(මහින්ද නිශ්ශංක)
ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද(4) රාත්‍රි 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනබව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.
යාල් නිලා ලෙස නම්කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරේ ට ළගා වීමෙන් අනතුරුව ලබන ඉරිදා (6) රාත්‍රි 10ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයෙන් පිටත්ව කොළඹ කොටුව හා ගල්කිස්ස බලා ධාවනය වේ.
යාල් නිලා සංචාරක දුම්රියක් වන අතර මෙහි පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 4000ක්ද දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000ක් හා තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල්. 2000 ක් ද වන අතර මුදලට පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
මෙම වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය ලබන 18 දා සිට දිනපතා ධාවනය කෙරෙන බව ද දෙපාර්තමේන්තු උසස් නිලධාරියෙක් කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම දුම්රිය ධාවනයේ යෙදවීම බෙහෙවින් අගය කළ යුතු ක්රියාවකි. නමුත් ප්රවේශපත්ර නිකුත් කරන්නේ මුදලට පමණක් වීම ගැටලුවකි. විශ්රාමික ප්රජාවට හා රජයේ සේවකයින්ට එයින් ප්රයෝජනයක් වේද? යථා කාලයේදී මේ පිළිබඳව සලකා බලත්වා...!
Online ක්රමයට ටිකට් නිකුත් කිරීම ආයතනයටත් මහජනතාවටත් ඉතාම හොඳ ක්රමයකි. විදේශිකයින් වඩා ආකර්ෂණය කරන බැවින් ඒ සඳහා app එකක් යොදාගන්න...
විශේෂයෙන් වැසිකිළිවල පිරිසිදුකම ගැනත් අවදානය යොමුවිය යුතුයි...