(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් මිල සූත්‍රයට අනුව හෙට (4) මාධ්‍යම රාත්‍රීයේ සිට ගෑස් මිල ඉහළ යනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ලෝක වෙළෙඳපොලේ ගෑස් මෙටි්‍රක්ටොන් එක මිල ඇමරිකානු ඩොලර් 78 සිට ඩොලර් 85 දක්වා ඉහළ ගොස් ඇති බවත් එය ද මිල සූත්‍රයට ඇතුළත් කර නව මිල ගණනය කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ නිලධායෙක් පැවසීය.
මෙම මස (අගෝස්තු) ගෑස් මිල හෙට (4) පෙරවරුවේ කොළඹ 2, පිහිටි ලිට්‍රෝ ගෑස් සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ප්‍රකාශ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් මිල වැඩිකිරීම ඉතාම හොඳයි. ලෝකයේ ප්‍රෞඩ ජාතිය හිඟමනටම වැට්ටවීම තමයි සිංහලයා විසින් කළයුතුව ඇත්තේ... කාටද ආඩම්බර....? පැනගනිල්ලා.. පිටරටකට... ඊට පස්සේ ඒ රටවලින් කාලා බඩ දිග හැරුණාම ආයේ දේශප්‍රේමීකම ඔලුවට ගහලා ඒ රටවලටත් ගරහලා, කාපු පතේ පහරලා, ලංකාවට අතින් වියදම් කරගෙන වරෙල්ලා ඡන්දේ දාන්න. ලංකාවේ කන්න නැතිව පිටරටකට පැන ගත්තත්, ඒ රටවල ඉඳගෙනත් කරන්නේ ලංකාවේ දේශපාලකයින්ට ආවඩන එකනේ මේ අය...
මොනවා වෙන්නද? පසුගිය මාසයේ අඩුකිරීම දෙතුන් ගුණයක් වැඩිකරාවි වෙන මොකුත් වෙන්නේ නැහැ...