරුවේ සොයාගත් බව පේරාදෙණිය පොලීසිය කියයි . 16 June 2023
ට්රැක්ටරය පෙරැළි යුද හමුදාවේ 7ක් රෝහලේ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානය අසල සුභ සාධක කටයුතු වල යෙදී සිටි හමුදා මහ ට්‍රැක්ටර් රථයක් අද (16) පෙරවරුවේ පෙරලී යාමෙන් එහි ගමන් ගත් හමුදා නිළධාරීන් හත් දෙනෙකු තුවාල ලබා කතරගම දිසා රෝහල වෙත ඇතුලත් කර ඇත. 16 June 2023
අයවැය කාර්යාල පනතට මුදල් කමිටුවේ අනුමැතිය පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සඳහාවූ පනත් කෙටුම්පතට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමතිය හිමිවිය. 16 June 2023
හමුදා බසය ලොරියක ගැටී දෙදෙනෙක් මරු දකිති දොම්පෙ දෙල්ගොඩ දී බස්රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් ලොරි රථයේ ගමන්ගත් දෙදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 16 June 2023
ඖෂධවේදීහු වැඩවර්ජනයක් අරඹති ජාතික ඖෂධ නියාමන අධිකාරියට අනියුක්තව සේවය කරමින් සිටි ඖෂධවේදීන් 18 ක් හිටි හැටියේ සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහැරීමට විරෝධය දක්වමින් රට පුරා රජයේ රෝහල්වල ඖෂධවේදීහූ අද (16) පෙරවරුවේ සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළහ. 16 June 2023
පාසල් යන්න සිටි මව-දියණිය ලොරියකට යට වෙති වවුනියාව , මන්නාරම මාර්ගයේ පූවරසකුලම් කන්නාට්ටි හීදි ලොරි රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ධාවනය වීම හේතුවෙන් මව සහ හය හැවිරිදි දියණිය ජීවිතක්ෂයටපත්ව ඇතැයි පරයානකුලම් පොලිසිය කියයි. 16 June 2023
සිවුවන වරටත් ලංකාවේ අංක එක පේරාදෙණි සරසවිය ටයිම්ස් උසස් අධ්‍යාපන ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය නැවතත් ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වවිද්‍යාලය බවට නම් කොට තිබේ . 16 June 2023
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ 27 අරඹයි අපොස උසස් පෙළ විභාගයේ (2023) ලිඛිත පරීක්ෂණයට පෙනී සිටි අයදුම්කරුවන්ට සෞන්දර්ය සහ තාක්ෂණවේදය විෂයන්වලට අදාල ප්‍රායෝගික පරීක්ෂණ මේ මස 27 වැනිදා සිට ජූලි මස 31 වැනිදා දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. 16 June 2023
දෙපාර්තමේන්තු දෙකක් වහයි රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත. 16 June 2023
රන් මිල යළි ඉහළට ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තරමක් ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. 16 June 2023
මගී නැවතුමට බසය කඩා වැදිලා:ආච්චිත් මුණුපුරාත් රෝහලේ ගම්පහ සිට නාවින්න දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන මිරිස්වත්ත ප්‍රදේශයේදී බස් නැවතුමකට කඩාවැදීමෙන් , බස් රථයක් පැමිණෙන තුරු බස් නැවතුමේ රැදී සිටි දෙදෙනෙකු තුවාල ලබා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කොට ඇත. 16 June 2023
ආරවුල මරණයෙන් කෙළවර වෙයි දෙපාර්ශවයක් අතර පැවැති අරාවුලක් දිග දුර ගොස් ඇතිවු බහින් බස්වීමකදී එක් අයෙකුගේ හිසට බ්ලොක් ගඩොලකින් පහර දීමෙන් ඔහු බරපතල තුවාල සහිතව කෑගල්ල මභ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවසිය. 16 June 2023
ඌරකු නිසා පුද්ගලයෙක් අවසන් ගමන් යයි වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ වැලිහිඳ පන්සල අසලදී මාර්ගයේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ඌරෙකු ගැටීමෙන් එම යතුරු පැදියේ ගමන් කළ දෙදෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් අයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වැලිගම පොලිසිය කියයි. 16 June 2023
බස් - බස් ගැටී සිසුන් 13ක් රෝහලට දියතලාව බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ කහගොල්ල ප්‍රදේශීය අද 16 උදේ පාසල් බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් පාසල් ළමුන් 13න් දෙනකු සහ එහි රියදුරු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව පොලීසිය කියයි. 16 June 2023
අනියම් පෙම් කතක් මරයි ලාබාල අයකු හා තවත් අයකු සමග අනියම් සම්බන්ධයක් පැවැත්වූ තිදරු මවක එක් අනියම් සැමියකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 16 June 2023
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026