
(සනත් ගමගේ )
පැය දෙකක් හෝ තුනක් හම්බන්තොටට විදුලිය කපා, ජලය නැතිව විනාශයට ලක්වන කුඹුරු වගාව බේරා ගැනීමට සමනල වැවේ ජලාශයෙන් ඉක්මනින් ජලය ලබා දීමට වහා පියවර ගන්නැයි හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම ගොවි සංවිධාන ඒකාබද්ධව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව රැස්වීමේදී ඉල්ලීමක් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී සුමනසේකර මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී කීය.
වලව මහවැලි කලාපයට අයත් මුරවැසිහෙන සහ මයුරපුර කලාපවල දැනට වගා කර ඇති හෙක්ටයාර 9000 පමණ ප්‍රමාණයෙන් සියයට 70 පමණ වී වගාව ජලය නොමැතිකම හේතුවෙන් විනාශයට පත් වෙමින් පවතින බව වලව මහවැලි කලාපයේ ජල පාලන අංශයේ නිලධාරීවරිය කෘෂිකර්ම කමිටු රැස්වීමේදී සඳහන් කළාය.
වී වගාව හානි වීමෙන් පසුව ගොවීන්ට වන්දි මුදල් ලබා දීමක් සිදු කරනවාට වඩා සමනලවැව ජලාශයේ ජලය උඩවලවට ලබාදීම තුළින් හම්බන්තොට දිස්ත්‍රික් දිස්ත්‍රික්කයේ විනාශයට පත් වෙමින් පවතින මෙම කුඹුරු ආරක්ෂා කර ගැනීමෙන්ජාතික නිෂ්පාදනයට දායකත්වයක් ලබාදීමට හැකිවන බවද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.
ඒ අනුව මෙම ගොවි සංවිධානය එකාබද්ධ ව ඉදිරිපත් කළ යෝජනාව කෘෂිකර්ම අමාත්‍යාංශයට හා වාරිමාර්ග අමාත්‍යාංශයට යොමු කිරීමට පියවර ගන්නා බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් සුමනසේකර මහතා මෙහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම සෙල්ලම් එක කාලකණ්ණියෙක්ගේ කම්පැණියෙන් විදුලිය වැඩිමිලට අරගෙන අපේ බදුසල්ලි වලට දෙන්න තමයි.
නිසිකලට ජලාශ නඩත්තු නොකිරීමේ විපාක විඳින්නේ පොදු ජනතාවයි... බලධාරින් සැප කාමරවල සුවසේ සිටිති...!
තව මොන කතාද? මමත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ... අපිට පැය තුන හතරක් විදුලිය කැපුණත් කමක් නැහැ. පවතින වගාව බේරා ගැනීමට ජලය ලබාදෙන්න. මෙය පුන පුනා කිවයුතු දෙයක් නොවේ. දුර්දාන්ත රජයකට මෙය නොතේරෙන එකයි අරුමය.