
(කේ. බුද්ධික කුමාරසිරි)
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ලබා දෙන පුහුණුව හෝ පෙර පාසල් ඩිප්ලෝමාවක් නොමැතිව ඉදිරියේදී පෙර පාසල් පවත්වාගෙන යෑමට අවස්ථාව ලබා නොදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (03) කඩුවෙල බෝමිරිය දී පැවසීය.
නිසි ක්‍රමවේදයක් නොමැතිව අවුරුදු තුන හතර වයසේ දරුවන්ගේ මනස අවුල් කළහොත් එය නැවත සෑදීමට පාසල් අධ්‍යාපනට නොහැකි බවත් අවධිමත්ව පෙර පාසල් පැවැත්වීමට අවස්ථාව දිය නොහැකි බවත් මෙහිදී අමාත්‍යවරයා පැවසීය.
මෙරට පෙර පාසල් ගුරුවරුන් හතලිස් දහසක් සහ විවිධ වර්ගවල පෙර පාසල් දහනව දහසක් පවතින බවත් අවසානයේ සියලු දරුවන් පාසල් අධ්‍යාපනයට එක් වීමේදී ගැටළු සහගත තත්වයක් පවතින බැවින් යම් රාමුවක් තුල නිශ්චිත ක්‍රමවේදයක් යටතේ අදාල පෙර පාසල් පැවැත්වීම අත්‍යාවශ්‍ය බවද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දියවන්නාවේ ඉන්න නොසුදුසු පුද්ගලයින්ට වැට බඳින්න කව්රුවත් නැද්ද?
නුසුදුසු මැති ඇමැතිවරුන්ට...!
හොඳ තීරණයක්
නුසුදුසු පුද්ගලයින් දේශපාලනයට එන එක නවත්තන්නත් ක්‍රියාමාර්ග ගන්න.