(කේ. බුද්ධික කුමාරසිරි)
කඩුවෙල වැලිවිට අටේ කණුව වැව පාර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී හමු වූ නිරැවත් පුද්ගල මල සිරැර සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙකු අද (03) සවස කඩුවෙල මහේස්ත්‍රාත් නිල නිවස වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාළයක් රදවා ගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අවසර ලබා දුන්නාය.
අදාල ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන කඩුවෙල පොලිසිය විසින් කරන අධිකරණයෙන් එම ඉල්ලීම සිදු කරන ලදී. මෙලෙස මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කරන ලද්දේ වැල්ලම්පිටිය මෙගොඩ කොලොන්නාව පදිංචිකරුවකු වන මුණවිර කන්කානමගේ දිනේෂ් ඉරෝෂණ තරින්ද වැල්ලම්පිටිය කිත්තම්පහුව ලන්සියාවත්ත පදිංචිකරුවකු වන කුලසේකර මුදියන්සේලාගේ සුසන්ත ප්‍රියදර්ශන කුමාර ත්‍රිරෝද රථ රියදුරෙකු වූ අංගොඩ කැළණිමුල්ල පදිංචිකරුවකු වන විජේසූරිය ආරච්චිලාගෙ තුසිත සම්පත් යන අය වේ.
එලෙස ඝාතනයට ලක් ව තිබුණේ අංගොඩ ගොතටුව නින්දහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු වන පාලු පීරීස්ගේ දොන් පසිදු චාමර මධුසංඛ නොහොත් කොට චාමර නැමැත්තෙකි.
සැකකරුවන් තිදෙනා සේවය කල මත්ද්‍රව්‍ය ජාවාරම්කරැවෙකු සම්බන්ධයෙන් ඔත්තුවක් ලබා දුන් බවට වූ කාරණයක් මත ප්‍රධාන සැකකරු විසින් ඝාතනයට ලක් වූ පුද්ගලයා සෙගොඩ කොලොන්නාව පිහිටි සිය නිවස වෙත කැදවා ගෙන ගොස් එහි දින දෙකක් රදවා ගනිමින් අනෙක් සැකකරුවන් දෙදෙනා හා එක්ව පහර දී ඝාතනය කර ත්‍රී රෝද රථයකින් කඩුවෙල වැව පාර ප්‍රදේශයට ගෙනැවිත් දමා තිබූ බව මෙහිදී අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන මගුලකටද ඔබලා කෝටි දහස් ගණන් වියදම් කරලා උපදේශකයින් දාගෙන අස්වැසුම ප්‍රතිලාභීන් හෙව්වේ...?
අස්වැසුම නැති පවුල් හාරලක්ෂයකට සමෘද්ධිය.... කඩුවෙල වැලිවිට අටේ කණුව වැව පාර ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී හමු වූ නිරුවත් පුද්ගල මළ සිරුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙකු අද (03) සවස කඩුවෙල මහේස්ත්‍රාත් නිලනිවස වෙත ඉදිරිපත් කිරීමෙන් පසු පැය 48 කාලයක් රඳවාගෙන වැඩි දුරටත් ප්‍රශ්න කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය අවසර ලබා දුන්නාය...
ආණ්ඩුව වගේ.... පේන්නේ එකක්. ඇතුලාන්තය තව එකක්...
අස්වැසුමේ ප්රශ්නය හින්දා මැති ඇමැතිලාට ආරක්ෂක හිස්වැසුමක් නැතිව පාරේ යන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ.